අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
බුද්ධ
බුද්ධ බෝධිය
2024-08-08
සම්මා සම්බුදු වරයෙක් බිහි වීම විශ්වයේ අතිශය දුර්ලභ සංසිද්ධියකි. සත්වයා, බෝසතා, බුදුවරයා යන අවස්ථාවන් පසු කරමින් පැමිණ සත්වයා පිළිබඳ අපරිමිත මහා කරුණාව නිසා ඍද්ධිපාද වැඩීම තුලින් විශ්වයේ සියලුම සංඛ්‍යාතයන් අභිබවා යමින් සත්ව ලෝකයට අදාල වන්නාවූ සියළුම ධර්මතා සම්මා සම්බුදුවරයා විසින් අවබෝධ කරයි. ඒ අවබෝධයේ කෙළවරක් නොමැති බැවින් එක්තරා සීමාවක, බෝධි මූලයක පිහිටමින් සත්වයා වෙනුවෙන් කටයුතු කරයි. එය සම්මා සම්බුදුවරයෙකුගේ බුද්ධ බෝධියයි.
රහත් වීම හා බුදු වීම කියන්නේ විශ්ව නියාමයන්. ඒ නියමයන් කතා කරන්නේ බුද්ධ විෂය තුළ. කෙනෙක් ඒ නියමයන් දැනගෙන ඒ ගැන කතා කරා කියලා රහත් වෙන්නේ හෝ බුදු වෙන්නේ නෑ. ඒක හරියට මේ වගේ. යම් ගසක බීජය ඊට අදාල පරිසරය හා සාධක හරියාකාරව සැකසීමෙන් හා ලැබීමෙන්, වෘක්ෂයක් බවට පත් වෙනවා. මේ පිළිබඳ තොරතුරු විශ්ලේෂණාත්මකව කවුරුහරි දැනගෙන ඉන්න පුළුවන්. නමුත් මිනිස්සු ඒක දැනගෙන හිටියා කියලා ගස් හැදෙන්නේ නෑ. ඒ අවශ්‍ය හේතු සාධක සැපිරෙන්න ඕනා.
රහත් වීම සහ බුදු වීම විශ්ව නියාමයක් යැයි කීමෙන් සත්වයා ඒ පිළිබඳ ව කිසි දෙයක් නොකර සිටීමෙන් රහත් හෝ බුදු වන බව අදහස් වෙන්නෙ නෑ. යම්කිසි කෙනෙක් යම් ක්‍රමවේදයක් හරියාකාරව ක්‍රියාත්මක කළොත්, හේතු හෝ කුසලයන් පූර්ණ කළොත්, ඒකට අදාල ප්‍රතිඵලය ලැබෙන එක නියාමයක් ධර්මතාවයක් බවයි මෙයින් කියවෙන්නේ. ආකර්ෂණ නීතිය ගත්තොත්, එහෙම නියමයක් තිබුන කියලා, සත්වයෝ ඔක්කොම එකම විදියට ඒකට ගෝචරයි කියලා අපිට පේන්නේ නෑ. ඒකට අවශ්‍ය සාධක සැපිරුණොත්, ඒ ඒ විදියට ආකර්ෂණය ලැබෙන බව විමසිලිමත්ව බැලුවොත් පේනවා. ඕනම කෙනෙකුට බුදුවෙන්න රහත් වෙන්න පුළුවන්. ඒ ධර්මතාවය ස්වභාවය විශ්වයේ තියෙනවා. නමුත් ඒ සඳහා සැපිරිය යුතු කරුණු කාරණා තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය සැකසෙන විට අදාල නියමයන්ට අනුව ඵලයන් ලැබෙනවා.
බුදු වෙන්න නම් ඊට අදාළ සැකැස්ම තියෙන්න ඕන. කෙනෙක් බුදු බවට පත්වෙනවා නම් ඒ ගමන් මාර්ගය ඇරඹෙන්නේ, බුද්ධ බීජය හරහා. ඊට පස්සේ ඒ කෙනා තමන් තනියෙන්ම ඒ බීජය මල්ඵල දරන ගසක් බවට පත් කරගෙන ඒ ලැබුන ඵලය තනියෙන් භුක්තිවිදින තත්ත්වයට පැමිණෙනවා. ඒක තනිකරම මහායාන මාර්ගය. මහායාන කියන්නේ මහා ඥාන කියන එක. ඊට පස්සෙ ඒ ගසේ ඵල ඒ ගහ වෙත එන අන් අයටත් දෙනවා. ඒ විදියට ඇවිල්ලා ඒ ඵල භුක්ති විදින අය දන්නෙ නෑ කොහොමද මේ ඵලය හැදුනේ කියලා. හැබැයි බුදුවරයා ආරම්භයේ ඉදන් මේ ඵලය දක්වා සියල්ලම අතැඹුලක් සේ දන්නවා. ඒ තමයි සම්මා සම්බුද්ධ. මේ බුද්ධ බීජය ලබන අය දුර්ලභ පිරිසක්. හරියට අරලිය මල් අතර පෙති හතරේ අරලිය මල් පිපෙනවා වගේ. සම්මා සම්බුද්ධ වුණා කියන්නේ මුළු විශ්ව ලෝක ධර්මතාවයම දැන ගත්තා කියන එක.
ඒ අතරදී තවත් බුදු වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් හමුවුණොත්, අර ඵලය ලබාගන්නා මාර්ගය ඒ බෝධිසත්වයන්ට දෙනවා. ඒ බෝධිසත්වයන් එම ඵලය යම් ප්‍රමාණයකට අත්විඳීමකුත් සිදුවෙනවා. ඒ තුළින් බීජය රෝපණය කරගෙන ගසක් දක්වා වර්ධනය කරගෙන පල හටගන්න තත්ත්වයට එනකන් යන ක්‍රියාවලියකට සමාන සංසිද්ධියක් අලුතෙන් හටගන්නවා. මේ පරිපූර්ණ බුද්ධිය සකස් කරන ක්‍රියාවලිය මුල සිට අගට අවබෝධ කරගැනීමත් ඒ අවබෝධය තුළ වාසය කිරීමත් බෝධිමූලය ලෙස හඳුන්වනවා. මේ තුළ බුද්ධ බීජය ලැබුණු දා ඉඳන් පළවෙනි චිත්තයේ පටන් සම්මා සම්බුද්ධත්වය දක්වා සියල්ල අවබෝධයි. ඒ තුළ සත්වයාට සාපේක්ෂකව ඔවුන් සසරින් ගලවන්න ක්‍රම හදන්න මාර්ග දර්ශනය ගොඩනගන්න පුළුවන් වෙනවා. නමුත් එක දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි බුදුවරුන්ට සත්වයා වෙනුවෙන් හේතු හදන්න බෑ. සත්වයාගේ පැත්තෙන් හේතු සකස් වුණොත් පමණයි, සසරෙන් ගලවන්න පුළුවන් වෙන්නේ.
බුදුවීම හා බුද්ධ බෝධිය කියන්නේ සංසිද්ධි දෙකක්. පූර්ණ බුද්ධ ස්වභාවය තුළ ඉඳගෙන සත්වයා සමග ගණුදෙනු කරන්න බෑ. න්‍යායන් විතරයි පෙනෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ බුද්ධත්වය පිරිනිවන් පානවා. අවබෝධය අතහැරලා ආපහු මනසට එනවා. ඒක තමයි පිරිනිවීම කියන්නේ. බුද්ධ ස්වභාවය අවබෝධය අතහැරියට ඒක එහෙම නැති වෙන්නේ නෑ, ඒක ඥානයක් බවට පත්වෙනවා. හැකියාවක් වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒ තුළ ඉඳගෙන උත්තර දෙන්න පුළුවන්. මනස ඥානයත් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා. බුද්ධ ස්වභාවයේ අවස්ථා තුනක් තියෙනවා. බෝසතාණන් බුදුවීම කියන්නේ බුද්ධිය ඉපදීම, බුද්ධිය පූර්ණත්වයට පත්වීම, බුද්ධිය අතහැරීම හෙවත් පිරිනිවන්පෑම කාරණා තුනටම. මේ තුනම එක වෙලාවේ තමයි සිද්ධවෙන්නේ. ඊට පස්සේ නැවත මනසට ඇවිල්ලා බෝධිය තුළ ඉඳන් තමයි සත්වයාට සේවය කරන්නේ. සම්බුද්ධ පරිනිර්වාණය කියන්නේ බුදුන් කය අතහැරීම. ඒකයි පිරිනිවීමයි කියන්නේ සංසිද්ධි දෙකක්.
බෝධිය කියන්නේ බුද්ධිය. මෛත්‍රිය බෝධිය තුළ තියෙන්නේ අවංකත්වය පාරිශුද්ධත්වය මත බුදු වීම තුළ තියෙන ධර්මතාවයන්. ඒ තුළින් බුදු වෙනවා කියන්නේ මුළු විශ්ව ලෝක ධර්මයම ඒකට ගෝචරයි. ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වුනේ මැදුම් පිළිවෙත තුළින්. අවංක පාරිශුද්ධත්වය තුළින් අහුවෙන්නෙත් මැදුම් පිළිවෙතම තමයි. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයෙදි සියල්ලෙන් මිදීම කියන කාරණය තුළ අවංක පාරිශුද්ධත්වය හා මැදුම් පිළිවෙත තියෙනවා.
බුද්ධ බෝධිය ඥානයක් විදියට තමයි තියෙන්නේ. සම්මා සම්බුද්ධත්වය හා මහා කරුණාව තුළ තියෙන සුවිශේෂී කාරණයක් තමයි, මුලින්ම තමා තුළ සම්මා සම්බුද්ධත්වය කියන තැනට පත් වෙනවා. ඒක සිදුවන්නේ මෙහෙමයි. ඍද්ධිපාද වැඩීම හෙවත් සාපේක්ෂ වැඩීම හරහා සියලු සත්වයන් ඇතුලත් සතිව ලෝකය බුදුන් තුළ අන්තර්ගත වෙනවා. ඒ අභ්‍යන්තර සත්ව ලෝකය තුළ තමයි මුලින්ම බුදුවන්නේ. එතනදී බුදුවීම, බුද්ධ පූර්ණය හා පිරිනිවීම යන කාරණා තුනම සිදුවෙනවා. බුද්ධිය පිරිනිවීම තුළ එය ඥාන බවට පත් වෙනවා. තිස් එක් තලයට අදාල සියලු ඤාණ සියලු කාරණා පූර්ණත්වයට පත් වෙනවා.
"සම්මාසම්බුද්ධ ඥානෙන සම්මා සම්බුද්ධ සාසනං"
සම්මා සම්බුද්ධ, සම්මා සම්බුද්ධ ශාසනය, 62 නමක් මහා ශ්‍රාවකයන් ඥාන ලෙස බුද්ධ තුළ පහළ වෙනවා. පාරමී බලය තුළින් තමයි මේක සිද්ධ වෙන්නේ. තමන්ගේ ලෝකය තුළ පහළ කර ගත්තා වූ ඒ සාසනය බාහිර ලෝකයේ ස්ථාපිත කරනවා. කල්ප ගණනකින් සිදුවන අති දුර්ලභම කාරණය තමයි මේක. එතකොට තිස් එක් තලයට අදාල මහරහතුන් 62 නමත් , සිවුවනක් පිරිසත් කියන සමස්තය එකතුව තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. මේ කාරණයේදී එතන පුද්ගලයෙක් නෙවෙයි, යාන්ත්‍රණයක් තියෙන්නේ. මුලදී පදනම් වෙන්නේ හේතු ඵල හා තොරතුරු මත. විවරණ තුළින් තමයි ඊළඟට අදාළ කාරණා සැකසෙන්නේ.
සම්මා සම්බුදු බුදු වරයෙක් තමන් විසින් සාක්ෂාත් කල බුද්ධත්වය සනාථ කරගන්නා විශ්ව නීති නවයක් ඇත.
1. තම බුද්ධත්වය පිළිබඳව බුදුවරයා හට සැකයකින් තොරව සනාථ විය යුතුය.
2. බුදුවරයාගේ බුද්ධත්වය සත්වයා විසින් නිසැකව පිළිගත යුතුය.
3. ධර්ම න්‍යායට අනුව ගලපා බැලූ විට බුද්ධත්වය සනාත විය යුතුය.
4. සොබාදහම හෙවත් පැවැත්ම තුල, බුද්ධගේ නොපැවැත්ම සනාත විය යුතුය. එනම් බුද්ධ කොපමණ නොපැවැත්මේ ගුණයෙන් යුක්තද යන්න සොබාදහම තුළ තහවුරු විය යුතුය.
5. අග්‍ර ශ්‍රාවකයා හට සැකයකින් තොරව බුද්ධගේ බුද්ධත්වය සනාත විය යුතුයි. අග්‍ර ශ්‍රාවකයා වන්නේ ඊළඟට බුදු වන්නට සිටින බෝධිසත්ව වරයායි. එනම් ප්‍රධාන ශ්‍රවණය කරන්නායි.
6. අග්‍ර උපස්ථායකයා හට බුද්ධගේ බුද්ධත්වය සැකයකින් තොරව සනාත විය යුතුයි. අග්‍ර උපස්ථායකගේ කාර්යය වෙත තබන විශ්වාසය මත තමයි බුදු වරයා බුද්ධ ස්වභාවයෙන් වැඩ ඉන්නේ විට ලෝකයත් එක්ක ප්‍රධාන වශයන් ගනුදෙනු කරන්නේ.
(අග්‍ර ශ්‍රාවකයා සහ අග්‍ර උපස්ථායකයා යනු ද බුදුවරුන් සම්බන්ධ ධර්මතාවයකි. සොබාදහමෙන් සම්පූර්ණයෙන්ම මිදුනු බුදුවරයා සොබාදහම සමග සන්නිවේදනය කරන්නේද, සොබාදහම තුල පැවැත්ම නිර්මාණය කර ගන්නේද, අග්‍ර ශ්‍රාවක හා අග්‍ර උපස්ථායක යන ධර්මතාවයන් හරහායි. පුද්ගල ස්වභාවයෙන් ගත්විට අග්‍ර ශ්‍රාවක හා අග්‍ර උපස්ථායක එක් අයෙකු හෝ දෙදෙනෙකු විය හැකිය)
7. බුද්ධගේ ධාතු කයෙහි සෛල තුල න්‍යෂ්ටිය මට්ටමේ ක්‍රියාත්මක වන ශක්ති ක්‍රියාවලිය බුද්ධත්වය සමග අනුගත වීම තුල එම ශක්ති ක්‍රියාවලිය බුද්ධත්වය පිළිගත්තා වෙනවා. මේ සඳහා බුද්ධත්වයෙන් පසුව යම් කාලයක් ගතවන්නට පුළුවන්. මෙය සත්ව ලෝකය තුළ නීතියක්.
8. පෙර යම් ප්‍රමාණයක් බුදුවරු පහල වීද, අනාගතයේ යම් ප්‍රමාණයක් බුදුවරු පහල වෙයිද, ඒ සියලු බුදුවරු විසින් සිදුකල හා සිදුකරනු ලබන සියලු දේ තමන් විසින් කරන බව බුදුවරයා ඥාන දර්ශනයෙන් දකිනවා. අතීත හා අනාගත බුදුවරු නොකල හා නොකරන කාරණා තමන් විසින් නොකරන බවත් බුදුවරයා දකිනවා.
9. සියලු සත්වයා නිවන් දැක්විය හැකිය යන්න යථාර්ථ ධර්මයක් බව, එය සිදුකල හැක්කේ කෙසේද යන්න දැකීම තුළ බුදුවරයාට අචල විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කල හැකිවිය යුතුයි.
සමස්ථය දැකිය හැකි ඥාන දර්ශනය තමයි මහායානයට පදනම වන්නේ. මහායානය බිහිවන්නේ සම්මා සම්බුදු වරයා කේන්ද්‍ර ගතව. සම්මා සම්බුදු වරයාට සමකාලීනව ස්වයංභූඥානයෙන් අවබෝධ කලාවූ තවත් බුදු වරු, සම්මා බුදුවරු හා පසේ බුදුවරු ද ඉන්න පුළුවන්. නමුත් එවැනි බුදු වරුන්ට තවත් එවැනි බුදු වරයෙකුගේ විෂය පථය හෝ මාර්ගය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකි විය හැක. එයට හේතුව එම බුදු වරුන්ට ගෝචර වන්නේ, යම් යම් විෂය පථයන් හා යම් යම් පරාසයන් පමණක් වීමයි. එසේම තමන් සත්වත්වයේ මුල පටන් මේ දක්වා පැමිණි ගමන එම බුදු වරුන්ට දැකිය නොහැකි විය හැක. නමුත් සත්වත්වයේ මුල පටන් බුද්ධත්වය දක්වා සියල්ල සම්මා සම්බුදු වරයාගේ ඥාන දර්ශනයට ගෝචර වෙනවා. එයට හේතුව වන්නේ සත්වත්වයේ මුල පටන් එම බෝධිසත්වවරයා සති සම්ප්‍රජන්‍ය ඇතිව පරිණාමය වී තිබීමයි.
සම්මා සම්බුදු බුදුවරයකුගේ බෝධිය තුළ සිදුවන කාර්‍යයන් ලෙස චතුරාර්ය ශක්තිය දේශනා කිරීම, දම්සක්පැවසුම හෙවත් කාලයට අනුරූපව ධර්ම චක්‍රය පවත්වන විදිය දේශනා කිරීම, එක් එක් සත්වයාට ආවේණික මාර්ග සත්‍යයන් දේශනා කිරීම හා සාසනය බිහි කිරීම යන කාරණා ප්‍රධාන වශයෙන් සැලකිය හැකියි. සම්මා සම්බුදු වරයෙක් බුද්ධත්වය තුළ අවසාන වචනය දක්වා උන්වහන්සේ දේශනා කරන න්‍යායන් සහ ධර්මතාවයන් සම්බන්ධයෙන් හා සම්බන්ධ වන සියළු කුසල කර්ම පථයන් පිලිබඳව වග වෙමින් කටයුතු කරනවා.
කුමක් හෝ විෂය පථයකින් බුද්ධත්වය ලබන බුදු වරයෙක් ඒ බුද්ධ ස්වභාවයට අනුරූපව ගොඩනැගුණු මමත්වයක සිටින කාලයක් තිබෙන්නට පුළුවන්. එයද ප්‍රඥාවෙන් දැක ඒ බුද්ධ ස්වභාවයද පිරිනිවුනොත් තමයි ඥාන ලෙස ගොඩනැගෙන්නේ. එවැනි බුදු වරුන් සම්මා බුදු වරුන් ලෙස හඳුන්වනවා.
පසේ බුදුවරුන්ට ඍද්ධිපාද යම් මට්ටමකින් වැඩිලා තිබුණත්, ඊට අනුරූපව සත්වයාට ධර්මය දේශනා කිරීමට පාරමී වැඩිලා නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ ප්‍රඥාවට අනුව දේශනා කරන දේවල් සත්වයාට තේරුම් ගන්න අපහසුයි. සත්වයාට අදාල මාර්ග දර්ශනය ලබා දීම කියන්නේ වෙනම පැතිකඩක්.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13