maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

සත්ව

සත්වයා යනු?

2024-08-08

Maithribodhi

ඔබ සත්වයෙක් ද? ඇයි ඔබට ඔබ සත්වයෙක් කියලා හිතෙන්නේ? 

 

ඔබට කැමති අකමැති දේවල් තියෙනවා. පුද්ගලිකත්වයක් තියෙනවා. ඔබ ඉන්නේ ඔබට ඕන විදියට. ඔබේ චර්යාව පුද්ගලිකයි. සිතුවිලි පුද්ගලිකයි. ඔබට මනසක් බුද්ධියක් තියෙනවා. ඇයි ඔබ ඔබට සත්වයෙක් කියන්නේ? 

 

අනිත් අය ගත්තත් ඒ අයටත් පුද්ගලිකත්වයක් තියෙනවා ආවේණික කයක් තියෙනවා. සිතුම් පැතුම් ආවේණිකයි. ඒ වගේ මනසක් බුද්ධියක් කැමැත්තක් අකමැත්තක් චර්යාවක් මතකයක් තියෙන කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ. 

 

ඔබට අයිති නෑ කිසිම සත්වයෙකුට සත්වයෙක් කියන්න. මොන කාරණයක් මත පදනම් වෙලා ද එහෙම කියන්නේ? ජීවිත්වය මතද? අපි කොහොමද දන්නේ ජීවිත්වය එක සමානද නැද්ද කියලා? 

 

කැලේ ගස් බොහොමයක් වුනේ ගහෙන් ගහට වෙනස් වීමෙන්. සොබාදහම තුළ තියෙන ලක්ෂණයක් තමයි මේ විවිධත්වය. ඇයි කියන්න බැරි මෙතන සත්වයෙක් නෑ, සොබා දහමක් තියෙන්නෙ කියලා. ඔබ සොබාදහමෙන් වෙනස් ද? 

 

මේ ලෝකේ සත්වයෝ නැත්නම් සියලු සත්වයෝ කියලා කියන්න නිර්ණායකයක් නෑ. ඔබට තවත් සත්වයෙක් ගැන තීරණයක් ගන්න හෝ මනින්න අයිතියක් නෑ. 

 

ඔබ තුළ සොබාදහම තියෙනවා හේතුඵල ධර්මය තියෙනවා. කර්මය තියෙනවා. ඔබ මැරුනොත් උපදීද?

 

ගහකින් ඉදිච්ච ගෙඩියක් වැටුනොත් ඒ ගෙඩියේ ඇටය පැළ වෙන්න පරිසරය සැකසිලා තිබුනොත් ඒක පැළ වෙලා තව ගෙඩි හට ගන්නවා. අපිත් ඒ ආකාරයට යනවා. ඉපදුන කෙනාද දැන් ඉන්නේ? එයා මත් නෙවෙයි එයා නෙවෙයි මත් නෙවෙයි. 

 

සත්වයන් අතර ඔබ දුර්ලභ සත්වයෙක්. ඒ ඇයි? සත්වයා තේරුම්නොගන්න කාරණා තේරුම් ගන්න නිසා, සත්වයාට නොහිතෙන දේවල් හිතෙන නිසා,  සත්වයා කල්පනා නොකරන දේවල් කල්පනා කරන නිසා. මේ හේතු ඵලය කර්මය නැති කරන්න උත්සාහ කරන්නේ සත්වයන් අතර ඔබ දුර්ලභ සත්වයෙක් නිසා. මනසින් උසස් සත්වයාට මනුස්සයා කියලා කියනවා. බුද්ධියෙන් උසස් සත්වයාට බෝධි සත්වයා කියනවා. බුද්ධියෙන් පරිපූර්ණ කෙනෙකුට බුද්ධ කියලා කියනවා. බුදු කෙනා සත්වයෙක් නෙවෙයි හැබැයි මනුස්සයා සත්වයෙක්. බුද්ධිය වඩන කෙනාටත් සත්ව ගති තියෙනවා. ඔබ සත්ව ලෝකය මනුෂ්‍ය ලෝකය අභිබවා යන කෙනෙක් බුදු වන කෙනෙක්. බුදුවරුන්ට රහතන් වහන්සේලාට සත්වයෝ කියන්නේ නෑ. ඔබට ඔබ සත්වයෙක් කියන්න අයිතියක් තිබ්බට අනිත් කෙනා සත්වයෙක් කියන්න අයිතියක් නෑ. ඔබ කොහොමද එහෙම කියන්නේ? සියලු සත්වයෝම ඉන්නේ ඔබ තුළ. නමුත් ඔවුන්ව එළියෙ දකින්න බෑ ඔබට. ඔබ විතරයි ඉන්නේ, ඔබ සත්වයෙක්ද කියලා බලාගන්න. 

 

ඔබ සත්වයෙක් විදිහට ඉපදිලා සත්වයෙක් විදියට මැරිල ගියොත් ජීවිතයෙන් වැඩක් නෑ. සත්වයෙක් විදියට ඉපදුනත් මේ සොබා දහමේ යථාර්ථය ක්‍රමයෙන් දකින කොට සත්ව ලෝකය අභිබවා යනවා. 

 

කරුණු තුනයි තේරුම් ගන්න තියෙන්නේ සත්වත්වය අභිබවා යන්න. ඔබේ මනස තණ්හාව පදනම් කරගෙන ජීවත් වෙනවා. රතිය එහෙම නැත්තං ගැටීම මූලික කරගෙන ජීවත් වෙනවා. රාගය මූලික කරගෙන ජීවත් වෙනවා. සිදුහත් බෝසතුන් වෙලා සිටිත්දී නොවෙයි බුදු වෙලා සිටිත්දී තමයි දැක්කේ තණ්හා රතී රගා එළියේ නටනවා. මේ තණ්හා රතී රගා කියන්නේ සොබාදමේ පවතින ධර්මතා තුනක්. යම් කෙනෙක් මේ ලෝකයේ මේ ධර්මතා තුන නොදන්නේ නම් ඔවුන් සත්වයෝ වෙනවා. යම් කෙනෙක් මේ ධර්මතා තුන දන්නේ නම් ඔහු හෝ ඇය සත්වත්වය ඉක්මවා ගිය කෙනෙක්. 

 

තණ්හාව තියෙනකොට සිත එක එක දේවල් වලට ඇදිලා යනවා. තණ්හාව නැති කරන්න බෑ. ඒක විශ්වයේ තියන ධර්මතාවයක්. ගහක මලක් පිපෙන්නෙත් ඒ ධර්මතාවය හින්දා. පරාගනය වෙනවා, ගෙඩි හට ගන්නවා, ගහේ පැවැත්ම සිද්ධ වෙනවා. සොබාදහම සත්වයෝ සියල්ල ඒ මත පදනම් වෙලා තමයි යන්නේ. තණ්හාව නිසා අයාලේ යන සිතට අරමුණක් දෙන්න. තමන්ට ඕනෑ කියන ආකල්පය උඩ නෙවෙයි, ලෝකයට සත්වයාට හිතසුව පිණිස ඒ අරමුණ ගොඩනඟා ගන්න. තණ්හාවට ඔබ අරමුණක් දෙන්න. අරමුණ පිරිසිදු කරගන්න එක පමණයි කරන්න පුළුවන්. බෝසතාණන්ට සම්මා සම්බුද්ධත්ව බෝධිය දක්වා යන්න උදව් කලෙත් තණ්හාව. සත්වයා සසරින් එතෙර කරන්න ඇතිවන සිතිවිල්ල තණ්හාවක්. පරම පවිත්‍ර වූ අරමුණක්. ඔබත් ඔබේ ජීවිතයට අරමුණක් හදාගන්න. සෑම අරමුණකම පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන්නේ තණ්හාව. තණ්හාව මේ ලෝකෙ තියෙන ධර්මතාවයක්. තණ්හාවට අරමුණක් දුන්න ගමන් එයා ඒක අවසානය දක්වා තල්ලු කරගෙන යනවා. ඒක ලෞකික ජීවිතයට ඒ වගේම ධර්මයට ඕනෑම දේකට යොදන්න පුළුවන්. නමුත් ඔබ ඒ ධර්මතාවය බවට පත් වෙන්න එපා. තණ්හාව බවට පත් වෙන්න එපා. එම ධර්මතාවය ප්‍රයෝජනයට ගන්න. භාවිතා කරන්න. අරමුණක සිත ගැට ගහන්න. 

 

ගැටීමත් ඔබ නුවණින් භාවිතා කරන්න. අකුසලයට ගැටෙන කෙනෙක් වෙන්න. බාල සිත්, බාල ක්‍රියා, නොගැලපෙන පරිසරයන්, නොගැලපෙන සමාජයන්, අකුසලයන් ප්‍රතික්ෂේප කරන්න. ගැටීම භාවිතා කරන්න.

 

ඔබ දිගු වෙලාවක් කොතනක හෝ වාඩි වෙලා ඉන්නකොට ඔබට පහසු ඉරියව්වක් ඕනා. ඔබට ජීවත් වෙනකොට පහසුව අවශ්‍ය වෙනවා. ඒක තමයි රාගය. ඇස කන නාසය දිව ශරීරය කියන මේවට පහසුව අවශ්‍ය වෙනවා. පහසුකම් මනා අවබෝධයෙන් යුතුව පරිශීලනය කරන්න. 

 

මේ කය හා මනස ගත්තම ඒක හැමතිස්සෙම මොනවා හරි ඉල්ලනවා. දීල ඉවරයක් නෑ. 

 

ජීවිතයට අරමුණ හදාගන්න. අකුසලයට ගැටෙන කෙනෙක් බවට පත්වෙන්න පහසුව අවබෝධයෙන් පවත්වාගන්න. එතකොට ඔබ සත්වයෙක් නෙවෙයි, මනුෂ්‍යයෙක් නොවෙයි සංඝ බවට පත්වෙනවා. බුද්ධිමත් කෙනෙක් බවට පත්වෙනවා.


 

Buddha Bodhi බුද්ධ

මෛත්‍රි සම්මා සම්බුදු රජු

මේතාක් අපි කතා කරපු දර්ශනය මෛත්‍රී බුද්ධ දර්ශනය නෙවෙය...
Buddha Bodhi බුද්ධ

පැවැත්ම හා බ්‍රහ්මචරියාව

විශ්වය කියන්නේ සමතුලිතයක්. එය සමතුලිත වෙන්න හදන ප්‍රය...
Buddha Bodhi මෛත්‍රී බුද්ධ

අනාගත වංශ කතාව

  සත්බුදු මහා මෛත්‍රී බුදුන් වහන්සේ බෝ...
Buddha Bodhi සත්ව

දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු

  මේ ධර්මතාවය මේ මොහොතේ මතු කරන්නට මුල පුර...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....