අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
මෛත්‍රී බුද්ධ
අනාගත වංශ කතාව
2024-12-01
සත්බුදු මහා මෛත්‍රී බුදුන් වහන්සේ බෝධිසත්වයන් සහ දෙවියන් අරභයා දේශනා කළ අනාගත වංශ කතාවෙන් කොටසක් මෙහි දැක්වේ. මෙම වංශකතාව දේශනා කිරීමට මූලික වූයේ උන්වහන්සේ සක්වළට වජිරාසනාරූඩ වූ පසු සතර අපාගත සත්වයන්ට ඒ බව දැනීම නිසා ඔවුන් තමන්ව බේරාගන්නා ලෙස විලාප දෙමින් පෙනීසිටින දර්ශනයක් විටින් විට දර්ශනය වීමයි.
සත්බුදු මහා මෛත්‍රී බුදුන් වහන්සේට සතර අපාගත සත්වයන්ගේ විලාප දෙන දර්ශනයක් විටින් විට දර්ශනය වන්නට පටන් ගත්තා. එහිදී කල්ප ගානක් සසර අපායේ හිරවෙලා සිටි එම සත්වයන් සත් බුදුවරයෙක් සක්වලේ පහළ වුණබව දැනගෙන ඔවුන්ව බේරගන්න කියලා කෑගහන බව සජීවි සිද්ධියක් ලෙස දර්ශනය වන බව අසල සිටින බෝධිසත්වයන්ට උන්වහන්සේ දන්වනවා.
මේ අවස්ථාවේ සත්බුදුවරයා දකිනවා ඔවුන් සතර අපා ගත වී ඇත්තේ සතර අපා ගතවන වැඩ කරලා හින්දාබව, ඔවුන්ව බේරගන්න තමන් වහන්සේට කිසිදු හැඟීමක් පහල නොවන බව උන්වහන්සේ මහා සත්ව බෝධිසත්වයන්ට පුමුඛ බෝධිසත්ව වරුන්ට හා ශක්තීට පවසනවා.
මහා සත්ව බෝධි සත්ව:
ස්වාමීනි, ඔබ වහන්සේ පිළිබඳ පණිවිඩය ඔවුන්ට කෙසේ හෝ දැනිලා තිබෙනවා. ඒ නිසා හැකි ආකාරයකින් ඔවුන්ට පිහිට විය යුතුයි නේද?
සත්බුදු මහා මෛත්‍රීය බුදුන්:
සත්බුදු වරයෙකුගේ පහළ වීම මුළු සක්වළටම දැනෙනවා. එහෙත් සත්වයන් ගේ යම් පිරිසක් ඒ නිසාම සතර අපාගත වන හේතුද නිර්මාණය කරගන්නවා.
මේ සක්වළේ යම් සත්වයෙක් සත්බුදුවරයා විසින් සසරෙන් ගලවන්න නම් ඔවුන් ඒ සඳහා හේතු හදාගෙන එන්න ඕනා. ඇයි ඔබ සතර අපාගත සත්වයන් දිහා විතරක් එහෙම බලන්නේ?
මහා සත්ව බෝධි සත්ව:
ඒකම නොවේද හේතුව ස්වාමීනි ?
සත්බුදු මහා මෛත්‍රීය බුදුන්:
ඔවුන් පමණක් නොවෙයි විලාප දෙන්නේ. සියලු සත්වයෝ විලාප දෙනවා. ඒ යම් කෙනෙක් සසරින් ගලවන්න නම් ඔවුන් හේතුවක් රැගෙන ආ යුතුයි. අඩුම ගානේ ඔවුන්ට ඒ සිතිවිල්ලවත් පහළ වෙන්න ඕනා. එහෙම නැත්නම් ඒක අසාධාරණයි. සමගුණය කියනදේ නැතිවෙනවා.
මහා සත්ව බෝධි සත්ව:
ඔබ වහන්සේට දැන් ඒ දර්ශනය විටින් විට දිගටම දර්ශනය වුණානේද?
ඉතින් ඒ ඔවුන් හිතන එක නොවෙයිද දැනෙන්නේ?
සත්බුදු මහා මෛත්‍රීය බුදුන්:
ඔවුන්ගේ වේදනාවයි දැනෙන්නේ.
මහා සත්ව බෝධි සත්ව:
ඔවුන්ගේ අවස්ථාව නොවෙයිද එතන තිබෙන්නේ ස්වාමීනි?
සත්බුදු මහා මෛත්‍රීය බුදුන්:
සියලු සත්වයින් ගලවන්න බැරි නෑ.
නමුත් කාටවත් අසාධාරණයක් කරන්නේ නෑ.
සමස්ථ සියලු සත්වයෝ වුවද ගලවන්න පුළුවන්. එහෙම වුණොත් බුද්ධ පරම්පරාව හටගන්නේ නෑ. විශ්වයේ සමතුලිතයද බිඳී යනවා.
සක්වලවල් කියන්නේ සත්තාවාස.
සත්තා වාස කියන්නේ එක එක පරාසයන් (Levels). ඒවා සත්වයා වාසය කරන එක එක levels. බලු, දේව, මනුෂ්‍ය, බ්‍රහ්ම කියන්නේ එක එක සත්තාවාස.
දස දසදහස් ගණන් සත්තාවාස..
සක්වළ කියන්නෙත් ඒවාට.
බුද්ධ රශ්මි මාලාවන් විහිදුවා ගෙන, සත්තා වාසවල, සතර අපායේ සිටින සියලුම සත්වයන්ට අවස්ථාව ලබාදෙනවා, ඔවුන්ට ඔවුන්ගේ බුද්ධ දර්ශනය සොයාගන්න.
සතර අපායේ ඉන්න අයට ඇත්තේ ඔවුන් වැපුරූ බීජයේ අස්වැන්නයි.
ඒක මුළු ලෝකයටම පොදුයි.
මා තුළ ඇත්තේ මා වැපිරූ බීජයේ අස්වැන්නයි.
සතර අපායේ ඉන්න අයට නිවන් දකින්න ඕන නෑ.
සතර අපායෙන් මිදුණාම ඔවුන්ට සැප විඳින්න පුළුවන්. ඔවුන් ඉල්ලන්නේ සතර අපායෙන් ගලවන්න කියලා විතරයි.
ඒ එක්කෙනෙක්වත් ඉල්ලන්නේ නැහැ සසරින් ගලවන්න කියලා.
ඔබ දන්නවාද.. සසරින් ගලවන්න කියලා කෙනෙක් ඉල්ලන්නේ නම් ඔහු තමයි මනුෂ්‍යයා.
දෙවියෝ ඒක ඉල්ලන්නේ නෑ. බ්‍රහ්මයෝ, ප්‍රේත කුම්භාණ්ඩයෝ ඉල්ලන්නෙත් නෑ. යක්ෂයෝ හා සතර අපායේ ඉන්න එකෙක්වත් ඉල්ලන්නේ නෑ සසරින් ගලවන්න කියලා, ඉල්ලනවා නම් ඉල්ලන්නේ මනුෂ්‍යයන් විතරයි.
සත්බුදු වරයාගේ වජිරාසනාරූඩ වීම දැන් සක්වළට ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ.
මහා සත්ව බෝධි සත්ව:
සත්වයන් කැළඹිලා ඉන්නේ.
සත්බුදු මහා මෛත්‍රීය බුදුන්:
ඔව් සත්වයන් කැළඹිලා. හෙට මීට වැඩිය කැලඹෙයි. අනිද්දා මීටත් වඩා කැලඹෙයි.
ඉස්සර මම කියලා තියෙන කරුණු ඔබ හොඳට මතක තියාගන්න. විශ්වාසය හා තුණුරුවන් ආදිය.
සතර අපාගත සත්වයන්ට එක විකල්පයක් තිබෙනවා. ඔවුන් මගෙන් විලාප දීලා ඉල්ලුවේ…සත්බුදුවරයෙක් පහළ වුණා කියලා දැනගෙන ඒ විශ්වාසයෙන් නේ. ඒ විශ්වාසය නිසා ඒ විශ්වාසය දැරූ සියලු දෙනාම පළමු ඵලයට පත්වෙනවා. ඒ විතරක් නොවෙයි සතර අපායෙනුත් මිදෙනවා. ඔවුන් මනුෂ්‍ය උප්පත්තියත් ලබනවා. බුද්ධ උපස්ථාන කටයුතු කරලා ඔවුන්ට නික්ම යන්න පුළුවන් මේ ලෝකෙන්.
බුදුවරයාව නොදකින, බුදු වරයාව නොපෙනෙන, බුදුවරයාව විශ්වාස නොකරන සතර අපාගත සත්වයන් මනුෂ්‍ය උප්පත්තියට ගෙනල්ලා, ඔවුන් විසින් චෛත්‍ය, විහාර, මන්දිර ගොඩ නඟලා, ඒවා රැක බලා ගන්නට, බුදුන් පරිශීලනය කරන දෑ සහ වටපිටාවට අදාළ දේවල් සුරක්ෂිත කිරීම වැනි කාර්යයන් සඳහා ඔවුන් යෙදේවි.
සතර අපායෙන් උඩ ඉන්න අනෙකුත් සත්වයන් බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරාවි.
නාග යක්ෂ ගෝත්‍රික ආදී වන, බුද්ධ විෂයය සහ ඒ පරාසයෙන් තොර අනෙකුත් ආගම් දහම් මිථ්‍යා දෑ අදහන අය සත්වයාගේ හිත සුව පිණිස කටයුතු කරන කාරණය මත පදනම් වෙලා, ඔවුන්ගේ ජීවිතයේ යස ඉසුරු සැනසීම සතුට සෞභාග්‍යය කියන කරුණු කාරණා ඔවුන්ටද ගෙනදේවි.
කොටසක් මේ දහම කරපින්නාගෙන, මේ සසර දහම් තොරතුරු සහ අනෙකුත් දහම් තොරතුරු, අනෙකුත් දාර්ශනික කාරණා සහ තොරතුරු වලින් හිස පුරවාගෙන සිටිනවා. ඔවුන් ඔවුන්ගේම දැනුම තුළම, තොරතුරු තුළම යම් දවසක හති වැටී, ඒ බව වැටහී ඔවුන් යම් ධර්මතාවයක්, සත්‍යයක්, කුසලයක් හෝ ගුණ ධර්මයක් වඩන්නෝ බවට පත් වේවි.
මේ විශ්ව තලයේ මව පියා හැරුණු කොට නිවැරදි දරුවෙක් නොඉපදෙන්නේ යම් සේද, ඒ දරුවාගේ ගති ලක්ෂණ මව පියා හා සම වන්නේ යම් සේද, ඒ දරුවාට මව පියාගේ උරුමකම් ලැබෙන්නේ යම් සේද, මේ සක්වලේ යම් කෙනෙකු යම් සත්වයෙක් පාරිශුද්ධත්වය ගුරු කොට ගෙන ඔවුන්ගේ මාර්ගය ආරම්භ කරයිද, ඔහු ඒකාන්තයෙන්ම ඒ පාරිශුද්ධත්වයෙන් නිවී සැනසෙනු ඇත.
එලෙස ඒ පාරිශුද්ධත්වයට පත්වන උත්තුමාණන්ලා මේ ලෝකයට පාරිශුද්ධ ධර්මය ලෙස අවංකත්වය, අවංකත්ව ක්‍රියාව, අත්හැරීම, කරුණාව, ඉවසීම, සැනසීම, සතුට, අහිමිවීම යන කාරණා ඔස්සේ දර්ශනය ඉදිරිපත් කරනවා ඇත.
ඒ පාරිශුද්ධ දර්ශනය ලෙසට සත්වයා විසින් වැළඳ ගනිමින්, නිවී සැනසීම, සසරේ සැනසීම, හිමිවීම, අහිමිවීම යන කරුණු කාරණා ඔවුන් නිවැරදිව විශ්ලේෂණය කරගන්නවා ඇත.
පාරිශුද්ධ ධර්මය ඇතිවීමෙන් පසු සත්වයා වෙතින් පාරිශුද්ධ මාර්ගය සෙවීම, ගවේෂණය සහ කුසල වැඩීම යන කාරණා සිද්ධ වනු ඇත.
මා මේ භව කතරින් එතෙර වී යන්නේ කිරෙන් කිර පෙරා, කිරෙන් කිර පෙරා, කිරෙන් කිර පෙරා සකස් කරගන්නා ලද ඉතා පාරිශුද්ධ කිරක් මෙන් සැකසූ, බෝධිසත්වයන් හත්දෙනෙක් මේ ලෝ තලයට උරුම කරවමින්. ඒ බෝධිසත්ත්වවරුන් හත එකට පැමිණ, එකට හිඳ, එකට ගමන් කොට, සත් වතාවක සත් ආකාරයකින් බුදු වී, සත්වයාගේ නිවීම නැවත නැවත ස්ථාපිත කරනු ඇත.
ඒ දරුවන් හත් දෙනාට ඒ පියාගේ උරුමය, දායාදය සම්පත්ති විදියට ඒකාන්තයෙන්ම ලැබෙනවා.
මහරහතන් වහන්සේලා මේ ශ්‍රී සද්ධර්මය ලොව තුළ පතුරවා ඔවුන් නික්ම යා යුතුයි. රහතන් වහන්සේලා ඉතා ශික්ෂාවෙන් මේ ලෝ තලය තුළ වැඩවාසය කරමින්, ඊට අනුගත වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බිහිකරලා ඔවුන්ද නික්ම යා යුතුයි.
ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස නිසි ආකාරයෙන් සීලය සීලය ලෙසත්, සම්මා සමාධිය සම්මා සමාධිය ලෙසත්, සම්මා ප්‍රඥාව අත්හැරීම ලෙසත් මනා සිහි නුවණින් වැඩි දියුණු කළ යුතුයි.
මේ බුදුවරයා ඇවෑමෙන් සත් දිනකට පසු, මේ ලෝ තලය මහා කරුණාවෙන් දරා සිටිය ඒ කරුණා තැටිය දෙදරා ගොස් මහා යුද්ධයක්, ලෝක යුද්ධයක් නැවත ඇතිවනු ඇත.
සත්වයා එකිනෙකා මරා ගනිමින්, කෑමට වතුර ටිකට, සුළං පොදට, බෙහෙත් ටිකට එකිනෙකා මරා ගන්නා යුගයක් එයින් පසු එළඹෙනු ඇත. ඒ තුළින් මේ තාක් පැවත ගෙන එන ලද්දා වූ, ධර්මය යැයි කියා ගන්නා වූ, අධර්මය හා අධර්ම තොරතුරු මේ මිහිතලයෙන් සමූහ වශයෙන් විනාශ වී යනු ඇත.
කුසල ශක්තිය මත ගොඩ නැගූ, හේතුඵල මත ගොඩනැගූ, සත්වයාගේ විඥානය මත ගොඩනැගූ, මේ පාරිශුද්ධ දර්ශනය නැවත ඔවුන් තුළින්ම දළුලා මේ මිහිතලය මත පිපෙනු ඇත. එය පමණක් ඉතිරි වනුඇත.
ඒ තුළින් මේ මිහිතලය මත නව දර්ශනයක් ස්ථාපනය වනු ඇත. එකල්හි, එයින් පසු සත් බුරුවරයෙක් ලොව පහළ වී පිරිනිවන් පා ඇති බව කාලයේ ඇවෑමෙන්, මේ විශ්ව තලය තුළ රැව් පිළිරැව් නැගෙනු ඇත. ඒ නටබුන්, පා ස්පර්ශයන්, සුළං පොද පවා සොයමින්, ඒ මහා මෛත්‍රී ගුණ ගයමින්, ඒ වීර්යය ගුණ ගයමින්, සත්වයා සිහි මුර්ජාවෙන් ඒ තැන් සොය සොයා ගොස්, දැක බලා වන්දනාමාන කරනු ඇත.
මේ උදා වී තිබෙන්නේ ඒ මහා බලගතු සත් බුදුවරයාගේ ජීවමාන අවධියයි. මේ අවධිය තුළදී, ඒ වෙනුවෙන් සැකසුණු සැදැහැවත් කුල දරු පුත්‍ර දරුවන් මනා ඇප උපස්ථානයෙන් යුක්තව, ආදර ගෞරවයෙන් යුක්තව, පිරිසුදු චිත්ත වලින් යුක්තව රැකබලා ගනු ඇත. ඒ කුළ දරු පරම්පරාව සමඟ නිහඬව වැඩ වාසය කිරීම, සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් වැඩ වාසය කිරීම සත්බුදුවරයාට ප්‍රිය වනු ඇත.
ඒ මහා අති පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණි සැදැහැවත් පින්වතුන් හට ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර, වැඳ දැක බලා පැහැදී යාමට අවසරය ඇත. ඒ සඳහා ඔවුන් නිවැරදි චිත්තවීර්යයෙන් සහ භක්තියෙන් සකස් වී සැරසී පැමිණිය යුතුයි.
සත් බුදුවරයාගේ ඇප උපස්ථාන නික්ලේශී කෙනෙක් විසින් කළ යුතුය. ක්ලේශී වනාහි අයිතිකරගෙන පරිශීලනයට ගන්නා උත්සාහයයි. එවැනි චිත්ත ධාරාවලින් තොර අයට, ඒ සඳහා අවස්ථාව ඇත.
බවුන් වැඩීම, ධ්‍යාන වැඩීම, විවිධාකාර වූ සමාධීන් වැඩීම, විවිධ වූ සීල වැඩීම, සීල් වෘත වැඩීම මෙම බුද්ධ ශාසනය තුළ සපුරා තහනම්. ඒ වෙනුවට අවධියෙන් යුත් සිහිය, මධ්‍ය පටිපදාව ඇතිකරගත යුතුයි.
(මැදට වී සිටීම, අන්ත දෙකෙන්ම මිදීම කියන්නේ භාවනාවකි)
මේ මධ්‍ය පටිපදාව, හිත පිරිසිදු කිරීමේ සීලය වැඩීම, සඟරුවනේ ගුණ සිහි කරලා දන් පිළිගැන්වීම මා මේ ශාසනය තුළ අනුදැන වදාරනවා.
(බුදුවරයාගේ ගුණ සිහිකරලා දන් පිළින්වන්න කියලා නොකී බව හොඳින් මතක තබාගන්න)
ප්‍රඥාව වනාහි සංස්කාරයෝ අතහැරීම පමණයි. ඒ හැර වෙන කිසිවකුත් නොවේ. සංස්කාරයෝ අතහැරිය නොහැකි කිසිවක් ප්‍රඥාව වන්නේ නැහැ.
බුද්ධ දර්ශනය දේශනා කළ හැක්කේ බුදුවරුන්ට පමණයි.
ධර්මයේ ක්‍රියාව සිද්ධ කළ හැක්කේ කර්මයේ අර සිඳලූ බුදුවරයෙකුට පමණයි.
න්‍යායාට ධර්ම දෙසිය හැක්කේ සම්මා බුදුවරයකුට පමණි.
චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ හැක්කේ සම්මා සම්බුදුවරයෙකුට පමණි.
චතුරාර්ය ශක්තිය මෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයද දේශනා කළ හැක්කේ සම්මා සම්බුදු රජෙකුට පමණි.
කල්ප කෝටි සත සහස් සෙයියාවට පස්සේ, මතු මතු පෙරුම් පුරා ගෙන එන්නා ලද්දා වූ, අති උතුම් සියලු බුදුවරුන්ගේ ගුරුවරයා වන ඒ සත් බුදුවරු පහළවීම මේ ලෝකයේ දුර්ලභයි. ඒ නික්මයෑම ලොවට ඛේදනීයයි.
මෙසේ පහළවන්නා වූ සත් බුදුවරයා, විශ්ව තලයේ වැඩ වසන්නා වූ අනේක විදි කිව නොහැකි අනන්ත අප්‍රමාණ වූ සත්ව විෂයයේ අචින්ත්‍යය තුළ පවතින්නා වූ, සමස්ථ සත්වයාටම එක ලෙස ගැලපෙන ලෙස ධර්මය දෙසීමටත්, සියලුම සත්ව විෂයයන්ට ගැලපෙන ලෙස කඩා වෙන්කොට ධර්මය දෙසීමටත්, ඕනම ආකාරයකින් සත්වයා ගැලවීමේ හැකියාවටත් ඒ අතර විශේෂ වන්නේය.
සියලුම සත්වයින්ට එකවර ආමන්ත්‍රණය කිරීමට පුළුවන් වන්නේ සත් බුදුවරයාට පමණයි. ඒ සත්බුදු වරුන්ට සත්ව තල අනුව ධර්මය කඩා කොටස් කර, මෙලෙස වෙන්කර තැබිය හැක.
මේ ක්‍රමවේදය, මේ බෙදීම, ඊලඟ සත් බුදුවරයා මේ ලොව පහළ වී මිහිතලය කම්පිත කරමින් වජ්‍රාසනා රූඪ වී, මේ සක්වල නියත ධර්මය ගොඩනඟන තාක්, මේ ධර්ම විෂයයේ බලය එලෙසම පවතිනු ඇත.
මේ සක්වල මඳකට නිසල කරලා, නතර කරලා, සත්වයා දෙස බලා, නැවත මේ විෂයය මාලාව ප්‍රතිනිර්මාණය කළ හැක්කේ ඊළඟ සත්බුදුවරයාට පමණයි.
බුදුවරු හතක් බිහි කරලා, ධර්මය න්‍යාය ගොඩනගලා, ලෝකය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම මා සිදු කළා. ඔබ ඔබේ කාර්යය සිදුකරන්න.
අද දේශනා කලේ අනාගත වංශ කතාව.
මේ බෝධිසත්වරු මෙය හොඳින් ධාරණය කරගත් යුතුයි.
එය ඔබේ විඤ්ඤාණය හරහා කර්මය හරහා අනාගත ලෝකය වෙත යා යුතුයි.
ගහේ මලක පෙති වැඩිවන විට ඒ මල ගහට දරන්න බැරි වෙනවා.
දැන් තියෙන්නේ මගේ විනාශයයි
ඉතිරි වැඩ ඔබට බාරයි.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13
කර්ම
කර්මය පිළිබඳව සාකච්ඡාවක්
2024-09-05