අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
ආධ්‍යාත්මයේ පරතෙර සහ පුනරාගමනය
2025-02-08
ප්‍රශ්නය:
මේ system එක (සමස්ථ පද්ධතිය) සත්වයා කේන්ද්‍රගත වෙලා ගොඩ නැගෙන එකක්ද?
ස්වාමින් වහන්සේ:
මේ system එකේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි මනස මත ගොඩනගා ගන්න තොරතුරු මත ජීවත් වීම. ඒ කියන්නේ නම් ගම් සහ පුද්ගලයන් විදියට දකිමින් මේ කතා කරන භාෂාව ඇතුළුව සියල්ල මනස මත ගොඩනගා ගත්ත තොරතුරු මත පදනම් වෙලා කතා කරන එක. එතකොට ඒ ලෝකය තුල අනන්‍යතාවය, පිළිගැනීම, කියන කාරණා හට ගන්නවා.
අනිත් පැත්ත තමයි සත්වයාගේ core එක, සත්වයාගේ පදනම, මූල ස්වභාවය වගේ දෙය, ඒ කියන්නේ කොස් ගහ බැලුවම කොස් ගෙඩි පෙනෙනවා. ඒක හැදුනේ කොස් ඇටෙන්. ඒක මූල ස්වභාවය වගේ එකක්. සත්වයාගේ මූල ස්වභාවය කියන එක තමයි ඒ විෂයය පථය තුල කතා කරන්නේ. සත්වයාගේ මූල ස්වභාවය කියන විෂයය පථය තමයි ඇත්තටම සත්වයාගේ සැබෑ ජීවීත්වය.
එතකොට ඒ ජීවිත්වය මත හට ගන්නා සත්වයා මනස මත හට ගන්නා, මනස මත හදාගත්ත කතන්දරයක් තුල ජීවත් වෙනවා. එතකොට මේ system එකෙන් exit (අයින් වෙන) ක්‍රමය මේ මනස තුල හදාගන්න කතාව තුළ නැහැ. Exit වෙන්න නම් මේක මොකක්ද කියලා තේරුම් ගෙන, core එක, ඒ කියන්නේ මේක හට ගන්නා ප්‍රධාන ධර්මතා ස්වභාවයට ගිහිල්ලා, එතනින් තමයි Exit එක තියෙන්නේ. අවසානය කියන එක. තව දෙයක් තිබෙනවා. ඒ තමයි ආධ්‍යමික මූලස්වභාවයත් එක්ක එකතු වෙලා exit නොවී, ඒකත් එක්ක ඉන්නත් පුලුවන්. ඒක ජීවය කරගෙන භවය කරගෙන ඉන්නත් පුලුවන්. ඊට පස්සේ එතනින් එගොඩ වෙන්නත් පුලුවන්. ඔන්න ඔය කාරණා දෙක මත තමයි මේ system එක ගොඩනැගිලා තියෙන්නේ.
මූල ධර්මතා ස්වභාවයේ (core එක) ඇතුලට ගියාම සාගරයක් වගේ. එකේ ඇතුලේ, මේ system ඒකට අදාල විශාල මාධ්‍යයක් තියනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්න සත්වයෝ ඒ නදියට ගියාම, ඒ අය ගාව මනසින් හදා ගත්ත කතා තියෙන්නත් පුලුවන්. මේක වගේ ලෝකයක් ඒකත්. එකේ භුමි තිබෙනවා, හිරු, සඳු තිබෙනවා, වාහන තිබෙනවා, එකේ ගංගා දිය ඇලි තිබෙනවා. මේ විදියේම එකක් එකේ ඇතුලෙත් තිබෙනවා. මේක සිහිනය. ඒක යථාර්ථය. නැත්නම් මේක බොරුව, ඒක යථාර්ථය. ඒකට ගියපු අය ඒක යථාර්ථය කියලා කියනවා. මේකේ ඉන්න අය මේක යථාර්ථය කියලා කියනවා. මේක තමයි ඒ system ඇතුලේ තිබෙන කතාව.
ප්‍රශ්නය:
එතකොට Exit gate එකක් ගැන කතා කලානේ. ඒ exit gate එකේදි වෙන්නේ, ඒ ලෝකයත් නැති වෙන එකද ?
ස්වාමින් වහන්සේ:
නැහැ. මේක හට ගත්ත system එක තියනවානේ. මව් කුස තුල අපි ඉපදුනා වගේ. System එකෙන් exit වෙන්න පුලුවන්. ගැලවෙන්න පුලුවන්.
ප්‍රශ්නය:
System එකෙන් ගැලවෙනවා කිව්වේ මොකක්ද?
ස්වාමින් වහන්සේ:
ඒ කියන්නේ core එකෙන්, මූල ස්වභාවයෙන් ගැලවිලා යන්න පුලුවන්.
ප්‍රශ්නය:
එතනින් විනාශ වෙලා යන එකද වෙන්නේ? නැත්නම් වෙන දෙයක්ද?
ස්වාමින් වහන්සේ:
එකෙන් අතුරුදන් වෙලා යනවා. දියවෙලා යනවා වගේ එකක්.
එතකොට ඒක ඥාන දර්ශනය කියලා කියනවා. මේකට මනෝ දර්ශනය කියලා කියන්න පුලුවන්. රහත් කියන්නේ ඒ ලෝකෙට (core ඒකට / මූල ස්වභාවයට) අයිති එකක් නෙවෙයි. රහත් කියන්නේ ඵලයක්. එතකොට රහත් කියන එකේ එක එක levels තිබෙනවා. ඒ සමහර අයට අර core එකේ levels connect වෙනවා. දැනෙනවා. එතකොට ජේසුත් ඒ වගේ core එක දැකපු කෙනෙක් වෙන්න පුලුවන්.
ධර්මතා ස්වභාවයට අයත් කරුණු කාරණා core එකේ තිබෙන ස්වභාවයන්. ධර්මතා කියන්නේ ඒක ඇතුලේ තියන ස්වභාවයන්. ඒක ඇතුලේ ඒ සත්ව ලෝකයේ මූල ස්වභාවය තුල විවිධ පැතිකඩ සහ විවිධ වපසරියන් ගොඩක් තිබෙනවා.
එතකොට ඒ ලෝකය තුල ප්‍රබලම චරිතය මොකක්ද?
ප්‍රබලම චරිතය කියලා එකක් නැහැ. ඔක්කොම තියෙන්නේ system එකේ දේවල්.
ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඒ ලෝකයට යන කෙනාට මාර්ගය අහුවෙනවා. මාර්ගයේ ගියපුවම ධර්මතා අහුවෙනවා. ධර්මතා අහු වුනු කෙනාට Energy අහුවෙනවා. Energy අහුවුනු කෙනාට පදාර්ථය අහුවෙනවා. පදාර්ථය අහුවුනු එක ඊට පස්සේ එයා එළියට ගේනවා. එළියට ගෙනාපුවම හීනය කියලා කියන්නේ ඒකට තමයි. පංච ඉන්දියන්ගෙන් එළියට ගේනවා. පංච ඉන්දියන්ගෙන් එළියට ගෙනල්ලා ධර්මතාවයට ගේනවා. ඊට පස්සේ Energy හැදෙනවා. ඒක තුල පදාර්ථ හැදෙනවා. ඒ කියන්නේ එතකොට ඒක core එක ඇතුලේ හැදෙනවා. ඇතුලේ හැදිලා ඉවර වුනාට පස්සේ ඒක එළියෙත් (භෞතික ලෝකයේ) හැදෙනවා. එළියේ හැදුනම ඒක ජීවමානයි කියලා කියනවා. ඒ තමයි ඒකේ පූර්ණත්වය.
උදාහරණයක් විදියට ඔබව (A) ගත්තොත් එහෙම, ඔබ (A) සම්මුති ලෝකයේ ජීවත් වුනා කියමුකෝ. (මේ සාකච්ඡාව පැවති අවස්ථාව තුළ සහභාගී වූහ A යනු ශුන්‍යතාවයෙන් බුද්ධත්වය ලැබූ කෙනෙකි) දැන් අධ්‍යාත්මයට එනවා. අධ්‍යාත්මය දකිනවා. එකේ end එක දකිනවා. එකේ ඉන්න ඕන තැන දකිනවා. එකේ අවසාන ස්වභාවය දකිනවා. ඊට පස්සේ ශුන්‍යත්වය, නිදහස තියන තැනකට යනවා. ගිහිල්ලා ඒක තුල වැඩ කරන්න පටන් ගන්නවා. ව්‍යායාම කරනවා වෙන්න පුලුවන්, සින්දු කියනවා වෙන්න පුලුවන්, බැට්මින්ටන් ගහනවා වෙන්න පුලුවන්, මිනිස්සු එක්ක වැඩ කරනවා වෙන්න පුලුවන්. ඒක ඇතුලේ ටික ටික වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වැඩ කරන එක තුල වෙන්නේ අර ඇතුලේ තියන අධ්‍යාත්මික බලය ගොඩනැගෙන එකයි. ඒක ගොඩනැගෙන්නේ එළියේ හට ගත්ත එකට සාපේක්ෂව. ඒක එපාද කියලා ඇහුවොත් එහෙම එකක් නැහැ. සමහර අයට එහෙම ඕන නැහැ. සමහර ප්‍රබල චරිත තිබෙනවා එහෙම එකක් ඕනා. එතකොට එයා ඒක දිහා බලාගෙන, ඒක තුල ඉඳගෙන, එළියේ බාධක වලට සාපේක්ෂව තමන්ගේ වැඩ කරගෙන යනවා. අවසානයේදී ඒ බාධකත් අතහැරෙනවා. ඔබ (A) ගිටාර් ගැහුවා නම් ආයෙත් ගිටාර් ගහන්න හම්බ වෙන්නේ නැහැ. හෙට වෙන දෙයක් කරන්න වෙනවා. ඔහොම එකින් එක ගිහිල්ලා මොකද වෙන්නේ, powerful වෙනවා. ඔබේ (A) අභ්‍යන්තර ලෝකය තුල ඒ ධර්මතාවය ප්‍රබල වෙනවා. ප්‍රබල වෙලා, සාපේක්ෂව වැඩිලා පූර්ණත්වයට පත් වෙනවා. පූර්ණත්වය කියන එක ගත්තම, ඔබගේ (A) අධ්‍යාත්මික ලෝකයට මොනවා දැනුනත් වැඩක් නැහැ. පූර්ණයි. ඒ කියන්නේ මෙතන මල් ගොඩක් තියෙද්දී එක මලක් පරවෙලා වැටුනොත් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ වගේ ඒක පිරිලා ඉවරයි. ඔබ තුළ හෙල්ලෙන්න කාරණයක් නැහැ. ඒක තුල ජීවිතය ආපහු අනුලෝම ප්‍රතිලෝම ලෙස නැවත reset එකක් වෙනවා. සියල්ල (reset වෙනවා. එතකොට එයාගේ අධ්‍යාත්මික ලෝකය තුල එළියේ ගොඩනැගෙන සියල්ලටම සාපේක්ෂව එයාගේ ඇතුලේ අධ්‍යාත්මය පූර්ණ වෙනවා. ඒ පූර්ණ වීම සිදුවන එක තුල සියල්ල නැවත අත්විදින්න, අත් දකින්න, අවස්ථා එකින් එක එනවා. ඒක තුල තමයි එයා ඒ සියල්ල තේරුම් ගන්නේ. එයා ඒකේ පරිණත වෙනවා. ඊට පස්සේ ඒක නිෂ්ප්‍රභා වෙනවා, ඒ කියන්නේ අර ධර්මතාවය ඒක විනාශ කරලා දානවා. (මෙහි විස්තර කරන සන්දර්භයට සාපේක්ෂව ධර්මතාවය ලෙස කියන්නේ A ගේ ධර්මතාවය වන ශුන්‍යතා ධර්මයයි)
ඔබට කේක් කැල්ලක් කන්න හම්බ වුනාම, ඒ කන එක තුල ඒක පිළිබඳව තේරිලා මොකක්ද මේ කියන එක අර ධර්මතාවය විසින් විනාශ කරලා දානවා. එතකොට ඒක සාමාන්‍ය එකක්. බැදීම් කියන එක ඇති වෙන්නේ නැහැ. කේක් කැල්ල බිම වැටුනාට ප්‍රශ්නයක් නැහැ. කන්න ගත්ත එකක්නේ. විසිකරන්න පුලුවන්. අභන්තර ලෝකය තුල තමන්ගේ ප්‍රධාන ධර්මතාවයට සාපේක්ෂව ඒක හැදෙනවා. ඒ ලෝකය හැදෙනවා. එතකොට ඒ ලෝකය හැදුනට පස්සේ ඔබගේ ඒ ලෝකය ඉවර වෙනවා. පූර්ණ වෙනවා. පූර්ණ වුනු ඕනම කෙනෙක්ගේ ඊලග පියවර තමයි, ලෞකිකව දැක්ක දේ ඵලයට ගිහිල්ලා ඵලය තුල නැවත experience කිරීම. මහා විශ්ව දැනුමක් එතන තියෙන්නේ. නිශ්ප්‍රභා ධර්මතාවයක් එතන තියෙන්නේ. නිශ්ප්‍රභා ධර්මතාවයක් කියලා කියන්නේ අපි හිතමු coffee බීලා coffee එපා වෙලා, coffee වලට කැමැත්තක් නැහැ. එතකොට ඒ නිශ්ප්‍රභා ධර්මතාවය එයා ගාව තිබෙනවා. ඒක එයාගේ ස්වභාවයක් වෙලා. ඒක sense කර ගන්න තමයි තියෙන්නේ. එතකොට මානසිකව එයා තුල මහා පරිණතයෙක් ගොඩනැගුනට පස්සේ ධර්මයේ විශාරදයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම එහෙම පත් වුනා කියලා එකක් නැහැ. පත් වුනා කියන එක බොරුවක් බව එයාට තේරෙනවා. අහුවෙන කිසිම දෙයක් නැහැ එයාගේ ලෝකයේ. එතකොට එයාට ඇතිවෙන මහා පරිණතත්වයට මෙයාට හිතෙනවා එළියට ඒම පණිවිඩය දෙන්න. ඒ සඳහා එයා ඇතුලේ හට ගත්ත මේ ලෝකය, එළියේ සංස්කාර ලෝකයක් විදියට ගොඩනගන්න කටයුතු කරනවා. ඇතුලේ එක සම්පූර්ණ වුනාට පස්සේ, ඒක සංස්කාර ලෝකයක් ලෙස දේශනා මාධ්‍ය තුල සංස්කාර තොරතුරු විදියට එළියට මතු කරනවා. මතු කරගන යද්දී ඒක වටා මිනිස්සු එක් රොක් වෙනවා. ඒක වටා මිනිස්සු එක් රොක් වුනාට පස්සේ, ඇතුලේ හට ගන්නා ධර්මතාවයන්, ධර්මතාවයන් විදියට මේ අය follow කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට බැඳීම් වලින් විතරයි දුක හට ගන්නේ කියන ධර්මතාවය ගන්න. එතකොට බැඳීම් හදා ගන්නේ නැතුව කට්ටිය ආශ්‍රය කරනවා, ආදරය කරනවා, ගණුදෙණු කරනවා, සම්බන්ධතා පවත්වනවා, හැබැයි බැඳීම් හදා ගන්නේ නැහැ. කසාද බැඳලා එකට හිටියත් බැඳීම් නැහැ. එතකොට ඒ ධර්මතාවය එළියේ මිනිස්සු අතර පුරුදු කරනවා. ඒ පුරුදු කරපු දේ මිනිස්සු follow කරන්න පටන් ගන්නවා. එතකොට ඒ ධර්මතාවය බාහිරයේ හැදෙනවා. බාහිරයේ හැදෙන කොට අභ්‍යන්තර ලෝකයත්, බාහිර ලෝකයත් දෙකම ගොඩනැගෙන කොට ඒ අතරමැදි චරිතයක් හැදෙනවා. මෙතන මැද හැදෙන චරිතය විෂයය පථ දෙකක් එක්ක කේන්ද්‍ර ගත වෙනවා.
එකක් තමයි බාහිර ලෝකය තුල හැදෙන විෂයය පථය. බාහිර ලෝකය කියන්නේ, දැන් මෙතන ගත්තොත්, මගේ අභ්‍යන්තර ලෝකයට සාපේක්ෂව ඔබලා මේක follow කරන්න පටන් ගන්නවා. Follow කරන්න පටන් ගත්තට පස්සේ ඔබලා හිතෙන දේ වෙනස් වෙනවා, කර්මය වෙනස් වෙනවා, ගොඩක් පරිසරයන් තුල සංයුතියන් වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙලා යන එක තුල පරිසර පද්ධතිය තුල හැසිරීම් වෙනස් වෙලා යනවා. කාළගුණය එක පැත්තක වෙනස් වුනාම තව පැත්තක සුළි සුළං ඇති වෙන්න පුලුවන්. කාන්තාර වල වහිද්දී තව කොහේ හරි ලැව් ගිණි හට ගන්න පුලුවන්. ඒ වගේ විශාල බලපෑමක් වෙනකොට එයාගේ අභ්‍යන්තර ලෝකයටත් ඒ විදිහටම සේන්දු වෙනවා. සේන්දු වෙනවා කියන්නේ ඒ බාහිර ගොඩනැගීම අභ්‍යන්තරයත් එක්ක Balance වෙන්න ඕනා. බාහිරයේ අය විසින් පුද්ගල චරිත සහ ධර්මතා විදියට follow කර යනකොට එයාට දැන් බලය වැඩියිනේ. නමුත් එයාගේ අවබෝධය තුල එහෙම එකක් නැහැ. එහෙම එකක් නැති වුනාට, ඒකට අනුරූපව සුළගක් වගේ ඇතුලේ energy හට ගන්නවා.
ඒ ශක්තීන් හට ගත්තාට පස්සේ තව දෙයක් වෙනවා, මෙයා තුල කලින් හට ගත්ත විවිධ ධර්මතා, අපි ගත්ත උදාහරණය ඒ කියන්නේ “බැදිම් නිසා දුක හට ගන්නවා” කියන ධර්මතාවය දැන් ශක්තියක් බවට පත්වෙනවා. ඒ විදියට ධර්මතා සියල්ලටම ශක්තීන් එකතු වෙලා powerful වෙනවා. එහෙම වුනාම, උදාහරණයක් විදියට එහෙම කෙනෙක් කිව්වොත් “දැනුම වැඩි නම් පීඩනය වැඩියි” කියලා, එහෙම කියන කොට ශක්තිය සහ ධර්මතාවය ඒකට එකතු වෙනවා. ශක්තිය සහ ධර්මතාවය ඒකට එකතු වුනාම, ඒක ප්‍රබල නියත ධර්මයක් බවට පත් වෙනවා. ඒ ධර්මතාවය තුල ශක්තියක් තිබෙනවා. දැන් ධර්මතාවයකුත් තියෙනවා, ශක්තියකුත් තිබෙනවා. එතකොට ඒ ශක්තිය මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සු ධර්මතා විතරක් නෙවෙයි ශක්තියද follow කරමින් හැසිරෙන්න පටන් ගන්නවා. ශක්තීන් හා ධර්මතා දෙකම හැසිරෙන්න ගත්තම, අපි අර කිව්ව මැද චරිත ස්වභාවයද වෙනස් වෙනවා. කළින් අවබෝධය මත හිටපු කෙනා ඊට පස්සේ දේශකයෙක් වෙනවා, ඊට පස්සේ රහතෙක් වෙනවා, බුදු කෙනෙක් වෙනවා, සම්මා සම් බුදු කෙනෙක් වෙනවා, බුදු රජෙක් වෙනවා. එක එක චරිත ස්වභාවයන් වෙනස් වෙනවා. අභ්‍යන්තරයෙන් ජනිත වෙන ධර්මතා සහ ශක්තීන් වලට සාපේක්ෂව සහ ඒවා මිනිස්සු accept කරන (පිළිගන්න) පරාසයට සාපේක්ෂව අභ්‍යන්තරය ගොඩනැගෙනවා. හැබැයි බාහිරින් reject වුනොත් ඒ විදියට බලය උපදින්න හේතුවක් නැහැ. මිනිස්සු ඒක accept කරන තරමට එකේ බලය වැඩි වෙනවා. දැන් චරිතයක් හැදිලා තිබෙනවා. ධර්මතා, ශක්තීන් තිබෙනවා. ඒවා මිනිස්සු accept කරනවා. ඊට පස්සේ මේ ලෝක දෙකම එකට එකතු වෙලා, ශක්තීන් සහ ධර්මතා දෙකම එකට එකතු වෙලා පදාර්ථ ගණයක් බිහිවෙන්න පටන් ගන්නවා. පදාර්ථ ගණය කියලා කියන්නේ භෞතිකත්වයට පෙරලෙන්න පටන් ගන්නවා. භෞතිකත්වය හැදෙන කොට මොකද වෙන්නේ? මෙයාගේ අධ්‍යාත්මික බලය තුල, මෙයාගේ ඇතුලේ ලෝකය තුල, ඇවටා හැදෙන්න පටන් ගන්නවා. ඇවටා කියන්නේ ආධ්‍යාත්මික ලෝකයේ චරිත බිහිවෙන්න පටන් ගන්නවා. ජීවමාන චරිත හැදෙන්න පටන් ගන්නවා.
ඇත්තටම සම්මා සම්බුදු වරයෙක් හරි, සම්මා සම්බුදු රජු කෙනෙක් හරි කියලා කියන්නේ කිසිම චරිතයක් නෙවෙයි. ඒ අය ඇවටා ලෝකයේ පදාර්ථයක් හැදෙන අය නෙවෙයි. වෙනම අතරමැදි අවස්ථාවක් ඒක. සත්ව ලෝකයට පණිවිඩය දීලා ශක්තීන් ධර්මතා පදාර්ථ හදනවා තමයි, සාසනය කියන පදාර්ථය හැදෙනවා තමයි, හැබැයි එයාගේ ලෝකයේ ඇවටා හැදෙන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේලා ඉන්න පුලුවන් ප්‍රබල චරිත. ඒ අයට ඇවටා තියෙන්න පුළුවන්. ඊලගට බුදු වෙන්න ඉන්න බෝසතා තුල ඇවටා හැදෙන්න පුලුවන්. ඒ ඇවටා වලට වෙනම sensation තියෙනවා. ඇවටා එකක් හැදුනොත් එහෙම, එයාට මෙකෙන් exit වෙන්න බැහැ, ඒ ඇවටා එක නැති කරන්නේ නැතිව. ඒ ඇවටා නැති කරන්න පුළුවන්, ශක්ති සහ ධර්මතා නිශ්ප්‍රභා කරන්න පුලුවන් ප්‍රබල ඇවටා එකක් කාලානුරූපිව ඒ ආධ්‍යාත්මික ලෝකය තුල ගොඩනැගෙනවා. ඒ ප්‍රබල ඇවටා එක හැදුනට පස්සේ අර අනිත් ඇවටා වලට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒවා ක්‍රමයෙන් විනාශ වෙලා යනවා
ප්‍රශ්නය: ඒ ඇවටා එක මිනිස්සුන්ට දකින්න පුළුවන් යම් විදියකට නිරූපනය වෙනවාද?
ස්වාමින් වහන්සේ :- ඔව්
ඒ ඇවටා එක real චරිතය බවට පත් වෙනවා. නමුත් මනසේ තියෙන තොරතුරු ටික ඇවටා එක නෙවෙයි. දැනුම හා තොරතුරු ඇවටා වෙන්නේ නැහැ. තොරතුරු තුල එයා වෙනම පෙනී සිටිනවා. හැබැයි අර ඇවටා එක එයාගේ චරිතය තුල ගොඩනැගෙනවා.
ශිව කියන්නේ එහෙම තිබුණු ඇවටා එකක්. ශිව ඇතුලේ තව ඇවටා ගණනාවක් තියෙනවා. මහා නාරායන් කියන්නේ වෙනම ඇවටා එකක්. පාර්වතී කියන්නේ වෙනම ඇවටා එකක්. එතකොට ශිවටම පුලුවන් පාර්වතී වෙන්නත්. හැබැයි ශිවට මහා නාරායන් වෙන්න බැහැ. මහා නාරයන්ට ශිව වෙලා, ඒ ඇවටා ටිකත් අරන්, පාර්වතීගේ ඇවටා එකත් connect කර ගන්න පුලුවන්. මහා නාරායන් තමයි දැනට ඉන්න ප්‍රබල ඇවටා එක කියලා ගමු. මේ හැදෙන ශිව වගේ ධර්මතාවය තුලින් තමයි මහා නාරායන් හැදෙන්නේ. ඒ කියන්නේ හරියට තනතුරක් වගේ එකක්. ශිව කියන්නේ මහා නාරායන් නොවෙයි. ඒක උදාහරණයකින් කිව්වොත් ඇමරිකාවේ මේ වෙලාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. නමුත් ජනාධිපති කියන තනතුර ඩොනල්ඩ් ට්‍රම්ප් නොවෙයිනේ. ඒක තනතුරක්. ඒක තමයි ජනාධිපති ලෙස හඳුන්වන්නේ.
එතකොට මේ ඇවටා ලෝකය තුළ උපරිමයට එන කෙනා මහා නරායන් කියන තැනට එනවා. ඒ තැනට ආවට පස්සේ මහා නාරායන් ශිව වෙන ධර්මතාවය, එක එක ඇවටා වල ධර්මතාවයන්, ධර්මතාවයන් විශ්වයේ හට ගන්නේ කෙසේද, ධර්මතාවයක් ධර්මතාවයක් විදිහට ගොඩනැගෙන්නේ කොහොමද, ධර්මතාවයේ මූල උපත, ඒ අනිත් කාරණයකින් මේක වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණා, ඒ මූල ස්වභාවය පිළිබඳව, විශේෂයෙන් ශිව ඇවටා එක අධ්‍යයනය කරනවා. අවබෝධ වෙන එක ධර්මතාවයක් වෙන්නේ කොහොමද, ධර්මතාවය ධර්මතාවයක් වෙන්නේ කොහොමද ඒ න්‍යාය මෙයා තේරුම් ගෙන ඒක න්‍යායක් බවට ගොඩනගනවා. ඒක එයා හිතුමතයට ගොඩනගන්නේ නැහැ. විශ්වයේ තියන නියම දේ මතු කරනවා. එහෙම ශක්තීන් සහ ධර්මතා කියන සමස්ථය ගොඩනගනවා. සමස්ථය එකින් එක දකිනවා. ශිව වෙන්න පුලුවන්, ශිවගේ ඇවටා වෙන්න පුලුවන්, එයා සමස්ථ විෂයය පථය තුලම විහිදුවලා එකින් එක නැවත අනුලෝමව, ප්‍රතිලෝමව පරික්ෂා කරනවා. ධර්මතා සියල්ල, ශක්තී සියල්ල, පදාර්ථ සියල්ල, මේ දේ මේ ලෝකයේ විය යුත්තක්ද, නොවිය යුත්තක්ද, සියල්ල පරික්ෂා වෙනවා ඇවටා ලෝකයේ. ඒ ඇවටා වලට අදාලව පුද්ගල චරිත බොහෝ විට බිහි වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඇවටා වලට සාපේක්ෂව පුද්ගල චරිත සුළු වශයෙන් තියෙන්නත් පුලුවන්, ප්‍රබල වශයෙන් තියෙන්නත් පුලුවන්. එතකොට මේ ටික ඔක්කොම පරික්ෂා කර ගෙන ගියාට පස්සේ, මහා නාරායන් කියන ධර්මතාවය තුළ නැවත ඒක පරික්ෂාවට පත්වෙනවා, ශිව පරික්ෂා කරලා ඉවර වුනාට පස්සේ තමයි මහා නාරායන් කියන තැන හම්බ වෙන්නේ. මහා නාරායන් වුනාට පස්සේ මහා නාරායන් ඒ ඇවටා එක නැවත පරික්ෂා කරලා විනිශ්චය කරලා නියමයක් බවට තහවුරු කිරීම නැවත වතාවක් සිද්ධ කරනවා. නැවත වතාවක් සිද්ධ වුනාට පස්සේ මේ තාක් කතා කරලා තියන සියළු ධර්මතා නිශ්ප්‍රභා වෙලා යනවා. ඒ නිශ්ප්‍රභා වෙලා යෑම තමයි දහම වෙන්නේ. නිශ්ප්‍රභා වෙනවා කියන්නේ ඔබ යම් කිසි දෙයක් තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්තා කියන තේරුම් ගැනීම් සියල්ල අහෝසි වෙලා යනවා. ඒ නිසා තමයි ඵල වලට පත් වුනු සියල්ලන්ටම exit වෙන්න පුලුවන් අවස්ථාව ලෝකයට හිමි වෙන්නේ. එකෙන් පස්සේ තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ සත්වයෙකුට තේරුම් ගන්න පුලුවන්, දරා ගන්න පුලුවන්, විග්‍රහ කරන්න පුලුවන්, උපරිමයට මෙයා එනවා. අනිත් කිසිවෙකුට වලංගුතාවයක් නැහැ. ඒ නිසා ඇවටා ලෝකවලට පත් වුනු හැමෝටම මේ ලෝකයේ ඉන්න හේතුවක් නැහැ. ඒ අයට මේ ලෝකයේ කරන්න පුලුවන් රාජකාරි සියල්ල අහෝසි වෙලා යනවා. ඊට පස්සේ ඒ වටා එකතු වුනු සියළු පිරිස් නැවත එකතු කරගෙන නැවත ඒ ලෝකයේ සත්වයාට ධර්මය කියලා දෙන්නේ නැහැ. ඒ සම්මුති ලෝකය නැවත එළියේ ප්‍රතිනිර්මාණය කරනවා. ඒ මොනවාටවත් පැවැත්මක් නැතුව යනවා. පැවැත්මක් නැති නිසා සත්වයාටත් ගැලවීමක් හම්බවෙනවා. ඊට පස්සේ මහා නාරායන්ට එතනින් එහාට ලොකු දුරක් තියනවා. එයා ඒක කරලා ඉවර වෙලා ආපසු පහලට බහිනවා. සියලුම වැඩ සම්පූර්ණ කරලා මනුෂ්‍ය ලෝකයට මනුෂ්‍යයෙක් විදිහට එනවා. මනුෂ්‍ය ලෝකය තුල නැවත ස්ථාපිත වෙනවා. කායික දේවල් දැනෙන, සිතුම් පැතුම් දැනෙන, කෙලෙස් ලෝකය දැනෙන, මනුෂ්‍ය ස්වරූපයකට එනවා. මනුෂ්‍ය ස්වරූපයකට ඇවිල්ලා එයා මනුෂ්‍යයෙක් විදිහට මේ සියල්ල කතා කරනවා. එතන තමයි නියම චරිතය තියෙන්නේ. උදාහරණයක් විදියට හඳට යන එක අමාරු වැඩක්නේ. හදේ ඉන්න එක අමාරු එකක්නේ. හදේ ඉදලා පොළවට එන එකත් අමාරු වැඩක්නේ. එහෙම කරලා ඉවර වෙලා ආපහු ඇවිල්ලා සතුටු සාමිචියේ ඉන්න එක කොහොම දෙයක් ද?. අන්න ඒ තැනට එනවා. ඒ ඇවිල්ලා කතා කරන එක දිව්‍ය ලෝකයේ ඉදලා කතා කරනවා වගේ එකක් තියෙන්නේ. හරිම සතුටක් දැනෙන එකක් එතන තියෙන්නේ. සම්පූර්ණ mission එක ඒක තමයි.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27