maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

චිත්ත

මමත්වයේ පූර්ණත්වය

2024-08-08

Maithribodhi

මමත්වයේ පූර්ණත්වය යනු පුද්ගල ස්වභාවයෙන් නොමිදී නිර්වාණය සාක්ෂාත් කලා වැනි අදහසකට පැමිණීමයි. “මගේ සසර දුක අවසන්..” “මට කිසිම දුකක් නෑ..” “මට ප්‍රශ්නයක් නෑ..” ලෙස එවැනි ස්වභාවයන් සහිත පුද්ගලයන් නිතර ප්‍රකාශ කරනු දැකිය හැකියි. ඔවුන්ගේ සැබෑ අත්දැකීම ද එය විය හැකියි. බොහෝ දෙනා නිවන සොයන්නේ මමත්වයට දුක දැනෙන කාරණයට සාපේක්ෂවයි. එය බුද්ධ පෙන්වාදුන් මාර්ගය නොවේ. එය පරණ ගෙයක් තීන්ත ගා අලුත් කිරීමක් වැනියි. මෙහිදී සිදුවන්නේ මමත්වය ආරෝපණය වූ ආයතන, කර්ම, සංඥා ආදියෙන් පලායාමට සහ ඒවා නැති කිරීමට උත්සාහ කිරීමයි. මෙය මමත්වයට සාපේක්ෂව අනිත් සියලු ප්‍රශ්න විසඳුනු විට පැමිණෙන සුවපහසු කලාපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

 

නමුත් ධර්මයත්, රහත් හා බුද්ධ ස්වභාවයනුත් ඕනෑම වෙලාවක පවතින්නේ පුද්ගල ස්වභාවයෙන් තොරවයි. 

 

මැස්ලෝ ධූරාවලිය ඇසුරෙන් මේ මානසික ස්වභාවය හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් 

 

ත්‍රිකෝණය වෙනත් විදියකට දැකීම:

 

ඉහත ත්‍රිකෝණයේ සඳහන් කාරණා සපුරා අවසන් ලෙස තහවුරු වීම පිළිබඳව මානසිකව ගොඩනැගෙන විශ්වාසය තුළ කෙනෙක් මමත්වයේ පූර්ණත්වයට පත් වෙනවා. කායික නිරෝගීතාවය, ආර්ථික පහසුව, ආදරය පිළිබඳ අවශ්‍යතා ඉෂ්ඨ සිද්ධ වීම, උගත්කම සමාජ පිළිගැනීම, පරාර්ථ චර්යාවෙන් ලැබෙන සතුට,  විවිධ වූ දියුණු මානසික අත්දැකීම් හරහා මෙම විශ්වාසය ගොඩනැගෙනවා. 

 

ඔබට මමත්වය නොදැනෙන අසුනොවන තැනටම  මමත්වයට පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්. ඒ තමයි මමත්වයේ ස්වභාවය.

 

මමත්වයට දුක දැනෙන, ප්‍රශ්න විදියට දැනෙන සියලු කාරණා වලට සාපේක්ෂව  ඒ සියලු ප්‍රශ්න විසඳුණු බවට ගොඩනැගෙන මානසිකත්වය තමයි මෙහදී ඔවුන්ට නිර්වාණය ලෙස දැනෙන්නේ. “මම අටලෝ දහමට කම්පා වෙන්නේ නෑ”, “මට හිතන්න දෙයක් නෑ, ප්‍රශ්නයක් නෑ.” “නිවන් කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නෑ” ආදී වශයෙන් ඔවුන් තුළ සියලු කාරණා සම්පූර්ණ ලෙසයි ඔවුන්ට හැඟෙන්නේ. දැනුම, තොරතුරු, සම්පත්,  ධනය, නිරෝගී කම, පිරිස් බලය, සමාජ වටිනාකම්… ඔවුන්ට නිර්වාණත්වය ලැබිලා තියෙන්නේ ඒ විදියට. අවසානයේ මේ සියල්ල මනස තුළ ගොඩනගාගත් විශ්වාසයන් බව ඔවුන් දන්නේ නෑ. 

 

මමත්වය විසින්ම මමත්වයට දුක දැනෙන කාරණා වලට සාපේක්ෂව ඒවා විසඳී ඇතැයි යන මානසිකත්වය ගොඩනගා ඒ තුළින් මමත්වය පූර්ණත්වයට පමුණුවනවා. හැබැයි එවැනි අයට ධර්මතාවයන් දකින ක්‍රමවේදය හරියටම අහගන්න ලැබුනොත් මාර්ගය ඉක්මනින් වැඩෙනවා. මොකද ජීවිතේ ‘ඇරියස්’ නෑ. අනිත් අය මාර්ගයේ ටික දුරක් ගිහිං ජීවිතේ ඇරියස් කවර් කරන්න ආපසු යනවා. ටික කලකින් ඔවුන්ට ආධ්‍යාත්මික මාර්ගය අමතක වෙනවා. නමුත් මමත්වයේ පූර්ණත්වයට පැමිණි අයට ආධ්‍යාත්මික මාර්ගය දැනුණොත් ආපසු හැරෙන්න දෙයක් නෑ. ඔවුන්ට ජීවිත අවබෝධය තිබෙනවා. ඔවුන්ට ආපහු ගිහිල්ලා කරන්න දෙයක් නෑ. ඇත්තටම ඔවුන් තමන්ව විශ්වාස කරන නිසයි ඒ තරම් පරිපූර්ණත්වයට පත්වෙන්නේ. ඉතින් ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ බුද්ධ දකින්න පමණයි.  ඔවුන් බුද්ධ කියන්නෙත් තමන්ම බව තාම දන්නේ නෑ. බුද්ධ හරියටම දැක්කා නම් ඒ කියන්නේ තමන්ව දැක්කා කියන එකයි. එතනදි තමයි තමන්ව දැකීම හා තමන් පිළිබඳ විශ්වාසය පූර්ණ වන්නේ.

 

ඒ වගේම තවත් පැතිකඩක් තමයි, කෙලෙස් වලට සාපේක්ෂව මනස දියුණු කරන්න පුළුවන්. මෙය බොහෝවිට සිදුවන්නේ ආධ්‍යාත්මික ගවේෂණයට පැමිණ මානසිකව ආධ්‍යාත්මික ලෝකය ගොඩනගා ගන්නා පුද්ගලයන් තුළයි. කෙලෙස් වලට සාපේක්ෂව මනස දියුණු කළ විට කෙලෙස් හසුවන්නේ නෑ. පංච උපාදානය හසුවෙන්නේ නැහැ. දකින්න බෑ. එවැනි තත්ත්වයන්ට පත්වෙලා ඒ වගේ  ස්වභාවයන්ද නිවන විදියට දකින අය ඉන්නවා.


 

‘මම’ නිවන් දක්වන්න ගිහින් ගොඩනැඟුණු ඒ මානසිකත්වය ඉක්මවා යන්න තමයි සිහිය, විදර්ශනාව, ප්‍රඥාව, ඥාන දර්ශනය, අවංකත්වය, පාරිශුද්ධත්වය ආදී ආධ්‍යාත්මික මානයන් හඳුන්වා දෙන්නේ ඔබට බුද්ධ දැක ගැනම සඳහා. බුද්ධ කියන්නේ මොකක්ද එහෙම දෙයක් නෑ.  තමන් තුළ බුද්ධ අවදිවෙන කොට  මේ ලෝකෙ තියෙන සත්‍ය අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. අවබෝධ වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ මමත්වය නිරෝධ වෙනවා. 

 

බුද්ධ නොමැති නම් වෙන්නේ මමත්වයට හානිකරන කාරණා නිෂ්ප්‍රභා කරනවා;. දුක නැති කරනවා; කෙලෙස් නැති කරනවා; අහිමි වීමෙන් ඇතිවන වේදනාව නැති කරනවා;  ප්‍රශ්න නැති කරනවා. බුද්ධ මොකුත් නැති කරන්න යන්නේ නෑ. තේරුම් ගන්නවා. තේරුම් ගන්න තේරුම් ගන්න මමත්වය බුද්ධ  වෙනවා. බුද්ධ කියන්නේ නොපැවැත්ම. අවබෝධයයි පූර්ණත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ නිවන් දැක්කා කියන එක නෙවෙයි. එතකොට එයාට පුලුවන් මම කවුද කියලා දකින්න. එතැන තමයි හේතු ඵලය හරියටම නිරුද්ධ වන තැන. මේ දක්වා අනවබෝධයෙන් සිටීමෙන් ඇති වුණා වූ හේතුඵල ක්‍රියාකාරීත්වය තමයි නිරුද්ධ වෙන්නෙ. හේතුඵල ක්‍රියාකාරීත්වය තමයි මම විදියට පැවතිලා තියෙන්නේ. ඒ බව වැඩුණු බුද්ධියට අවබෝධ වෙනවා. බුද්ධ කියන ධර්මතාවය නැති වුණොත් ‘මම’ කියන ධර්මතාවයට සාපේක්ෂව තමයි කාරණා තේරුම් ගන්නේ. ඒක මට වාසියි. නමුත් බුද්ධ තේරුම් ගන්නේ ධර්මතාවය.

 

ඔබ කවුද කියලා ඇහුවොත්? බුද්ධ. ඔබ බුද්ධ වෙනුවෙන් ඔබව අතහැරියොත් ඒ අතහැරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්ම තමයි. ඒ තුළින් හේතු සහ කුසල පූර්ණය වෙනවා.  ඔබ බුද්ධ විශ්වාස කරොත් ඒ විශ්වාස කරලා තියෙන්නේ ඔබවම තමයි. ඒ තුළින් ශ්‍රද්ධාව පූර්ණය වෙනවා. ඔබ බුද්ධ තුළින් දැක්කොත් දැකලා තියෙන්නේ ඔබවම තමයි ඒ තුළින් ප්‍රඥාව පූර්ණය වෙනවා.

 

බුද්ධ කියන්නේ මොකක්ද?. ඇත්තටම එහෙම එකක් නෑ.

 

 

Buddha Bodhi බුද්ධ

මෛත්‍රි සම්මා සම්බුදු රජු

මේතාක් අපි කතා කරපු දර්ශනය මෛත්‍රී බුද්ධ දර්ශනය නෙවෙය...
Buddha Bodhi බුද්ධ

පැවැත්ම හා බ්‍රහ්මචරියාව

විශ්වය කියන්නේ සමතුලිතයක්. එය සමතුලිත වෙන්න හදන ප්‍රය...
Buddha Bodhi මෛත්‍රී බුද්ධ

අනාගත වංශ කතාව

  සත්බුදු මහා මෛත්‍රී බුදුන් වහන්සේ බෝ...
Buddha Bodhi සත්ව

දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු

  මේ ධර්මතාවය මේ මොහොතේ මතු කරන්නට මුල පුර...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....