maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බුදුන් කවුද?

2024-08-31

Maithribodhi

මේක ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලේ සිද්ධ වුණු සිදුවීමක්. ඒ කාලේ එක්තරා පුද්ගලයෙක් සිටියා, ඔහු කතා කරන දේවල් අනුව මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා, ඔහු රහත් ද කියලා? ගෞතම බුදුහාමුදුරුවොත් කිව්වා ඔහු නිතර කතා කරනවා කියන කාරණා අනුව ඔහු රහත් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් ඔහු රහත්මයි කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ නෑ. ඒ පුද්ගලයා බුදුන් හම්බෙන්න ආවෙත් නෑ. දවසින් දවස මේ පුද්ගලයා පිලිබඳව කතන්දර සහ ප්‍රශ්න වැඩිවෙන්න ගත්තා. දවසක් එහෙම ප්‍රශ්නයක් මතු වුණු වෙලාවක, ගෞතම බුදුහාමුදුරුවෝ පිරිසට කිව්වා ඒ පුද්ගලයාගේ රහත්භාවය පිළිබදව රාහුලගෙන් අහන්න කියලා.

 

ඉතින් පිරිස රාහුල ගාවට ගිහිල්ලා අහනවා ඒ පුද්ගලයා ඇත්තටම රහත්ද කියලා. 

එතකොට රාහුල ඒ පිරිසගෙන් පෙරළා ප්‍රශ්නයක් අහනවා ඒ පුද්ගලයා රහත් නෙවෙයි කියලා කියන්න ඔබලා ළඟ තියෙන සාධක මොනවද කියලා.

 

ඒ වෙලාවේ ඒකට සාධක ඉදිරිපත් කරන්න කවුරුවත් සමත් වුණේ නෑ. ඉතින් රාහුල ඒ පිරිසට කියනවා ඒක තමයි ඔබලා එතුමා රහත් කියලා ඔප්පු කරන එකම සාධකය කියලා.

 

ඒ පිරිස ඒ කාලේ හිටපු හොඳ ප්‍රඥාවන්තයන් පිරිසක්.  බුදුහාමුදුරුවෝ ඒ පිරිස නැවතත් කැඳවනවා. ඒ කට්ටිය බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ඔබ වහන්සේ දැන් වැඩ ඉන්න ජීවමාන බුදුන්. ඔබවහන්සේට විසඳන්න නොහැකි ප්‍රශ්නයක් රාහුල විසඳන්නේ කොහොමද? කියලා. 

 

ඔවුන්ගේ ගැටලුව වන්නේ ජීවමාන බුදුන් ගෞතම බුදුන් වහන්සේ ද, රාහුල ද කියන එකයි.

 

මෙහිදී ඒ අය හා රාහුල අතර ප්‍රශ්න හුවමාරුවක් සිදුවෙනවා.

 

ඔබ බුදුන් ලෙස හඳුනන්නේ කවුද? රාහුල ඒ පිරිසගෙන් අහනවා.

 

අපි බුදුන් ලෙස හඳුනන්නේ ගෞතම බුදු හාමුදුරුවන්ව. කවුද? බුදුන්. ඔබ වහන්සේ ද  බුදුන්? පිරිස රාහුලගෙන් අහනවා.

 

“නෑ, මම බුදුන් නෙවෙයි” කියලා රාහුල පිළිතුරු දෙනවා.

 

පිරිස  නැවතත් අහනවා එතකොට බුදුන් කවුද? කියලා.

 

ගෞතම බුදුහාමුදුරුවෝ ආසනයෙන් නැගිටලා ඒක ඔය කට්ටියට බාරයි කියලා යනවා.

 

එතන සැරියුත් හාමුදුරුවොත් ඉන්නවා. ඔවුන් උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා.

 

අපිට තීරණය කරන්න පුළුවන් නම් අපි අහන්නේ නෑ. මේ ප්‍රශ්නෙදි අපි අනාථ වුණා. ඔබවහන්සේ මේ ප්‍රශ්නය විසඳන්න කියලා ඔවුන් සැරියුත් හාමුදුරුවන්ට කියනවා.

 

එතකොට සැරියුත් හාමුදුරුවෝ මෙහෙම කියනවා. බුදුන් කියලා කියන්නේ ඥානයක්. ඒ ඥානය යම් යම් කාරණා, ප්‍රශ්න මත ක්‍රියාත්මක වන ආකාරය විවිධාකාරයි. ඒ ප්‍රශ්නයට කාලෝචිතව හොඳම පිළිතුර දෙන්න පුළුවන් කෙනා, ඒ මොහොතේ  බුදුන්.

 

ඔබලාට මං දුන්න පිළිතුර තේරුණාද? සැරියුත් හාමුදුරුවෝ ඒ පිරිසගෙන් අහනවා.

 

එසේ නම් මේ මොහොතේ බුදුන් මම.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....