maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය

2024-08-31

Maithribodhi

දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ හා රාහුල සමඟ බිතුසිතුවමක් අසල දි මෙහෙම කතාවක් ඇති වුණා. 

 

ගෞතම බුදුන් රාහුල ගෙන් ඇහුවා, මේ චිත්‍රය දැකලා මට හිතෙන දේ ඔබට කියන්න පුළුවන්ද කියලා.

 

රාහුල කිව්වා ඒක කියන්න බෑ කියලා.

 

ඊට පස්සේ බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙනුත් ඒ ප්‍රශ්නෙම ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ කිව්වෙත් බෑ කියල.

 

ඊළඟට රාහුල ගෞතම බුදුන් ගෙන් ඇහුවා ඔබවහන්සේට පුළුවන්ද කියලා. 

 

ගෞතම බුදුන් කිව්වා මටත් බෑ කියලා. මට දැනෙනවා යම් ප්‍රමාණයක්, නමුත් ඔබ හිතන දේ මට කියන්න බෑ කියලා. 

 

ඒක මනසත් එක්ක ඉන්නකොට වෙන දෙයක්.

 

බුදුන් වහන්සේ තවදුරටත් මෙහෙම කිව්වා.

 

"මෙතන මිනිස්සු සීයයක් හිටියොත්, ඒ සිය දෙනාට මේ එකම චිත්‍රය දිහා බලලා හිතෙන්නේ සිය විදියකට. මිනිස්සු තමන් කැමති විදියට තමයි ලෝකය දකින්නේ. තමන්ගේ ඇතුලේ තියෙන දේවලුත් දාලා තමයි ලෝකය හදන්නේ. "

 

රාහුල දෙසට හැරුණු උන්වහන්සේ මෙහෙම දේකුත් කිව්වා.

 

" ඔබට බිහිවන කාලය, ජීවත්වීමට හොඳම කාලය නෙවෙයි. ඒ නිසා තනිව වාසය කරන්න, තනිව ඉන්න. මොකද ඒ කාලේ ඉන්න අයගේ සිතිවිලි, කර්මය, මනස බොහොම ඉක්මනට වෙනස් වෙනවා. දකින විදිය වෙනස් වෙනවා. ඒ නිසා කිසිවෙකු විශ්වාස නොකරන්න. ඔබට මල් පුදන අය ටික දිනකින් ඔබට ගල්ගසාවී. හැබැයි ගල් ගහන අය දවසක ඇවිල්ලා මල් පුදාවි. "

 

මෙතැනදි විශ්වාස කරන්න එපා කියලා කිව්වේ විස්වාස නොකරන මානසික ලෙඩක් වගේ තියෙන ස්වභාවය නොවෙයි. 

 

"තීරණ ඔබ තනිව ගන්න. තීරණ වල වගකීම ද තනිව ගන්න."

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....