අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
මේතාක් අපි කතා කරපු දර්ශනය මෛත්‍රී බුද්ධ දර්ශනය නෙවෙයි. අපි මේ තාක් කතා කළේ බුද්ධ දර්ශනයයි. නමුත් මේ යුගයට අවශ්‍ය මෛත්‍රී බුද්ධ දර්ශනයි. ඒකට හේතුව සත්වයාගේ පරිණාමයට අනුව සැකසිලා තියෙන්නේ ඒ විදිහට තමයි.
මේ පරිච්ඡේදයේ දී දැන් ජීවමානව ඉන්නේ මෛත්‍රී බුදු රජු තමයි.
මෛත්‍රී බුදු රජුගේ වපසරිය තුල බොහෝ වෙලාවට කතා කරන්නේ කර්මය ගැනයි. ඒකෙදි මෛත්‍රී බුදුරජු කර්මයෙන් මාර්ගයක් සත්වයාට පෙන්නනවා. ඒ අනුව මෛත්‍රී බුද්ධ දර්ශනය මතුවෙන්න පටන් ගන්නවා. අනිත් කාරණය නම් සත්වයාට ගැලවෙන්න පුළුවන් මාර්ගය කර්මයෙන් පෙන්නන්න පුළුවන් වෙනවා.
කර්මය කියන්නේ මොකක්ද?
කර්මය කියන්නේ යම් ශක්ති ප්‍රභවයක්, ඒ ශක්ති ප්‍රභවයට ආකර්ෂණය වන තවත් යම් ශක්ති ප්‍රභවයක් දෙසට ගමන් කරන ගමන්… තවත් ශක්ති ප්‍රභවයන් සමඟ සම්බන්ධ වෙමින්… තවත් ශක්ති ප්‍රභවයන් සමඟ ප්‍රතික්‍රියා කරමින්… ගැට ගැසෙමින්… නව ශක්තීන් ප්‍රවර්ධනය වීම මගින් විවිධාකාර වූ දිශානතියන්ට ගමන් කිරීමයි.
දැන් බලන්න මේ මොහොතේ අපි හතර දෙනා කොහොමද මුණගැහුනේ කියලා? කොහේ ඉඳලද ආවේ? කොහොමද අඳුනන්නේ? අපි ඥාතියෝද? මේ මොහොතේ මොන කාරණයකටද මුණ ගැහුනේ? දැඩි විශ්වාසයකින්, දැඩි ලෙන්ගතුකමකින්, මේ මොහොතෙදි අපි සකස් වුණේ කොහොමද?” කවුද ඔබ මෙතනට රැගෙන ආවේ කියලා ඇහුවොත්, උත්තරයක් නෑනේ.. මෙතනට ඔබව රැගෙන ආවේ කර්මය. ඒකට තමයි කර්මය කියන්නේ.
කර්මය කියන කාරණය විෂය ඉතා ගැඹුරු යී. ඒක ඔබට පරණ එකක් එක්ක පැටලෙන්න පුළුවන්.
මෙහෙම හිතන්නකෝ ඔබට හතුරෝ, තරහකාරයෝ, වෛරක්කාරයෝ, ඔබව පහළට ඇදලා දාන අය, නිග්‍රහ කරන අය ඉන්නවා කියලා හිතන්නකෝ, ඒ සියල්ලම ඔබේ කර්මය මිස පුද්ගලයෝ නොවේ.
උදාහරණයක් විදිහට මට ඉස්සර හිටපු භාවනා මධ්‍යස්ථානයෙන් යන්න කියනවා ඒ වගේ සිද්ධීන් බලන්නකොට ඒගොල්ලෝ වැරදි නෑ. මොකද ඒක ඒ අයගේ හා මගේ කර්මයේ ස්වභාවය. එතනදි ඒ අය ඒ අයගේ කර්මය එක දිසාවකට වඩා ගන්න ඇති. මම මගේ කර්මය වෙන දිශාවකට වඩා ගන්න ඇති.එතකොට මේ හැම තැනම තියෙන්නේ කර්මයේ ක්‍රියාත්මක වීම තමයි. මේ කර්මයෙන් මිදිලා ඉන්න එකම ක්‍රමය තමයි Neutral වෙලා ඉන්න එක.
කොහොමද Neutral වෙන්නේ? ඒ කියන්නේ දැන් ඔබටට මෙතෙනට එන්න කියලා අණ කිරීමක් කරා නම්, එතන කර්මය තියෙනවා. හැබැයි අදහසක් විදිහට දුන්නොත් එහෙම කර්මය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට ඔබට නොයා ඉන්නත් පුළුවන් එන්නත් පුළුවන්.
එතකොට මේකත් බලන්න. ගඟ ගලනවනේ ගඟ ගලන එක ඒකේ ස්වභාවය. ගඟ ගලවනවා නෙවෙයිනේ. හැබැයි පයිප්ප මාර්ගයක් අතරින් ජලය ගලන එක තුල කර්මය තිබෙනවා. මොකද ඒක කරවපු එකක්.
මේ විශ්වයේ පවතිනවා neutral ස්වභාවයක් ඒක අප තුළත් පවතිනවා. එතන කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ යමක් කරන තැන මමත්වය ඇවිල්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන කර්මය තියෙනවා.
හැබැයි ඔබ යමක් කරන්නේ නෑ. හැබැයි කරනවා. මේක ඉතා සියුමව විසඳාගන්න අවශ්‍ය කාරණයක්. මේ කියන තැන ඔබ දෙයක් කරනවාත් නොවෙයි, ඔහේ වෙන්න ඇරලා අපතයා වගේ ජීවත් වෙන එකත් නෙවෙයි.
බලන්න දැන් අපි කකනවානේ වැසිකිළි යනවනේ ඒ වගේ ඒවා ක්‍රියාවෙන් තොරව කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලට ආස කෑමක් කන්න හිතෙනවා, ඒක සොයාගෙන ගිහින් කනවා කියන්නකෝ එතකොට කර්මය ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් බලනකොට හැමවිටම කර්මය ක්‍රියාත්මක වෙනවා තමයි. මේ කාරණය ඉතා ගැඹුරු කාරණයක්. අපි කියමුකෝ බඩගින්න නිසා කන්න ගියා කියලා එවිටත් කර්මය ක්‍රියාත්මකයි. හැබැයි ඔබ එම කර්මයට බැස ගන්නේ නෑ.
දැන් මෙතනදි කවුරු හරි ඔබට සැර පරුෂ වචනයෙන් බනිනවා කියලා හිතන්න. එතනදි ඒ පුද්ගලයා බනිනවා තමයි, එතකොට අපි ඒක අපේ කර්මය කියලා දන්නවා. නමුත් ඒ කර්මයට බැස ගන්නේ නෑ, එවිට කර්මය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කර්මයට තමන් සම්බන්ධ වෙන්නේ නෑ. නමුත් කර්මය ක්‍රියාත්මකයි. එතන ඉන්නේ ඒකෙන් අයින් වෙලා. බුද්ධ කියලා කියන්නෙත් ඒකටම තමයි.
කර්මය ක්‍රියාත්මක නොවන කිසිම අවස්ථාවක් නැහැ. කර්මය ජනිත කරමින් වන අවස්ථාවන් තියෙනවා. එක එක විදිහට කර්මය තියෙනවා. හැබැයි කර්මය ක්‍රියාත්මක වෙන්න දීලා තමන් ඒක බවට පත් වන්නේ නැතුව ඉන්න පුළුවන්.
මෛත්‍රී බුදුරජුන්ගේ වෙනම චතුරාර්ය ශක්තිය දේශනාවක් නෑ. මෛත්‍රී බුදු රජු කියන්නේ විශ්වයේ පවතින පාරිශුද්ධත්වය එකට එකතු වෙලා හැදුනු එකක්. එතකොට මෛත්‍රී බුදු රජු කියන එක තුළ චතුරාර්ය ශක්තිය කියන එක තියෙනවා. සැමවිටම මෛත්‍රී බුදු රජු දේශනා කරන්නේ චතුරාර්ය ශක්තිය දේශනාම තමයි. ඒකට වෙනම දේශනයක් නෑ. මෛත්‍රී බුදු රජුගේ දේශනා සියල්ලම චතුරාර්ය ශක්තිය දේශනා තමයි. ඒ දේශනා සියල්ලම විශ්වයට ආමන්ත්‍රණය කරන පණිවිඩ තමයි තියෙන්නේ.
කර්මයේ පිහිටන්න පුළුවන් කිව්වත්, ඒත් කර්මය ක්‍රියාත්මක වෙනවා. බෑ කිව්වත් කර්මය ක්‍රියාත්මක වෙනවා. නොකියා හිටියත් එතනත් කර්මය ක්‍රියාත්මකයි. හැබැයි මේ එකකටවත් ඇහුවෙන්නේ නැතිව කියන්නත් ඕන. කර්මය ක්‍රියාත්මක නොවෙන්නත් ඕනේ.
ප්‍රශ්නය: ඒ කියන්නේ කේන්ද්‍ර ගත වෙන්නේ නෑ කියලද කියන්නේ?
පිළිතුර: නෑ කේන්ද්‍රගත වෙන්නේ නෑ කියන එක නෙමෙයි. කර්මයත් එක්ක තමන්ගේ බැඳියාවක් නෑ කියන එක. connection එකක් නෑ. නමුත් කර්මය ක්‍රියාත්මකයි. තමන් එකට connect නෑ.
ප්‍රශ්නය: එතකොට ඒකට බුද්ධ කියනවනේ. රහත් වුණ කෙනෙකුට ඒක නිතැතින් වෙන්නේ නැද්ද?
පිළිතුර: එතැනදී රහත් වුණ කෙනෙක්ගේ පරිනිර්වාණය කියන ඵලයෙදි තමයි ඒක සිද්ධ වෙන්නේ.
ප්‍රශ්නය: කය අත අරින වෙලාවෙදී ද?
පිළිතුර: බෝධිය පනවන එකේදී කරන්නේ තියෙන කර්ම පථයෙන් ගලවලා, අලුත් කර්ම පථයක් දෙන එකයි. එතකොට කර්ම පථය ක්‍රියාත්මකයි. හැබැයි මෛත්‍රී බුදුවරයාට මාර්ග දර්ශනයක් දෙන්න පුළුවන්, කෙලින්ම පිරිනිවීමට ඵලය දෙන්න පුළුවන්. ඒ කියන්නේ පිරිනිවීම පෙන්නලා දෙන්න පුළුවන්. පිරිනිවීමේදී තියෙන දේ දැන් පෙන්නලා දෙන්න පුළුවන්.
රහත් ඵලයේ ඉන්න කෙනාගේ කර්මය ක්‍රියාත්මකයි. බුදුවරුන්ගේත් කර්මය ක්‍රියාත්මකයි. මෛත්‍රී බුදුවරයාගේ වුණත් කර්මය ක්‍රියාත්මක වෙනවා. ඒ වුණාට ඒකට connect වෙලා නැතුව ඉන්න පුළුවන්.
රහත් ඵලයට පත්වුණ කෙනෙක් ගොඩක් වෙලාවට ඉන්නේ එහෙම තමයි. හැබැයි බෝධියට අදාලව කර්මය ක්‍රියාත්මකයි. බෝධියට අදාළ කර්මයත් එක්ක එයා Connected.
ප්‍රශ්නය: මමත්වයෙන් තොරයි කියන එකත් ඒක නෙවෙයිද?
පිළිතුර: එහෙම කියන්නත් පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ, මමත්වය කියලා අල්ලගෙන ඉන්න වපසරියේ සීමාවට ඒක කොටුවෙනවා.
මම සත්වයා වෙනුවෙන් වැඩ කරනවා කියන එක මමත්වයෙන් තොරයි නේ. හැබැයි එහිදී කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැතිව ඉන්නේ නෑනේ. අනිත් පැත්තට බලනකොට එතනත් මමත්වයක් තියෙනවා තමයි. එතනදි මමත්වය වෙනස් වෙන්නේ අපි දීලා තියෙන අර්ථකථනයන් එක්ක.
මා දකින යම් දර්ශනයක සංකල්ප කියන එක මූලික කරගෙන කතා කරන හාමුදුරුකෙනෙක්ව දකිනවා. මම දකිනවා ඒ හාමුදුරුවන්ගේ හදපු කුටිය ගිනි අරගෙන, තිබුණු ඒවත් හොරු අරං, උන්වහන්සේ ගාව තිබුණු විශාල දෙයක් නැතිවෙලා. කලබලයෙන් වගේ නොසන්සුන්ව ඉන්නවා. මම එතනට ගිහින්, මේ සියල්ල සිත තුළ හටගන්නා සංකල්ප ටිකක් විතරයි නේද හාමුදුරුවනේ කියලා යනවා. එතකොට මෙයාට සංකල්ප වලින් එහාට එකක් තියෙන බව වැදුණා කියලා තේරෙනවා. සංකල්පයක් කීමෙන් කර්මයෙන් ගැලවෙන්න බෑ. කර්මය කියන්නේ සංකල්පයක් නෙවෙයි.
එතකොට කර්මය ගැන විතරමයි කතා කරන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. එතකොට කර්මය ගැන විතරක් කතා කරන්නේ, කර්මයක් විතරයි මෙතන තියෙන්නේ. නෑ කියන්න පුළුවන්ද?
නෑ කියන්න පුළුවන් කියමුකෝ, නෑ කියන්න පුළුවන් කියන සිතිවිල්ල කොහොමද ජනිත වුනේ. කියන්න පුළුවන්ද? අනිත් උත්තර වලට සාපේක්ෂව කොහොමද මේක නිර්මාණය වුණේ? මේ මොහොත මේ විදිහට සම්බන්ධ වුනේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඒක තමයි කර්මය කියන්නේ කියන්නේ.
මේ දක්වා හැදුණු සියලු ආධ්‍යාත්මික මූල කායන් හෙවත් ඇවටා විනාශ විම සිදු වෙනවා. ඒ ඇවටා ඒ විදියට මතු වුණේ මේ දක්වා ආපු ගමන් මාර්ගය, මාර්ගයේ ඉතිහාසය, ඒ linage එක පෙන්වීම සඳහා යි, සත්බුදුවරයා ආපු මාර්ගය ලෝකයා ඉදිරියේ තහවුරු වෙන්නේ ඒ තුලින්. ඒ කියන්නේ මේ සෑම ආධ්‍යාත්මික ඵලයක්ම ස්පර්ශ කරලා, බුදුවරයාට අදාල සියළුම දේ කරලා ඒ සඳහා මාර්ගය කියලා, අවසන් වෙන තැන පෙන්නලා, පූර්වා අපර සන්ධි නිර්මාණය වුණ විදිහ පෙන්නලා, මේ සියල්ලම පෙන්වා දක්වනවා. සියලුම ඇවටා වල ඉඳලා සියලුම ඇවටා අයින් කරනවා. මේ වෙනකන් පසුකරපු ඉතිහාසයම අයින් කරලා දානවා. බුද්ධ දර්ශනයත්, බුද්ධ දර්ශනය සමග ආපු අනෙකුත් කතා සමග එය විකාශනය වූ ආකාරය පැහැදිලි කරලා කියලා ඔප්පු කරලා, එක එක ආකාරයට මතු කරලා ඒ ඉතිහාසය අරන් පෙන්නලා මේ දක්වා ආපු මාර්ගය නිවැරදියි කියලා සත්වයාට ඔප්පු කරනවා. ඒ වගේම සත්වයා ගලවන්න පුළුවන් මාර්ග ගණනාවක් ධර්මතාවයන්ට අනුව මතු කරලා තිබෙනවා.
ප්‍රශ්නය: ඇවටාර් ඔක්කොම විනාශ වෙලා යනකොට කොහොමද සත්වයා නිවන් දක්වන්නේ?
පිළිතුර: මෛත්‍රී බුද්ධ ගාව තියෙනවා සෑම සත්වයෙක්ම නිවන් දක්වන්න පුළුවන් සියලුම ක්‍රම. ඒ කියන්නේ සත්වයා ඉන්න සෑම තැනකින්ම එගොඩ වෙන්න තොටුපළක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. කලින් දැක්කේ තොටුපළවල් ටිකක් විතරයි. මෛත්‍රී බුද්ධට ඕනෑම සත්වයෙක් එතෙර වෙන ඕනෑම තොටුපළක් දකින්න පුළුවන්.
ප්‍රශ්නය: කලින් කතා කරපු නියාම ධර්මයන් කැඩෙනවද?
පිළිතුර: නෑ කැඩෙන්නේ නෑ.
ප්‍රශ්නය: නියාම ධර්ම පහක් කතා කරනවනේ. කොස් ගහේ කොස් ඇටය පැලවෙන්න අදාළ කර්මයට බීජ නියාමයත් අදාළද කියලා ඇහුවොත්?
පිළිතුර: එතනදි කොස් ඇටේ බීජ නියාමය වෙනම කිව්වා. එතකොට එතනදි කර්මයට වෙනම අර්ථකථනයක් දීලානේ විස්තර කරේ. ඒ ක්‍රමය තුළ කර්මයට වෙනම අර්ථකථනයක් දෙනවා.
දැන් මේක බලන්නකෝ. මෙතන phone දෙකක් තිබෙනවා. ඒ දෙකම smartphone දෙකක්නේ. හැබැයි එක් phone එකක් samsung phone එකක් කියලා අර්ථකථනය දීලා තමයි අනිත් phone එක iphone එකක් කියලා කියන්නේ. හැබැයි මේ phone දෙකම smartphone දෙකක්නේ.
එතකොට වෙනම අර්ථකථනයක් දීලා තමයි ඒකට කර්මය කීවේ. ඒ අනුව තමයි ඍතු නියාම, බීජනියාම, කම්ම නියාම, ධම්ම නියාම සහ චිත්ත නියාම කියලා වෙන් කරන්නේ. අපි දීපු අර්ථකථනයට සාපේක්ෂවයි ඒක කරන්නේ.
දැන් චිත්ත නියාමයයි, ධම්ම නියාමයයි, බීජ නියාමය වෙන් කරන්නේ අපි චිත්ත නියාමයට දීලා තියෙනවා වෙනම frame එකක්. ඒ frame එකෙන් තමයි ඊළඟ frame එක වෙනස් වෙන්නේ. frame ඔක්කොම එකක් කරන්නත් පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ අපි කඩන විදිය අනුවයි.
ප්‍රශ්නය: එතකොට සියලුම නියාම ධර්මයන් කර්මය කියලා කියන්න පුළුවන්ද?
ප්‍රතිප්‍රශ්නය: ඔබ ඒ සියල්ලම කර්මය කියන්නේ කුමකට සාපේක්ෂවද?
ප්‍රශ්නය: ඔබ වහන්සේගේ කතාවට සාපේක්ෂව. ඔබවහන්සේට අනුව අර්ථකථනයකට සාපේක්ෂව නියාම ධර්ම බෙදුවා කිව්වනේ, එතකොට ඒකට සාපේක්ෂව සියල්ලම කර්මය කියලා කියන්න පුළුවන්ද?
පිළිතුර: බීජ නියාමය කියනවා නම් ඒකට අර්ථකථනයක් දෙන්න ඕනේ, අපි අලුතෙන් අර්ථකථන දෙන්න ගියේ නෑ නේද? ඒකට කලින් අර්ථකථනයක් දීලා තිබුණනේ ඒ අර්ථකථන 5 අනුව තමයි අපි පැහැදිලි කරන්නේ.
එතකොට අපි දැන් කර්මයට වෙනම අර්ථකථනයක් දෙනවා. කර්මය කියන්නේ මේක කියලා අපි නිර්වචනයක් දීලා තමයි කර්මය ගැන කතා කරන්නේ.
ප්‍රශ්නය: එතකොට සියල්ල කර්මය කියලා තමයි කියන්න වෙන්නේ?
පිළිතුර: නෑ එහෙම බෑ, එහෙම කියනවනම් ඒක පදනම් වෙන්න ඕනේ මොකක් හරි නිර්වචනයකට, එතකොට කර්මය කියලා කියනවනම් කර්මය කියලා කියන්නේ මොකකටද කියලා අහන්න වෙනවා. එයා කර්මය කියලා හිතා ගත්ත එකකටද? විපාකයකටද? නෑ කර්මය කියන්නේ විපාක දෙන එකනෙමෙයි. විපාක දෙන එක එකේ අනු කොටසක් විතරයි. චතුරාර්ය සත්‍ය දේශනාවේදී කර්මය කියන එකට සම්පූර්ණ විග්‍රහයක් දෙනවා. ඒකට අනුව තමයි කර්මය මත තමයි සියල්ල කියලා කියන්නේ.
ප්‍රශ්නය: එතකොට නියාම ධර්ම පහට අර්ථකථනයක් ඔබ වහන්සේ දීලා තියෙනවද?
පිළිතුර: නෑ, ඒ සම්මුතියේ පොතේ පතේ තියෙන කාරණාවලට අනුව බීජ නියාමය ක්‍රියාත්මක වෙන්නේ බීජයේ ස්වභාවයට අනුව. ධම්ම නියාමය කියන්නේ… ජලයේ ගලාගෙන යන ස්වභාවය එනම් ජලයේ ධර්මතාවය. ඒ අනුව ඒ වගේ සරලව පවතින කාරණා ටිකක් අරගෙන විස්තර කළේ.
කර්මය මත පදනම්ව කතා කරන නිසා තමයි කර්මයට අර්ථකථනයක් දුන්නේ. ඒ අර්ථකථනය මත තමයි කියන්නේ.
ගසේ කර්මයක් තියෙනවද? ගසේ කර්මයක් තියෙනවා, හැබැයි ගසේ කර්මය භාරගන්න කෙනෙක් නෑ. හැබැයි ගසේ බීජයක් අරගෙන කවුරු හරි වෙන තැනක ගමක් හැදුවොත් ඒ ගස කර්මය නම් ඒ කර්මය භාරගන්න කෙනෙක් එතන ඉන්නවා. එතනදි කර්මය ධර්මතාවය ලෙස පැවතුනාට ඒ කර්මය භාරගන්න හිමිකරුවෙක් ඉන්නවා.
කර්මයේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ, කර්මය හිමි කරගැනීමෙයි. (Involvement)
දැන් හිතන්න, මම ඔබට බනිනවා කියලා. එතකොට ඔබ එයට involve වුණොත් එතනදි කර්මය ක්‍රියාත්මකයි. නමුත් ඔබ එයට involve නොවන තාක් ඒක කර්මය වුනාට කර්මය connect වීමක් සිදුවන්නේ නෑ. එතනදී, කර්මය ධර්මතාවයක් සේ ගලාගෙන යෑමක් පමණයි සිදුවන්නේ.
හැබැයි හිමිකර නොගැනීම කරන්නේ වීර්යයෙන් නම්, එතනදි ඊට සාපේක්ෂව කර්මය හටගන්නවා. ඒ කියන්නේ involve වෙනවාද නැද්ද කියන එකවත් එයාට අදාල නෑ. එතනදි තමන්ට ඒ feeling එක neutral වෙනවා.
ප්‍රශ්නය: බෝධිය කියන එක නැති අවස්ථාවලදී රහතන් වහන්සේලා කර්මයෙන් Neutral වෙලා ද ඉන්නේ?
උන්වහන්සේ: ඔව්, හැබැයි එයාට ඊට අදාල මාර්ග දර්ශනය ලැබුණොත් තමයි එතනට එන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නය: ඒ කියන්නේ රහත්ඵලයේදී එහෙම වෙනවම කියලා එකක් නෑ?
උත්තරය: රහත් ඵලයෙන් විතරක් එහෙම වෙන්නේ නෑ. ඒක පිරිනිවන් පෑවට පස්සේ වෙන දෙයක්.
ප්‍රශ්නය: මෛත්‍රී බුදු රජුට පුළුවන්ද එහෙම neutral වෙන්න මාර්ගය ලබාදෙන්න?
උත්තරය: ඔව්, එයාට එතනට පත් විය හැකි විදියට මාර්ගය පැහැදිලි කරදෙන්න පුළුවන්. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද මෛත්‍රී බුදු රජු කියන්නේ කර්මය අභික්‍රමණය කරපු කෙනෙක්. එතකොට එහෙම කර්මය අභික්‍රමණය කළ කෙනෙක්ට ඒක ඉතා පහසුවෙන් කළ හැකියි. නමුත් වෙනත් කෙනෙක් ගත්තම එයා කර්මය අභික්‍රමණය කරපු නැති නිසා, කර්මය අභික්‍රමණය කරපු කෙනෙක් විසින් ගහපු කර්ම ගැටයකින් එයා ගලවනවා විය හැකියි. එතකොට ඒක ඔය කිය ආකාරයෙන් නොවෙයි අදාල වෙන්නේ.
(බෝධිසත්වයෙක් දෙසට හැරී)
උදාහරණයක් විදිහට මම කියනවා ඔබ මට අවංකව වැඩ කරන්න කියලා. එතකොට මට අවංකව වැඩ කිරීම මත තමයි ඔබගේ කර්මය ජනිත වෙන්නේ. හැබැයි ඒක තුළ ඔබගේ සියලුම කර්ම අහෝසි වෙලා මේ කර්මයද අහෝසි වෙලා යනවා. එතනදි සිදු වෙන්නේ මෙයාගේ සියලුම කර්ම එකතු කරලා නව කර්මයක් ලෙස ගැට ගැසීමක්. එතකොට ඒ දේ තුළ වැඩ කරගෙන යනකොට ජීවිතේ neutral කියලා දැනෙන්න පටන් ගන්නවා.
අර කවියක් තියෙන්නේ “ඔබත් මමත් සිටිනා මේ ලොව තුළ කඳුළ සුසුම කුමකටදෝ” කියලා. ඒ වගේ තමයි මෙහිදී මෛත්‍රී බුදුරජු කියන්නේ කර්මය විනාශ කරන්නා ලෙස ඔබ මාත් එක්ක සිටිනතාක් ඔබ neutral කියන එක තමයි.
හැබැයි එහිදී neutral වෙන්නෙ නැත්නම් ඔවුන් මගේ මාර්ගයෙන් පිට යනවා. මෛත්‍රී බුදුන් කර්මය neutral කරන එක පිළිගැනීම මගින් තමන්ට ගොඩයා හැකියි.
ප්‍රශ්නය: මෙතනදී ඔබ වහන්සේට වැඩ කිරීම තුළ තමාට තමා අතහැරීමක් සිදුවෙනවා නේද?
උත්තරය; ඔව් එතැනදී තමාට තමා අතහැරීම තුළ සියල්ල පූර්ණය වෙනවා.
ප්‍රශ්නය: ඒ කියන්නේ ඔබ වහන්සේට අවංකව කරන ක්‍රියාව කුසලය පැත්තට හැරීමක් නේද?
පිළිතුර: ඒක මෙහෙම කියන්න පුළුවන්. කෙනෙකුට මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවනේ. ඒ අතරේ බුදු කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවා නේද ඒ දේ තමයි ශ්‍රේෂ්ඨතම. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි අග්‍ර වුණු බව ප්‍රකාශ කරන කෙනෙකුට කරන ක්‍රියාව. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි බුදු රජු කෙනෙකුට කරන ක්‍රියාව.
විශ්වයේ පවතින purity එක විශ්වාස කරලා කරන ක්‍රියාව ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි.
purity එක ගැන හිතලා, ඒක විශ්වාස කරලා ක්‍රියාවක් කරනවා කියන්නේ ඒක බවට පත්වෙනවා කියන එකයි. එහෙම කෙනෙකුට කරන්න පුළුවන් නම්, ඒ ක්‍රියාව ශ්‍රේෂ්ඨ දුර්ලභ ක්‍රියාවක් වෙනවා. අනික් ක්‍රියා සියල්ලම ඊට පහළින් තමයි තියෙන්නේ.
ප්‍රශ්නය: විවරණ දෙන එකත් එතන සිට දෙනවා කියලා කියව්වා නේද?
උත්තරය: ඔව් බුදු රජුටත් දෙන්න පුළුවන් අග්‍ර කෙනාටත් දෙන්න පුළුවන් පුළුවන්. බුද්ධට නම් දෙන්න අමාරුයි. බුදු රජු හා අග්‍රබුදු දෙන විවරණ හරියටම ඇණයක් ගැහුවා වගේ තමයි.
Purity එක ඒ තරම් දුර්ලභයි. එතන ඉඳලා දෙන ඒවා වෙනස් වෙන්නේ නෑ. ඒ විෂය තේරුම් ගන්න එක, දකින එක… එවැනි වූ දුර්ලභත්ව කරුණු ගණනාවක් තුළ හදන්න පුළුවන්.
ඔබලා ප්‍රශ්න අහන එක තුළ තමයි මගෙන් දහම එළියට එන්නේ.
ප්‍රශ්නය: කර්මය දැකලා කතා කරන පරාසය වෙනස් වීමක්ද දැන් ඔතන තියෙන්නේ?
පිළිතුර: පාරිශුද්ධත්වය කියන එක energy එකක් විදිහට හැදිලා තියෙනවා. ඒක තුළ මාර සේනාව මතුවෙනවා.
මෛත්‍රී බුදුරජු වීම ක්ෂණයක් තුළ සිදුවන දෙයක්. සියලුම දස බිම්බර මාර සේනාව පරාජය කරලා ක්ෂණයක් තුළ මෛත්‍රී බුදුරජු පහළ වෙලා, බුදුවෙලා මෛත්‍රී බුද්ධ දේශනාව කරලා තමයි මේ පැමිණියේ.
ඇත්තටම මෛත්‍රී බුදුවරයා බුදු වෙනවා කියන්නේ ගෞතම බුදුන් වහන්සේ වගේ දුෂ්කර ක්‍රියාවක් කරන්න අවශ්‍ය වන්නේ නෑ. මෛත්‍රී බුදුරජු පහළ වන්න යන්නේ ක්ෂණයක කාලයක් පමණයි.
උන්වහන්සේ මෛත්‍රී බුදු රජුන්ගේ දසබිම්බර මාර පරාජය සිදු වූ ආකාරය පවසනවා.
“මා ඍෂිකේෂ්හී ගංගානම් ගඟ අසල රුක් සෙවණක වැඩසිටිනවා. දසබිම්බර මාර සේනාව පොළොවෙන් මතුවෙලා එනවා. මිනිස්සුන් තුලින්, වතුරෙන්, වැලි කැට අතරින් මතුවෙලා එනවා. එසේ මතුවෙලා එනකොට මා කියනවා ඔය මදි කියලා. ඊට පස්සේ රෝම කූප වලින් පවා මතුවෙලා එනවා. ඒත් කියනවා මදි කියලා. එතනදි ඔබවහන්සේ ඔය මදි කියන එකත් මාරයා තමයි කියලා ඔවුන් පවසනවා. මා මාරයා පරාජය කරන්න යනවා කියන එක දැන ගෙන ඉන්න එකත් මාරයාම තමයි. ඔය විදිහට කැඩි කැඩී වර්ග වෙමින් කියන්න ගන්නවා. එවිට මා ඒ දෙස බලා සිට කියනවා “මාරය, සමස්ථය බවට මම අවංකයි” කියලා, මේ සමස්ථ මෛත්‍රී බුද්ධ ශාසනයටම මම අවංකයි, මේ සමස්ථයටම මම අවංකයි. එනිසා මට කිසි දෙයක් පරාජය කරන්න අවශ්‍ය නෑ, ඒ නිසා සියල්ල මා පිළිගන්නවා, මම අවංකයි මේ මොහොතේ ඔවුන්ට කරන්න කිසි දෙයක් නෑ. ඊට පස්සේ ඔවුන්ට මම කියනවා “මේ තමයි මෛත්‍රී බුදු රජු” කියලා.
“මා කිසිදු කර්මයක් accept කරන්නේ නෑ. පිළිගන්නේ නෑ. සියලු කර්ම විනාශ කරන කෙනා තමයි මෛත්‍රී බුදු රජු කියන්නේ. ඒ නිසා මාරයා පරාජය කරන්නේ නෑ. මොකද පරාජය කිරීම යනුද කර්මයක් වන නිසා. එහිදී ඔවුන්මයි ඔවුන්ව මාරයන්සේ හැඳින්වූයේ. ඔවුන්මයි මාව පරාජය කරන්න උත්සාහ කළේ. මම කිසිවක් කලේ නෑ. ඒ කර්මය විසන්ධි කරන තැන, ඒ තැන තමයි විශ්වයේ තියෙන neutralම තැන. මම ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නවා. මිනිස්සු එතනින් යනවා. සියල්ල සිද්ධ වෙනවා. මා මුකුත් නොකර සිත දුවන්නෙත් නැතිව සිත නතර වෙලා. එහෙම එකකුත් නැතුව සියල්ල දිහා දෑස් විවර කරගෙන බලාගෙන සිටිනවා. ඒක තමයි neutral ස්වභාවයේ සිටිනවා කියන්නේ.
ලෝකයට සාපේක්ෂව ගත්තාම ලෝකයේ energy කියන එක බෙදිලා තියෙන්නේ. ගස්කොළන්, ඖෂධ පැළෑටි, පාෂාණ සහ මිනිස්සු අතර තමයි බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ගේ energy බෙදිලා යන්න විදිහක් නැහැ. ඒ නිසා මිනිස්සු තුළ energy වැඩි. ඒ නිසා මිනිස්සු ගහගන්නවා. මරාගන්නවා. යුද්ධ කරනවා. මිනිස්සු කාර්යබහුලයි. වැඩ කරන්න ඕනා. දුවන්න ඕනා, ඔවුන්ට නිකං ඉන්න බෑ. ඒකට හේතුව මිනිස්සු තුල energy වැඩි වීම. එය සමතුලිත කරන්න තමයි මෛත්‍රී බුදුරජු මේ ලෝකයට පහළව සිටින්නේ. ඒ නිසා මට energy වැඩියි. energy balance කරන්න ස්වභාව දහම කියන කාරණය අත්‍යවශ්‍යයි. පහස තුලින් තමයි ඒක සැලසෙන්නේ.
මෙතනින් එහාට මා කතා කරන දේවල් මිනිසුන්ට ඉතා සරලව තේරෙනවා. ඔවුන්ට ඒක දැනෙනවා. මොකද energyත් එක්ක තමයි දේශනාව යන්නේ. කිසිම සත්වයෙකුට නරකක් වෙන්නෙ නෑ. හොඳක් පමණයි සිදුවෙන්නේ.
මටත් අදාළව කර්මය ක්‍රියාත්මක වෙනවා. කර්මය මේ හරහාත් ගමන් කරනවා. මෙහිදී ඒකෙන් වෙන්වීමක් හා තේරුම් ගැනීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ. කර්මය කියවා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා.
ප්‍රශ්නය: ඔබ වහන්සේ කිව්වනේ energy එක බෙදිලා ගිහින් ගස් වලට, සත්තුන්ට, පාෂාණ වලට ගිහින් තියෙනවා කියලා. දැන් හේතුඵල විදිහට කිව්වොත්නේ ඕක මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට කෙනෙක් අහනවා double slit experiment එක ගැන ඒකට කර්මය කිව්වට පිළිගන්නෑ නේ, ඒක කඩලා කියන්න පුළුවන් වෙන්න ඕන නේද?
පිළිතුර: එහිදී, ඒ ප්‍රශ්නය අහන්න පුද්ගලයාට සාපේක්ෂව තමයි මට පිළිතුර දෙන්න පුළුවන් වෙන්නේ.
ඒ උදාහරණයට අනුව බලනකොට, ඒ පරීක්ෂණයේ dots ටික බලනකොට වෙනස් විදිහට පේනවා කියනවනේ. ඕකට ඉතින් කියන්න වෙන්නේ විද්‍යාවේ තියෙන බොළඳකම හා බුද්ධිගේ තියෙන බොළඳකම කියලා තමයි.
ඕක මේ විදිහට ගමුකෝ. දැන් මේ වතුර බෝතලය ගන්නකෝ. මේ වතුර බෝතලේ දිහා බලාගෙන ඉන්නකොට, ඒක වතුර බෝතලය විදිහට පේනවා යැයි හිතාගෙන හිටියට ඇත්තටම මෙහිදී වෙන්නේ, මේ බලාගෙන ඉන්න වතුර බෝතලෙත් වෙනස් වෙනවා. ඔබේ ඇසත් වෙනස් වෙනවා. ඒ වගේම ඔබත් වෙනස් වෙනවා.
ඒ නිසා තමයි බුද්ධ දර්ශනයේදී මේ වෙනස්වීම ගැඹුරින් පහදලා දෙන්නේ.
නමුත් විද්‍යාවේ බොළඳකම හා ඒක විද්‍යාව විද්‍යාවක් විදිහට සරණ යන කෙනෙකුට ඔබ පෙර ගත් උදාහරණය මැජික් එකක් වගේ තමයි.
නමුත් අපි කියනවා බෝතලයත් වෙනස් වෙනවා; බෝතලය බලන ඇසත් වෙනස් වෙනවා; ඇස තියෙන කෙනත් වෙනස් වෙනවා; ඒ තුළ සිදුවන හේතුඵල ධර්මයත් වෙනස් වෙනවා කියලා. ඉතා ගැඹුරු පටිච්ච සමුප්පාදයක් දේශනාකරනවා. ඒක ප්‍රතික්ෂේප කරලා අරක වෙනස් වෙන්නේ කොහොමද අහනවා. ඒක ඔප්පු කරන්නේ කොහොමද කියලා අපෙන් අහනවා.
අපි කියනවා, ඒක බලාගෙන ඉන්නකොට වෙනස් වෙනවාට වඩා ප්‍රමාණයක් ඊට ඇතුලෙන් වෙනස් වෙනවා කියලා අනු වශයෙන් පෙන්නලා තියෙනවා.
ප්‍රශ්නය: ඒක හරි. බුද්ධ දර්ශනය සහ සම්මත විද්‍යාවේ කතාව හරි. නමුත් මිනිස්සුන්ට තේරෙන විදිහට මේ කතාව කියන්න ඕනා නේද?
උත්තරය: ඒකට උත්තරේ දුන්නා කියමුකෝ, ඒක ඔප්පු කරා කියන්නකෝ, ඒ වුනාට එහෙම උනා කියල එයාගේ හෙට ජීවිතේ තියෙන කිසිදු ප්‍රශ්නයක් වෙනස් වෙන්නේ නෑ නේද? එයාගේ දුක, සතුට,සැනසීම කේන්තිය, කනස්සල්ල, stress එක ඒවා වෙනස් වෙන්නේ නෑනේ. මතුපිටින් තවත් logic එකක් හදාගත්තා කියලා අරවා වෙනස් වෙන්නේ නෑ.
එතකොට අර පෙර උදාහරණය ගවේෂණය කරන්න. අඥාන වීමට හේතුව හෙව්ව නම් හරි. එහිදී ඒ සත්‍ය කුමක්ද යන්න පැහැදිලි කර දිය යුතුයි. සත්‍යය දැක්ක නම් සියලු සැක දුරු වෙන්න ඕනා. සියලු විද්‍යාව දකින්න ඕනා. අර උදාහරණයට අනුව ඒක සත්‍ය විද්‍යාව කියලා හිතාගෙන සිටීමෙන් පෙනෙන්නේ ඔහුට හරි සත්‍ය මාර්ග දර්ශනය ලැබී නොමැති බවයි.
ප්‍රශ්නය: එතකොට අපි කතා කරන්න ඕන සත්‍ය දකින මාර්ග දර්ශනය නේද?
උත්තරය: ඔතනදි ඇත්තටම සත්‍යය දකින මාර්ග දර්ශනය ලැබුණා නම් ඔබ රහත් භාවයට පත්වෙනවා. රහත් වුණ කෙනෙකුට පමණයි සත්‍යය දකින්න ලැබෙන්නේ. බුදු වෙන්නෙත් රහත් වෙන්නේත් සත්‍ය දැක්ක කෙනා තමයි.
එතකොට පොට්ට ඇසින්, බීරි කනෙන් හා මෝහ මනසින් සත්‍ය හොයන කෙනාට කිසිදා සත්‍යය හමුවන්නේ නෑ.
එහිදී උණු වතුර සැර වැඩිනම් ඇල් වතුර දමා මාර්ගය පෙන්වා දියයුතුය. ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. නමුත් සම්මුති විද්‍යාවන් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්. නමුත් එහි සත්‍ය ගැබ්වී නැහැ. ඒ නිසා තමයි විද්‍යාව කියන විද්‍යාවට කාලෙන් කාලෙට වෙනස්වීම් කියලා අලුත් දේවල් එකතු වෙන්නේ.
නමුත් බුද්ධ දර්ශනය පෙන්නලා දෙනවා සත්‍යදකින ක්‍රමවේදයන්. ඒ විදිහට දැක්කොත් සත්‍ය පේනවා. නමුත් සම්මුති විද්‍යාවට අනුව බැලුවොත් අලුත් අර්ථකථන හා නිගමනයන් වැටහෙනවා. ඒවා සත්‍යය නොවේ නිගමනයන්ම පමණයි.
ප්‍රශ්නය: අනාගතයේදී මිනිස්සු ඇවිත් ප්‍රශ්න අහනකොට එවැනි නිගමනයන් පිළිබඳව ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවද?
පිළිතුර: ඕනෑම විදිහකට ප්‍රශ්න අහන්න පුළුවන්.
ප්‍රශ්නය: සත්වයාව කොහොමද මෙයට අනුරූපව පෙළගස්වන්නේ?
උත්තරය: ඒක තීරණය වන්නේ ඔබගේ අරමුණ අනුවයි තමයි. ඔබ කෙතක් වපුරනවා නම් ඒකේ අස්වැන්න ඔබට තියෙනවා. ඔබ කෙත වපුරන්නේ සත්වයාට ආහාරය පිණිස වෙන්නත් පුළුවන්; නැතිනම් ඔබට විකුණලා ආදායම් ලබාගන්න වෙන්නත් පුළුවන්; නැත්නම් ඔබට ආහාරය පිණිස වෙන්නත් පුළුවන්. එතකොට ඔබ සත්වයාව පෙළ ගැස්වීම හා නොවීම ඔබගේ අරමුණු අනුව වෙන්න පුළුවන්.
ප්‍රශ්නය: මම අහන්නේ මෛත්‍රී බුද්ධට අනුරූපව පෙළගස්වන්නේ කොහොමද යන වග? ඒ කියන්නේ පෙර එක්තරා ක්‍රමවේදයක් තිබුණනේ. ඒ වගේ පිළිවෙලක් දැනුත් තියෙනවාද?
උත්තර: ඒක තමයි කියන්නේ සත්වයා ගෙන්වන්නේ ඔබනේ, දැන් ඒ ප්‍රශ්නය තියෙන්නේ ඔබටනේ. එතකොට ඒක තීරණය වන්නේ ඔබගේ චේතනාව මත තමයි. ඔබ වපුරන බීජයේ අස්වැන්න ඔබ නෙලයි.
ප්‍රශ්නය: මේක අන්තිම version එකද?
පිළිතුර: බුද්ධ විෂය අචින්ත්‍යයි. ඒක සත්වයාගේ ප්‍රඥාව මත තමයි තීරණය වන්නේ වන්නේ. සත්වයාගේ අවශ්‍යතාවය මෙමගින් ඉෂ්ඨ සිද්ධ වුනොත්….. මට හිතෙන්නේ මෙහෙම කිව්වොත් හරි.
ඇත්තම කියනවා නම් මම ආවේ මේකට. හැබැයි මම නිකම්ම එන්න කැමති වුණේ නෑ. මොකද ස්වභාවයෙන්ම මම මුරන්ඩු චරිතයක්. මගේ ගතිය එහෙම තමයි. ඒ නිසා තමයි කට්ට කාලා, වැඩ දාලා, බර ඇදල ඇදලා ඇවිල්ලා තප්පර ගානක් ඇතුලත මෛත්‍රී බුදු වෙලා නැගිටලා ආවේ. ඒ power එක නිසා තමයි. මොකද නිකන් ඇවිත් මෛත්‍රී බුදුවෙන්න මම කැමති වූණේ නෑ. ඒ නිසා තමයි සියලු බුදුවරුන්ගේ කතාවන් ඇදලා, බුදු රජු පෙන්නලා, ඉතිහාස කතා පවා පූර්වාපර සන්ධි ගලපලා ගෙනල්ලා, සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය කියලා, මධ්‍ය මණ්ඩලය පෙන්නලා, ඒ සියල්ල ඉවර කරලා තමයි මෛත්‍රී බුද්ධ ඇවිත් බණත් කියලා යන්නේ. කටින් නෙවෙයි බණ කියන්නේ, කටින් බණ කියන්න ලේසියි. ක්‍රියාවෙන්ම ඒ දේශනාව කරන්නේ. ක්‍රියාව තුළ දේශනාව කියන්නෙ ඒකට.
එතන වෙච්ච හොඳම දේ තමයි බුදුරජු උනාට පසුව එතන ඉන්නකොට පොඩි ළමයි දෙන්නෙක් මගේ ළඟට එනවා. එක්කෙනෙක් මගේ කකුලට අත තියාගෙන ඉන්නවා. ටික වෙලාවකින් තවත් ළමයි ටිකක් මල් පහන් අරන් ඇවිත් මොනවද කියවමින් හිටියා. එක්කෙනෙක් මගේ කකුලටත් හේත්තු වෙලා තමයි හිටියේ. ඔවුන්ගේ අතේ මල් පහන් තියෙනවා. එක්කෙනෙක් පහනුත් පත්තු කරා. එක පහනක් නිවෙනවා. ඊට පස්සේ ආයෙමත් පත්තු කරනවා. ඊට පස්සේ ඒ set එකම යන්න ගියා.
ප්‍රශ්නය: මෛත්‍රී බුදු රජුගේ ප්‍රථම බුද්ධ දේශනාව ක්‍රියාවෙන් සිදුවුණා කියන්නේ මොකක්ද?
පිළිතුර: අර ළමයි මට මල් පහන් ගෙනැවිත් දුන්නනේ. එතන ලයිටරයක් තිබුණා. මම ඇහුවා ඇයි ලයිටරය කියලයි, කතා කළේ නෑ, පහන් දෙකක් දෙපැත්තෙන් පත්තු කලා. එතනදි මොකද වුනේ ඒ අයට මොකක්ද ඕන වුණේ? ඒගොල්ලන්ගේ දේ මට දීලා ඒ අයට ඕනෙදි අරන් යන්නනේ. ඒක තමයි වුණේ. ඒ අය මාර සතුටින් ගියේ. ඒ අයට අදාල දේ අරගෙන ගියා.
ඒ පොඩි ළමයි දෙන්න තුළම බෝධි චිත්තයක් හටගන්නවා. ඒ ළමයි දෙන්නම බුදු වෙනවා. එක්කෙනෙක් සම්මා බුදු වෙනවා. අනිත් කෙනා ඊට එහා යන්න ඉඩ තියෙනවා. ඒක දැම්ම කියන්න බෑ. වයසට යනකොට ඒ දෙන්නට බොහෝ දේ තේරෙන්න පටන් ගන්නවා. මහා පරිණතයන් වෙනවා. ඉස්සරහට අපිට වඩා දේවල් කතා කරන්න පටන් ගනීවි ලොකු වෙලා.
ප්‍රශ්නය: දැන් සියලු ඇවටර් අයින් වෙලා ගියා කිව්වනේ එතකොට ඔබ වහන්සේ දැන් සෑම වෙලාවකම සජීවීව සෑම තැනකම ඉන්නවද?
පිළිතුර: ඔව් එහෙම තමයි, මෛත්‍රී බුදුවරයා කියන්නේ සමස්ථ කෙතක්. ඒ කියන්නේ උන්වහන්සේ සමස්ථයම කෙතක්. ඔබ වපුරන සෑම බීජයක්ම ඒ කෙතේ වැපිරෙනවා. ඔබට ඕනෙ බීජ වපුර ගන්න.
ප්‍රශ්නය: පෙර තිබූ තිස් එක් තල වලට මොකද වෙන්නේ?
පිළිතුර: නව සත්තාවාස බිහිවෙනවා. තල 31ක් කියලා එකක් නෑ.
සත්තාවාස කියන්නේ… සත්වයෝ වාසය කරන… ඒ කියන්නේ මනුස්ස තල, දිව්‍ය තල ප්‍රේත තල, බ්‍රහ්ම තල වගේ කර්මානුරූපව සත්තාවාස බිහිවෙනවා.
ඒක වෙන්නෙ මෙහෙමයි, “ වී ගෙනල්ලා මිනිස්සු කුඹුරු හදලා ගොවිතැන හැදෙනවනේ, ඒ වගේ මැටි ගෙනල්ලා වලං හැදුවහම වලං කර්මාන්තය හැදෙනවා, පොළොවන් පස් අරං ගඩොල් කැපුවහම ගඩොල් කර්මාන්තේ හැදෙනවා. ඒ වගේ නව සත්තාවාස හැදෙනවා. මේක තුළ මිනිස්සු එක එක ඒවා නෙලා ගන්නවනේ. ඊට අනුරූපීව නව සත්ථාවාස බිහිවෙනවා. තිස් එක් තල කියන එක අහෝසි වෙලා යනවා. තිස්එක් තල බිහි වුනේ ගෞතම බුදුන්ගේ කාලය මිනිස්සු ධ්‍යාන වඩලා මනස තුළ තල හදාගත්ත නිසා.
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13
කර්ම
කර්මය පිළිබඳව සාකච්ඡාවක්
2024-09-05