maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බොජ්ඣංග දේශනා කිරීම

2025-03-28

Maithri Buddha

ජීවිතයේ යහපැවැත්මට උපකාර වන මෙම බොජ්ඣංග ධර්මයන් 2025-03-28 දින මහාගුරු center හිදී දේශනා කරන ලදී.

 

ප්‍රීතිය, අතහැරීම, අන් අයගේ පෞද්ගලික දෘෂ්ටි කෝණයන් ගැන නොසිතීම, වර්තමාන මොහොත කෙරෙහි අවධිමත් වීම,  තමාට ලැබී ඇති දේ පිළිගෙන විධිමත්ව පරිශීලනය කිරීම ඇතුළු ජීවිතයට සහ බුද්ධියට වැදගත් වන බොජ්ඣංග කිහිපයක් මෙහිදී අවධාරණය කරනු ලැබිණි. මෙම බොජ්ඣංග ධර්මයන් ස්වභාවිකව කෙනෙකු වෙත ලැබෙනවාට වඩා පුද්ගලයෙකු විසින් තමන් තුළ වර්ධනය කළ යුතු දේවල් බවත්, ඒවා ස්වභාවික නැඹුරුතාවයන්ට ප්‍රතිවිරුද්ධ බවත් විශේෂයෙන් සැලකීම වැදගත් වනු ඇත. තවද සමාජ සම්මතයන් පවත්වා ගැනීමට බැඳී නොසිටින සැබෑ භික්ෂුවකගේ භූමිකාව සහ ස්වාධීනත්වය පිළිබඳව කාරණා ද මෙහිදී ස්පර්ශ කෙරුණි. අවසාන වශයෙන්, ගෞතම බුදුන් විසින් දේශනා කරන ලද සප්ත බොජ්ඣංගයන් වන සතිය, ධර්ම විචය, වීර්යය, ප්‍රීතිය, ප්‍රසද්ධිය, සමාධිය සහ උපේක්ෂාව පිළිබඳව ද සාකච්ඡා කළ අතර, අවසාන වශයෙන් මේ දක්වා දේශනා කල ධර්මස්කන්ධය තුළ ඕනෑම කාරණයක වැඩ වාසය කිරීම  බොජ්ඣංග ධර්මයක් බව අවධාරණය විය.

 

බොජ්ඣංග කියලා කියන්නේ ඔබගේ එදිනෙදා ජීවිතය තුළදී නිතර පරිශීලනය කළ යුතු කරුණු කිහිපයක්. ඒ දේවල් ඔබට ස්වභාවයෙන්ම ලැබෙන්නේ නැහැ. ඒවා ඔබ තුල පහල කරගත යුතුයි. ස්වභාවිකව පහළ වෙන කරුණු මොනවාද? දුක, කනස්සල්ල, නොසන්සුන් ස්වභාවය, වෙහෙසකර භාවය, ප්‍රශ්න, විඩාව, සිත් තැවුල් වගේ දේවල් තමා ස්වභාවිකව පහළ වෙන්නේ. ඒවා ස්වභාවිකව පහළ වෙන්න හේතුව තමයි, මිනිස්සු විදිහට ඔබ පුරුදු වෙලා තියෙන්නේ තමන් ගැන හිතන්න වීම. තමන් ගැන හිතපු ගමන් තමන්ට එන්නේ අතෘප්තිමත් කාරණා තමයි.

 

එතකොට බොජ්ඣංග කියන්නේ ඔබ පිළිබඳව ධනාත්මක වීම සඳහා ඔබ විසින් පහළ කර ගත යුතු කරුණුයි. 

 

1. ප්‍රීතියෙන් ඉන්න

පළවෙනි කාරණය තමයි ප්‍රීතිය කියන දේ.  ඔබ ප්‍රීතියෙන් කරන්න බැරි දේවල් කරන්න එපා. ප්‍රීතියෙන් වාසය කරන්න. අපරාදේ ප්‍රීතියෙන් ඉන්න බැරිනම්. මේ ලෝකයේ කාරණා ඔබට පාලනය කරන්න බැරි සාධක තමයි 99.9% ක්ම තියෙන්නේ. එහෙනම් ඉතින් ප්‍රීතියෙන් ඉන්න. බොරුවට දුක් වෙන්න ගත්තොත් කෙලවරක් නැහැ. ඒ නිසා ප්‍රීතියෙන් ඉන්න. ප්‍රීතියෙන් ඉන්න පුරුදු වෙන්න.

 

2. අතහැරලා ජීවත් වෙන්න. ලැබුණොත් පරිශීලනය කරන්න 

මේක හරි සරලයි. අතහැරලා ජීවත් වෙන්න. ලැබුණොත් පරිශීලනය කරන්න.  ඔබ ගෙදරින් පිටව යද්දී ගෙදර අත ඇරලා යන්න.  ආපසු ගියපුවාම ගෙදර තිබුණොත්, ගෙදර පරිශීලනය කරන්න.අතහැරලා ජීවත් වෙන්න. ලැබුණොත් පරිශීලනය කරන්න ඒක තමා හොඳම දේ. 

 

මේ දෙවැනි බොජ්ඣංගය, විශේෂයෙන් මේ බොජ්ඣංගය භික්ෂුවකට අදාළයි. භික්ෂුව කියලා කියන්නේ පූර්ණ කාලීනව අධ්‍යාත්මයට නැඹුරු වුණ කෙනා. 

 

3. අන් අයගේ Personal View Points ගැන ඔබ හිතන එක නවත්වන්න 

ඔබට තියෙනවානේ මා සම්බන්ධව view point එකක්. ඔබ තුළ මා සම්බන්ධයෙන් තියෙන ඒ view point එක ඔබට පුද්ගලිකයි. මා ඒක දන්නේ නැහැ. ඔබගේ view point එක ඔබට personal දෙයක්නේ.

 

(මෙය දේශනා කරන අවස්ථාවේදී කාන්තාවක් දෑස් වසාගෙන සිටියාය. එම කාන්තාව අමතා මහාගුරු මෙසේ පැවසීය. 

 

“ඔබ ඇස් දෙකඇරගෙන අහන්න. මේක භාවනාවක් නෙමෙයි. මේ කතාකරන වචනයේ ධූතාංග ගොඩක් තිබෙනවා. මං දිහා බලාගෙන අහන්න.”)

 

නැවතත් දේශනාව අරඹයි.

 

එතකොට එක එක්කෙනාට මා සම්බන්ධව තියෙන view point එකිනෙකට වෙනස්. ඒක මට අදාල නැහැ. ඒවා ඒ අයට personal. ඒ විදියට ඔබත් හිතන්න. ඔබ සම්බන්ධයෙන් මට තියෙනවා view point එකක්. ඒක මට personal. මොකද ඒක ගොඩනැගුනේ මම හිතපු විදියට අනුව.  ඒක ඔබට අදාළ නැහැ. මගේ view point එක ඔබ maintain කරන්න ඕනෙද; නැහැනේ? මම ඔය අයගේ වීව් view point එක maintain කරන්න ඕනෙද; නැහැනේ? මේ ලෝකේ හැමෝටම හැමෝම සම්බන්ධයෙන් view point එකක් තියෙනවා. ඒක personal. ඒක එයාට අයිතියි. ඒක මට අදාල නැහැ. එක එක්කෙනාගේ view points අපිට අදාල නැහැ.

 

4. ඔබට ජීවත් විය හැක්කේ මේ මොහොතේ පමණක් බව සිතන්න.

තව බොජ්ඣංගයක් තමයි, මේ ඔබට ජීවත් විය හැක්කේ මේ මොහොතේ බව හිතන්න. ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ විතරයි. ඒ ගැන හිතන්න. මේ මොහොතේ විතරයි වෙන කිසිම මොහොතක ජීවත් වෙන්න බැහැ. 

 

5. ඔබට බොහෝ දේ ලැබිලා තියෙන්නේ. ඒ දේවල් පරිශීලනය කරන විදිය ගැන සිතන්න.

පස්වෙනි කාරණය තමයි ඔබට ගොඩාක් දේවල් ලැබිලා තියෙන්නේ. ලැබිලා තියෙන දේ පරිශීලනය කරන විදිය ගැන සිතන්න. හැමවෙලේම කල්පනා කරන්න මට ලැබිලා තියෙන දේවල් මං පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ නොලැබිච්ච දේවල් පරිශීලනය කරන්නේ කොහොමද කියලා සිතමින් ඉන්න. 

 

භික්ෂුවකට ඒ කියපු දේ අදාළ නැහැ. භික්‍ෂුව ලැබිලා තියෙන දේ පරිශීලනය කරන්නේ කොහොමද? භික්ෂුවක් විදිහට ඔබට ලැබිලා තියෙන වටිනාම දේ මොකක්ද? ඒ තමයි කාලය. 

 

6. භික්ෂුවක් මුකුත් maintain කරන්න බැඳිලා නැහැ. 

 

ඊළඟට කියන කාරණය controversial. මේක අදට නම් ලොකු අවුලක් වෙන කාරණයක්.  ඇත්තටම භික්ෂුවක් කියලා කියන්නේ, ඔවුන් සමාජයේ කිසිවක් maintain කරන්නේ නැහැ කියන එකයි. භික්ෂුව සමාජය හා සංස්කෘතිය ආදී දේවල් වලින් අයින් වෙලයි ඉන්නේ.

 

එතකොට සමාජයෙන්, සංස්කෘතියෙන්, මේ system එකෙන් අපි අයින් වුනු අය. අයින් වුනා කියන්නේ අපි මොකුත් maintain කරන්නේ නැහැ. අපිට ඒක වගකීමක් නැහැ. සමාජය ගැන බලන්න අපි බැඳිලා නැහැ. අපි මුකුත් maintain කරන්න බැඳිලා නැහැ. ඒක තමයි භික්ෂුවක් කියන්නේ. අපි ඒ system එකෙන් අයින් වෙලා ඉන්නේ. ඒක අඟවන්න තමා අපි වෙනම colour එකකින් ඉන්නේ.

 

නමුත් අද භික්ෂුව කියන්නේ වැඩියෙන්ම maintain කරන්නා බවට පත්වෙලා. 

 

භික්ෂුව කියන්නේ ස්වාධීනයි. මොකක් මොකෙන්වත් maintain වෙන්නේ නැහැ. මිනිස්සු දුන්නොත් කනවා; මිනිස්සු ඉන්න දුන්නොත් ඉන්නවා. ඒ තරමට අයින් වෙලා. ඔය කට්ටිය හිතන්න පුරුදු වෙන්න විශේෂයෙන්ම මම මුකුත් මේන්ටේන් කරන්න බැඳිලා නැහැ.

 

මහගුරු පූර්වාපර සන්ධි ගලපමින් මේ සිදුවීමද ප්‍රකාශ කළා.

 

දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවලා භික්ෂූන් වහන්සේලාට සතිය, ධම්ම විචල්‍ය, වීර්යය, ප්‍රීතිය, පස්සධි, සමාධි, උපේක්ෂා විදිහට බොජ්ඣංග හතක් දේශනා කරනවා. දේශනා කරලා කියනවා, මේ කාරණා හත ඇතුලේ ඔබ වැඩ වාසය කරන්න ඕනා කියලා.

 

ඔය සියල්ලම දේශනා කරලා ඉවර වුණාට පස්සේ රාහුල ගිහිල්ලා ගෞතම බුදුන්ගෙන් අහනවා.

“ඔබ වහන්සේ කියනවා මේ කාරණා හත තුළ වැඩ වාසය කරන්න කියලා. මේ බොජ්ංඣග තුළ බුද්ධිය තිබෙනවා. මේ කාරණා හත තිබෙන තැන බුද්ධිය තිබෙනවා. යම් කිසි කෙනෙක් ඔය කරුණු හත තුළ වැඩවාසය කරේ නැත්නම් කියන්න පුළුවන්ද බුද්ධියෙන් වැඩ වාසය නොකරපු කෙනෙක් කියලා?”

 

ගෞතම බුදුන් වහන්සේ කියනවා බැහැ කියලා.

 

“යම් කිසි කෙනෙක් ඔය කරුණු හත තුළ වැඩවාසය කරේ නැත්නම්, ඒ කෙනා බුද්ධියෙන් වැඩ වාසය කරන්නේ නැද්ද කියලා ඇහුවොත් එහෙම කියන්න බැහැ.  මේ කරුණු හතේ ඉන්නේ නැතුව බුද්ධියෙන් ඉන්න පුළුවන් කාරණා තිබෙනවා. ඒක අවස්ථාව අනුව තමා ගොඩනැගෙන්නේ” 

ගෞතම බුදුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා. 

 

හැබැයි මම Creator විදියට, මහාගුරු විදියට සියල්ල අතපත ගාලා, ඒකට හාත්පසින්ම වෙනස් උත්තරයක් දෙන්නේ. මෛත්‍රී බුදුන් ගෙන් ඇහුවොත් ඔබ කියන මේ කරුණු හතක් තිබෙනවා, ඒ හතෙන් තොරව බුද්ධිමත්ව ඉන්න බැරිද කියලා, මා කියනවා බැහැ කියලා. කෙනෙක් බුද්ධියෙන් ඉන්නවනම්, මේ කරුණු හත තුළ ඉන්න ඕනා. නැත්නම් එයා බුද්ධියෙන් ඉඳලා නැහැ කියලා මට කියන්න පුළුවන්.

 

මේ දක්වා මා දේශනා කරලා තිබෙන කොපමණ නම් ධර්මස්කන්ධයක් තිබෙනවාද, ඒ ධර්මස්කන්ධයේ කුමන හෝ කාරණයක් මත කෙනෙක් සිටීයිද එයා බුද්ධියෙන් ඉන්නවා කියලා මා කියනවා. මොකද ඒ දේශනා කරලා තියෙන කුමන හෝ කාරණයක් මත ඉන්නවා කියන එක ගත්තම ඒ කියන්නේ, මම අල්ලන්න ඕන හැම වපසරියක්ම අල්ලලා තියෙනවා ඒ දේ දේශනා කරද්දී. ශිව නාරායන මහා ගුරු දක්වාම. 

 

ඒ කුමන හෝ කාරණයක කෙනෙක් ඉන්නවා නම් මට එතකොට එයා මනුෂ්‍ය බුද්ධියෙන් නොඉන්න  තැනක් අල්ලන්න බැහැ.

 

ඒ කියන්නේ මොකක්ද?

 

7. මා දේශනා කරන ඇති කුමන හෝ කාරණයක් මත පදනම්ව සිටින්න.

මා සතිය ගැන කියලා තිබෙනවා; සමාධිය ගැන කියලා තිබෙනවා; ධ්‍යාන ගැන කියලා තිබෙනවා; ශීලය ගැන කියලා තිබෙනවා; විනය ගැන කියලා තිබෙනවා; පැවැත්ම ගැන කියලා තිබෙනවා; සිව්පසය ගැන කියලා තිබෙනවා. මේ කුමන හෝ කාරණයක් මත මෙසේ දේශනා කරලා තියෙනවා කියලා ඉන්න පුළුවන් නම් මම කියනවා එයා බුද්ධියෙන් ඉන්නවා කියලා. ඒ කුමන හෝ කාරණයක් මත ඉන්නවා නම් බුද්ධියෙන් ඉන්නේ නැහැ කියලා මට කියන්න බෑ. 

 

ඒ ආකාරයට බොජ්ංඣ හතක් තියෙනවා.

 

කවුරුහරි කෙනෙක් එක් අංගයක හරි ඉන්නවා නම් එයා බුද්ධියෙන් වාසය කරන්නෙක් බවට පත්වෙනවා. එතකොට ඒක අපි අහලා තියෙනවානේද, පොතේ පතේ තියෙනවනේද,  ඉස්සර එක්කෙනෙක් තව එක්කෙනෙකුට බොජ්ඣංග දේශනා කරනවා කියලා. ගෞතම බුදුහාමුදුරුවන්ටත් බොජ්ඣංග මතක් කරනවා.  ඔතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කෙනෙකුට එයාව අමතක වුනොත් මතක් කරලා දෙන විදිහට තමයි. දැන් ඔබ වහන්සේ මෙහෙම බොජ්ඣංගයක් දේශනා කරලා තියෙනවා කිව්ව ගමන්ම එයාට එයාව මතක් වෙනවා. බුද්ධ level එකෙන්.

 

ඒ කියන්නේ බොජ්ඣංග කියන්නේ ඔබ ඉන්නවා කියන එක ඔබට මතක් කරලා දෙන විදියක්. ඉතින් ඔය කිව්ව විදියට ප්‍රීතියක් ඇතුව එතනදි ඇත්තටම භික්ෂුවගේ පැවැත්ම කියන එක හැදෙනවා. භික්ෂුවගේ පැවැත්ම විතරක් නෙමෙයි අපි හැමෝගෙම පැවැත්ම එහෙම තමයි. මේ කියන කාරණා ටික හොඳට ලියලා බිත්තියේ ගහ ගත්තත් කමක් නැහැ. මානසික සැනසීම උපරිමයට තියෙනවා. ඔබේ ජීවිතේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා. ජීවිතේ ප්‍රශ්න මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමා බොජ්ඣංග තුළින් ඔබට වන යහපත වන්නේ. 

 

මේ දේවල් ඔබේ ජීවිතයට ඇතුලත් කරගන්න.

 

 

Maithri Buddha

නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය

නුවර දේශනාවට දින දෙකකට පෙර මහාසත්ව බෝධි සත්ව බෝධිසත්වයන්...
Maithri Buddha

2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව

මනුස්ස ලෝකයේ කාරණා සහ අරහත් ලෝකයේ කාරණා පිළිබඳව යමක් කතා...
Maithri Buddha

බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රි දළදා...
Maithri Buddha

මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1

අපට රජ වෙන්න නෙවෙයි ඕනා. මේ නිසා මේක විශ්වාස කරන්න, මේ තා...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....