maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

රාහුල බෝධිය

2024-08-31

Maithribodhi

ගෞතම බුදුහාමුදුරුවෝ තමන් පරිනිර්වාණය සඳහා සූදානම් වන බව ළඟ සිටින හැමෝටම කිව්වත් රාහුලට කිව්වේ නෑ. ඉතින් හැමෝම ඒ ගැන කතා වෙනකොට රාහුල මුකුත් ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන  කනස්සල්ලකින් තමයි රාහුල සිටියේ. ඉතින් බුදු හාමුදුරුවෝ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින විට රාහුල එතනට ගියේ නෑ. දෙමහල් කුටියක උඩ තට්ටුවට වෙලා තනියම හිටියා. 

 

එතකොට කාශ්‍යප හාමුදුරුවෝ හදිස්සියෙන් වගේ එතැනට පැමිණියා. රාහුල කාශ්‍යප හාමුදුරුවන්වවත් ගණන් ගත්තේ නෑ. 

ඊට පස්සේ කාශ්‍යප හාමුදුරුවෝ රාහුලගෙන් ඇහුවා, 

"ඇති දේ කුමක්ද? " කියලා. 

රාහුල කිව්වා " අවිද්‍යාව" කියලා.

කාශ්‍යප හාමුදුරුවෝ ඊළඟට ඇහුවා,           

" නැති දේ කුමක්ද? "  කියලා. 

රාහුල කිව්වා,

 "බුද්ධ" කියලා.

ඊළඟට කාශ්‍යප හාමුදුරුවෝ ඇහුවා "ඇති දේත් නොවන නැති දේත් නොවන දේ කුමක් ද? " කියලා.

 

එතනදී තමයි රාහුලට මැද කියන ධර්මතාවය ස්පර්ශ වෙලා ඒ හරහා බුද්ධ ස්පර්ශ වුණේ. ඊට පස්සේ ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ සමඟ සම්බන්ධ වෙලා ඍද්ධිපාද යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. ඒ තුළ ගෞතම බුදුන් වහන්සේ ඍද්ධිපාද අත්හැරියා. රාහුලට ඊළඟ බුදුවරයා විදියට ඍද්ධිපාද වැඩෙන්න පටන්ගත්තා. උන් වහන්සේ මෛත්‍රී බුද්ධ නමැති ධර්මතාවය තුළින් තමයි බුදු වන්නේ. ඒ කියන්නේ අවංකත්වය හා පාරිශුද්ධවය.

 

අපි එහෙනම් එතනට යමු කියලා රාහුල කාශ්‍යප හාමුදුරුවෝ එක්ක පිරිනිවන් මංචකය දිසාවට ගමන් කළා. මේක තමයි කතාවේ තියෙන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ එනතුරු ගෞතම බුදුන් වහන්සේගේ චිතකය දැල්වුණේ නෑ කියලා.

 

රාහුල තමයි ගෞතම බුදුන් වහන්සේ පිරිණිවන් පා ඇති බවට සනාථ කලේ. චිතකයට ගිනි තැබුවේ රාහුල. එතනදී උන්වහන්සේ පොරොන්දුවක් වුනා මේ දහම ඉදිරියට අරගෙන යන බවට. මේ බෝධිය පූර්ණ වන්නේ සම්මා සම්බුදු වරයෙක් විදියට පරිනිර්වාණය වන අවස්ථාවේදී.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....