අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
බෝධියට පත් ගුරුවරයා
2024-08-31
දිනක් බුදු හාමුදුරුවෝ රාහුලත් එක්ක අන්‍ය පරිබ්‍රාජක ආරාමයකට වැඩියා. ආරාමයට ඇතුල් වන කඩුල්ල ලඟදී බුදු හාමුදුරුවෝ රාහුලට කිව්වා, මේ ගේට්ටුව ගාව නැවතිලා හිටගෙන ආරාමයේ පැත්ත බලාගෙන සිටින්න කියලා. මෙහෙමම සිටින්න කියලා තුන්පාරක් ම අවධාරණයෙන් කිව්වා. තුන් පාරක් කිව්වා කියන්නේ ලේසි නෑ; රාහුල ඒ විදියටම සිටියා. බුදුහාමුදුරුවෝ ඒ ආරාමයේ ඇතුලට වැඩියා.
බුදුහාමුදුරුවෝ ඇතුලට වඩිනකොට අන්‍ය පරිබ්‍රාජක ආරාමයේ නායකයයි, ශිෂ්‍යයො පිරිසයි ඇතුලෙ රැස්වෙලා සිටියේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔවුන් එක්ක සතුටු සාමීචියේ යෙදෙන අතරේ, අර ගුරුවරයා දැක්කා කවුරු හරි කෙනෙක් ගේට්ටුව ගාව නැවතිලා සිටින බව. ඉතින් ගුරුවරයා බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි අර කෙනා අතන නැවතිලා සිටින්නේ කියලා.
එයා කියනවා ඔබලා කියන කිසිම දෙයක් පිළිගන්න බෑ. ඔබලාගේ දර්ශනයේ කිසිම සත්‍යතාවයක්, පදනමක් නෑ කියලා. ඒක හින්දා එළියෙ ඉන්නං කියලා නැවතුනා. බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා.
ඒ පිළිතුරෙන් ගුරුවරයාත්, ගෝලයෝ පිරිසත් වික්ෂිප්ත වුණා. මේ තත්ත්වය කළමනාකරණය කර ගන්නේ කොහොමද කියල කල්පනා කළ ගුරුවරයා, රාහුලට එතනට පැමිණෙන ලෙස පණිවිඩයක් යැව්වා. දැන් ඔහුගේ එක පසෙකින් බුදුහාමුදුරුවන් අසුන්ගෙන සිටිනවා. අනිත් පැත්තෙන් අසුන් ගන්නා ලෙස රාහුලට අසුනක් පැනෙව්වා. රාහුලට අදහසක් නෑ, එතන මොකද උනේ කියලා.
ඊට පස්සේ අර ගුරුවරයා රාහුලට මෙහෙම කිව්වා.
"ඔබ කියනවා අපේ දර්ශනය පිළිගන්න බෑ කියලා. ඔබට ඕනම ප්‍රශ්නයක් දැන් අපෙන් අහන්න පුළුවන් ".
දැන් රාහුලට හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා මහත් අපහසුතාවයට ලක් වුණා.
ටිකක් වෙලා එහෙම සිටිය රාහුල පලවෙනි ප්‍රශ්නය ඇහුවා.
" අතන සිටිය මට ඇයි ඔබ මෙතනට එන්න කිව්වේ? "
ගුරුවරයා රාහුල හාමුදුරුවන්ට කලින්ම පැහැදිලි කරල තිබ්බේ, ඔබ කියනවා අපේ දර්ශනයේ කිසිම පදනමක් නෑ . ඔබට කැමති ප්‍රශ්නයක් දැන් අහන්න කියලා. තාර්කිකව බැලුවොත් එහෙම කියලා තියෙද්දී, ඒ ප්‍රශ්නය අහපු එක ටිකක් සුදුසු නෑ වගේ. නමුත් ගුරුවරයාගේ ප්‍රතිඋත්තරය උනේ වෙනස් එකක්.
"ඒ ප්‍රශ්නයට, මට කැමති නම් උත්තරයක් දෙන්නත් පුළුවන් කැමති නම් නොදී ඉන්නත් පුළුවන් . මම ඒකට උත්තරයක් දෙන්නෙ නෑ." අර ගුරුවරයා කිව්වා.
එවැනි ක්‍රමයක් ඒ ආරාමය තුළ පැවැති දර්ශනයේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයක් විදියට කොහොමත් පාවිච්චි වෙලා තිබ්බා.
"දැන් ඔබේ දෙවැනි ප්‍රශ්නය අහන්න." ගුරුවරයා කිව්වා.
"එහෙනම් ඔබ උත්තර නොදී සිටීමට තෝරා ගත්තා. ඒ සඳහා හේතු පැහැදිලි කරන්න" රාහුල කිව්වා.
දෙවැනි ප්‍රශ්නයත් මතුපිටින් බැලුවොත් එච්චරම තාර්කික නෑ වගේ. මොකද ගුරුවරයා දැනටමත් කියලා තිබ්බේ ඔහුගේ කැමැත්ත නිසා උත්තර නොදී සිටීමට තීරණය කරා කියලා.
ඉතින් අර ගුරුවරයා කිව්වා, ඒකට හේතු පැහැදිලි කරන්න මට බෑ. ඔබේ තුන්වෙනි ප්‍රශ්නය අහන්න කියලා.
"ඔබට හේතු පැහැදිලි කරන්න බැරිනම් එහි පදනම පවසන්න." රාහුල කිව්වා.
ගුරුවරයාට උත්තර දී ගැනීමට නොහැකි වුණා.
එතකොට බුදුන් වහන්සේ කිව්වා, මම ඒ ප්‍රශ්න තුනටම උත්තර පැහැදිලි කරන්නම් කියලා. ඊට පස්සේ, අර ගුරුවරයා දිසාවට හැරිලා මෙහෙම කිව්වා.
"ඔබ මේ රාහුල අතන කඩුල්ල ගාව සිටගෙන සිටිනව දැකලා සැකයක් ඇති වුණා, මේ කෙනා මෙතන සිටින්නේ කුමක් සඳහා ද කියලා. ඔබ තුල යම්කිසි අනාරක්ෂිත බවක් හා කුතුහලයක් තමයි තිබ්බේ. ඔබේ දර්ශනය පිළිබඳ ඔහුගේ අවිශ්වාසය ගැන මා හෙළි කළ විට ඒ අනාරක්ෂිත හැඟීම තවත් වැඩි වුණා. ඉතින් ඔබ ඔහුට එන්න කිව්වේ ඔබේ ශිෂ්‍යයන් ඉදිරියේ ඒ අනාරක්ෂිත බව දුරුකර ගැනීමට මඟක් පාදා ගැනීම සඳහායි. ඉතින් මේ ප්‍රශ්න තුනට ඔබ උත්තර දුන්නනම් ඔබ තුළ ඇති මේ අනාරක්ෂිතභාවය හෙළි කරන්න වෙනවා. ඔබේ ශිෂ්‍යයන් ඉදිරියේ එය හෙළි වුණොත් තවදුරටත් ඔබ අනාරක්ෂිත වෙනවා. ඒක හින්දයි ඔබ උත්තර නොදී සිටීමට කැමති උනේ."
බුදු හාමුදුරුවෝ අසුනින් නැගිට්ටා.
"මේ කතාව තේරුනා නම්, කවුරුවත් මෙතන ඉතුරු වෙන්නේ නෑ."
එහෙම කියල බුදුහාමුදුරුවෝ එතනින් පිටව ගියා. රාහුලත් ඒ පසුපසින් ගියා. අර ගුරුවරයා ඇරෙන්න ශිෂ්‍යයො ඔක්කොමත් ආරාමයෙන් පිටවෙලා ගියා.
එතනින් මුලින්ම මැදුම් පිළිවෙතට පැමිණ බෝධිය සාක්ෂාත් කලේ ගුරුවරයා පමණයි.
අනිත් අයත් සමහර විට පසුව එන්න ඇති. නමුත් මුලදි ඔවුන් තුල සිදු වූයේ දහම වැළඳ ගැනීමක් පමණයි.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය