අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
කර්ම
කර්මය පිළිබඳව සාකච්ඡාවක්
2024-09-05
කර්ම විෂය අපිට කොටස් හතරකට කඩලා කතා කරන්න පුළුවන්.
01) කර්මය වැඩ කරන රිද්මය (Karmic Pattern).
02) කර්මය ප්‍රතිඵලයක් විදිහට වැඩ කරන ආකාරය (Karmic Result)
03) කර්මයක් නිර්මාණය වන ආකාරය (Karma Creation)
04) කර්මය මගින් අන්තර් සම්බන්ධතා ගොඩ නැගෙන ආකාරය (Karmic Interconnections)
01) කර්මය වැඩ කරන රිද්මය (Karmic Pattern)
මෙතනදි යම් නියතයක් අපට ගන්න වෙනවා සාකච්ඡා කිරීම සඳහා. අපි දැනට උපකල්පනය කරමු ඔබ කියන කෙනා ගත්තොත්, ඔබ කියන ශක්ති ඒකකය (Energy එක) විශ්වයටම එකක් කියලා. ඒ කියන්නේ ඒක ආවේණික ස්වභාවයක් (Unique) කියන එක. හැබයි අපිට හොයන්න බෑ ඇත්තමට මේ Energy එක හා සමාන තව Energy තියනවද කියලා. ඒක අදාල නෑ මෙතනදි. මේ ආවේණික ස්වභාවය සහිත ශක්ති ඒකකය කර්ම බීජය ලෙස හඳුන්වන්න පුළුවන්.
ඊළඟට මේ කර්ම බීජය (Unique Karmic Entity) එක වටා තිබෙන පරිසරය ගත්තොත් තණ්හාවේ ස්වභාවය, සිතිවිලි ස්වභාවය, ස්වභාදහම, වටපිටාව, රට, භූමිය ආදී මේ සියල්ලම ඒකට අයිතියි. සරලව ගත්තොත් එහෙම මේ මහපොළව මත එක සත්වයෙක් හිට ගෙන ඉන්න තැන තව සත්වයකුට ඉන්න බැහැ. ඒකෙන්ම ඊලග මූල ස්වභාවයත් වෙනස් වෙලා යනවා. එතකොට කර්ම බීජයත්, පරිසරයත් යන දෙකම සුවිශේෂී ආවේණිකත්වයන් සහිතයි. ඔන්න ඔය කාරණා දෙක හේතු කොට ගෙන රටාවක් (Karmic Pattern එකක්) හට ගන්වා. ඒ Karmic Pattern එක පුද්ගලානුබද්ධයි. ඒ Pattern එක එයාට අයිතියි. Karmic Pattern එක එහෙම තමයි හට ගන්නේ.
ප්‍රශ්නය: මේ කර්ම බීජය විශ්වයේ මුලින්ම හට ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?
ස්වාමින් වහන්සේ: ඒක හට ගත්තේ කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඒක විශ්වයේ හට ගත්තේ කොහොමද කියලා හොයන්න බැ. මොකද ඒක හට ගත්ත තැන ඉඳලා තමයි තේරෙන්නේ. සිතිවිල්ලක් හට ගන්න මූලික අවස්ථාවට කලින් අවස්ථාව අපිට කියන්න බැහැනේ. සිතිවිල්ල හට ගන්න තැන සිට තමයි තේරෙන්නේ.
උදාහරණයක් විදිහට පෑන ගැන ගත්තොත්, පෑන ගැන හොයන්න පටන් ගත්තේ පෑන පහළ වීමෙන් පසුවනේ. පෑන පහළ වෙන්නේ නැතුව, ඒ ගැන සොයන්න සිතිවිල්ලක් පහල වෙන්නේ නැහැනේ. එතකොට කර්මය මූලය වෙන කොට ඒක හොයන්න සිතිවිල්ලක් පහළ වෙන්නේ නැහැ. චිත්ත විෂය පටන් ගන්නේ ඊට පස්සේ.
ඒකනේ මම කියන්නේ සක්වලෙන් එහාට යන්න බැහැ කියලා, සක්වල හට ගන්නා ක්ෂේත්‍රය (Field) එක මත තමයි, ඒ සක්වලේ ඉන්න සත්වයාත් සහ ද්‍රව්‍යයන් පහළ වෙන්නේ. ඒක නිසා ඒ Field එකෙන් තවත් Field එකක තියෙන සක්වලකට හෝ මේ සක්වලෙන් එහාට යන්න බෑ. මේ සක්වල තිබෙන Field එක මත ගොඩනැගුණු පදාර්ථයට පිහිටන්න බැරි තැනක් එහෙමත් නැත්නම් ඒ Field එක නැති තැනක් පහු කරන්න වෙනවා. එතනදි ඒ පදාර්ථය විසිරිලා යනවා. ආලෝකය පවා බිඳිලා යනවා. මේකෙන් එහාට යන්න ඕනා කියලා සිතිවිලි පහළ වුණාට එයින් එහාට යන්න ඕනා න්‍යායක් අහු වෙන්නේ නෑ. අහුවෙන්න නම් සක්වලින් එහාට තමන්ගේ චිත්තය පුලුල් කරන්න පුලුවන් සුවිශේෂී කෙනෙක් වෙන්න ඕනා. එහෙම නැත්නම් ඒක කරන්න බැහැ කියලයි මට තේරෙන විෂයය පථය තුල පෙනෙන්නේ.
ප්‍රශ්නය: කර්ම බීජය නියතයක් විදිහට පැටර්න් එක විස්තර කරන්න අර්ථකථනය කර ගත්තානේ. එතකොට වටපිටාව, පරිසරය කියන දේට චිත්ත, සංස්කාර, මමත්වය කියන දේවල් දාගත්තනේ. ඒ ටිකත් කර්ම විෂයය ඇතුලේම වෙනම පැත්තකින් ගොඩ නැගිලා එන ඒවාද?
ස්වාමින් වහන්සේ : නෑ. ඒක එහෙම ගන්න බෑ මෙතනදි. මොකද පැටර්න් එක හට ගන්න විදියනේ කතා කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කර්ම බීජය ගන්නවා. ඒක ගන්නේ නැතුව පැටර්න් එක හට ගන්න විදිහ කතා කරන්න බැහැනේ, ඊට පස්සේ වටපිටාව ගන්න වෙනවා. බෝංචි කරල ගැන කතාකරන්න ගන්න කොට බෝංචි ඇටේ කියන එක ගන්න වෙනවා. පරිසරයත් ගන්න ඕනා. ඊට පස්සේ තමයි බෝංචි කරල ගැන කතා කරන්නේ. බෝංචි ඇටේ නැත්නම් මොකද වෙන්නේ? ඕනම විෂයය පථයක් කතා කරන කොට රාමුවක් තිබෙන්න ඕනා.
කර්ම බීජය හා පරිසරය යන දෙක එකතු වෙලා, ඒවාට අනුගත වෙලා තමයි පැටර්න් එක හට ගන්නේ. කර්ම බීජය Energy එකක් විදියට තමයි ගන්නේ. ඒක මූලයක් විදියට තමයි සලකන්නේ. ඒකට අපි පැටර්න් එකක් කියලා කියන්නේ නැහැ. ඒ පැටර්න් එකට අනුව තව කර්ම බීජ හට ගන්නවා. එතකොට පරිසරයනුත් නිර්මාණය වෙනවා. එහෙම වෙලා පැටර්න් එක තුල ගමන් කරන ගමන්කාරීත්වයක් හට ගන්නවා.
ප්‍රශ්නය: තව කර්ම බීජ හට ගන්නවා කියන එක තේරුනේ නැහැ.
ස්වාමින් වහන්සේ : උදාහරණයක් ලෙස බෝංචි කරල් ගත්තහම ඒ තුල තව ඇට හටගන්නවා. ඒ පැටර්න් එක හට ගෙන නිකන් තියෙන්නේ නැහැ. ඒ පැටර්න් එක ගමන් කරන ගලනයක් (Flow එකකුත්) හට ගන්නවා. Energy වලින් පැටර්න් එක හට ගෙන, පැටර්න් එක තුල ගලනයකුත් හට ගන්නවා. ආරම්භය ගත්තාම පරිසරය, සිද්ධි ආදිය අනුව වෙනස් වෙවී, වෙනස් වෙවී යනවා. ඒක තුල තමයි සත්ව පුද්ගල ආත්ම ඒකරාශී වෙන්නේ. ඒක ආත්මයක් කියන්න බැහැ. ඒක ඒකේ ස්වාභාවයක්. අපි හිතමු කීපදෙනෙක් එකට එකතුවෙලා කතා කරමින් ඉන්නවා කියලා. දැන් එතනට අනුව ඒ අයගේ Flow එක වෙනස් වෙනවා. ඊට පස්සේ එතන තිබෙන දේවලුත් එක්ක Flow එක හැසිරීමට පටන් ගන්නවා. ප්‍රබල පැටර්න් එකක් තිබුනොත් තමයි වෙනස් වෙන්නේ නැත්තේ. එතකොට එයාගේ පැටර්න් එකට අදාලව ගලනය ප්‍රමුඛ වෙලා පවතිනවා.
ප්‍රශ්නය: එතකොට කර්මපථය වෙනස් කරනවා සහ කර්ම පථයෙන් කෙනෙක් ගලවනවා කියන එක කොහොමද මේක ඇතුලේ විස්තර කරන්නේ?
ස්වාමින් වහන්සේ : පැටර්න් (Karmic Pattern) එක තුල එයා ගමන් කරන එක තමයි මෙතනදි වෙනස් කරන්නේ. කෙනෙක්ගේ Karmic Pattern තිබෙනවානේ, ඒක තුල ගමන් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඉස්සෙල්ලා මම කියපු ගලනය (Flow එක) නෙවෙයි. මෙතනදි අදහස් කරන්නේ Karmic Pattern එක තුල ගමන් කරන්නේ එයාගේ Ego එක, “ මම” කියන එක. අර Flow එක හටගත්ත ස්වාභාවයක්. Flow එක මත “මමත්වය“ ගොඩනැගෙනවානේ. මමත්වය ගොඩනැගෙන්නේ අර Karmic Pattern එකත් එක්ක නෙවෙයි flow එකත් එක්ක. කර්ම පථය මත Ego එක ගමන් කරන එක, ඒක වෙන මානයක්. එතකොට ඒ ගලනය එහෙමත් නැත්නම් flow එක තුල මමත්වය Focus වෙලා තියනවා. මමත්වය මේ ගලනයත් එක්ක සම්බන්ධ වෙලා, ගලනය වෙනස් කරනවා. ඒ විදියට ගොඩනැගෙන සියලුම කර්ම පථ අකුසල කර්ම පථ. දානය පිළියෙල කරලා පූජා කිරීම තුළම කෙනෙක්ට ප්‍රබල කුසල කර්මපථයක් හදාගන්න පුළුවන්. මේ කුසල කර්මපථය බලවත් වෙනකොට අනිත් අකුසල කර්මපථවලින් ඉබේම ගැලවෙනවා. සිහියෙන් දානය පිළියෙල කරන නිසා තමන්ට තමන්ව පෙනෙනවා. මමත්වය ගොඩනැගෙන විදිය පෙනෙනවා. ඒ නිසා අලුතෙන් හැදෙන කර්ම පථය අකුසල කර්මපථයක් වෙන්නේ නෑ. එතකොට සිහිය කියන එක ප්‍රධාන වශයෙන් හැදෙන්න පටන් ගන්නේ මේ නව කුසල කර්මපථය තුළින්. අතරමගදී ඇතිවන තරහ සිත්, ලෝභ සිත් ආදිය සිහියට පෙනෙන නිසා ක්‍රමයෙන් ඒ වගේ අකුසලයන් හැදෙන එක මේ කර්මපථය ප්‍රබල වෙනකොට නැති වෙලා යනවා. දැන් සිහිය ක්‍රමයෙන් ප්‍රබල වෙලා අනිත් අවස්ථා වලදිත් මමත්වය පෙනෙන්න ගන්නවා. කාලයක් ඔය විදියට යනකොට දැන් එයාගේ කර්මපථය වෙනස් වෙලා. එය කුසල කර්ම පථයක් බවට පත්වෙලා. කර්ම පථය කියන්නේ මේ විදියට අවබෝධයෙන් වෙනස් කරගන්න පුළුවන් දෙයක්. අනවබෝධයෙන් සිටියොත් අකුසල කර්ම පථ තමයි හැදෙන්නේ. මේ කර්මපථ කියන්නේ වීදි වගේ ඒවා. කර්ම පථයයි අපි කතා කරපු ගලනයයි (Flow) කියන්නේ දෙකක්.
කර්ම පථයයෙන් ගැලෙව්වාම, කලින් flow එක තිබුනේ Ego එකත් එක්ක නම්, දැන් එයාගේ flow එක Ego එකට අනුව නොවෙයි යන්නේ. උදාහරණයක් විදියට ලෝක සත්වයා වෙනුවෙන් යමක් කරන්න. කරුණාව වැනි ගුණ වැඩෙනවා. Ego එක මත වෙනම හැදෙන flow එකෙන් එයාගේ Ego එක අයින් කරලා flow එක හදනවා වෙන පැත්තකට. එතකොට ඒක වෙනමම කර්ම පථයක්. වෙනම flow එකක් හැදෙන එකෙන් Ego එක නිකම්ම දියවෙලා යනවා. Ego එක හුදෙකලා වෙනවා. Ego එක නැතුව නෙවෙයි එහෙමම තියනවා. ගමනක් නැහැ. එයාට වැඩ කරන්න බැහැ. මමත්වය දැනෙනවා. මමත්වය පෝෂණය වෙන්නේ නැහැ. එතකොට මේකත් එක්ක එයාගේ ගමන වෙනස් වෙනකොට මමත්වය විටින් විට මතුවෙන තැන් හොදට පේනවා. ගුණ ප්‍රභල වන විට මමත්වය ක්‍රමානුකූලව දියවෙනවා. දියවෙලා ගියපුවම කර්ම පථයට මොකද වෙන්නේ කිව්වොත්, උදාහරණයක් ලෙස ඒ ගඟම තමයි වෙන පැත්තකට හරවලා තියෙන්නේ. එතකොට කලින් තිබුන එකට මොකද වුනේ කියලා ඇහුවහම කියන්න උත්තරයක් නෑ. ඒකම තමයි, හැබැයි ඒකමත් නොවෙයි.
උදාහරණයක් ලෙස මහවැලි ගඟ වෙන පැත්තකට හැරෙව්වානේ, එතකොට මහවැලි ගඟ ඒ ගඟම තමයි, හැබැයි ඒක වෙන පැත්තකට හැරෙව්වහම ඒ ගඟ නෙවෙයිනේ. ගඟේ ගමන වෙනස් වෙලා.
ප්‍රශ්නය: එතකොට කර්ම පථය වෙනස් කරනවා කියන එකෙන් බලපෑමක් කරන්නේ Karmic Pattern එකටද?
ස්වාමින් වහන්සේ : නෑ. Karmic Pattern එකට බලපෑමක් කරල වෙනස් කරන්න ලේසි නෑ. ඒක කර්ම බීජයත් එක්ක හට ගත්න තැනේදීම තියන එකනේ. ඒක වෙනස් කරන්න බැහැ. ඒක එයාට වෙනස් කරගන්න තේරෙන්නෙත් නෑ. මොකද ඒ එයාමනේ. එකේ flow එකත් එක්ක මමත්වයේ තිබෙන connection එක තමයි වෙනස් කරන්නේ. Ego එකට මොකුත් කරන්නේ නෑ. එතකොට ඒක නිකම්ම කාලයත් එක්ක දියවෙලා යනවා. කර්ම පථයෙන් ගලවනවා කියන්නේ ඒක තමයි. ඒක හැමෝටම කරන්න බෑ. ඒක වෙනස් කරන්න යම් ගුණයක්, සුදුසුකමක් එයාගේ තිබෙන්න ඕනා.
මෙතනදි එයාගේ flow එක හරවන්නේ එයාගේ end එක දැකලා, ඒක තමයි ඒකේ විශේෂතාවය. නිකන් හැරෙව්වාට වැඩක් නෑ. ඒ කියන්නේ මෙන්න මෙයා මේ තැනදී ඉවර වෙන්න ඕනා කියලා සර්වඥතා ඥානයෙන් දැකලා තමයි, එතනට ඒක හරවන්නේ. එහෙම හැරෙව්වාහම ඒක ඉවර වෙනවා. එතකොට මොකුත් කරන්න දෙයක් නෑ. පාරේ යන්න විතරයි තියෙන්නේ. ලෞකික ජීවිතයේ හරි අර end එකට ගියපු ගමන් ඵලය පූර්ණයි. මොකුත් කරන්න දෙයක් නෑ. ඇත්තටම බුද්ධත්වය කියන්නෙත් එහෙම එකක්. ඒකේ තියෙන්නේ බෝධිසත්ව මාර්ගයනේ. බුදු උනාට පස්සේ ඒක ඉවරයි. එහෙම වුනා කියලා බුදු වුනා කියන්නේ පිරිනිවන්පානවා කියන එක නොවෙයි. ආයෙත් උපදින්නේ නෑ කියන එක නොවෙයි. එයාගේ Karmic Pattern එක හදා ගෙන end එක Achieve කරපු ගමන් ඉවර වෙනවා. බෝධි චිත්තයෙන් වෙන්නේ ඒක තමයි. බොධි චිත්තයෙන් එයාගේ End එක හදනවා. මුලයි අගයි හදනවා. එතකොට එයාට ඒ මාර්ගයෙන් ගැලවෙන්න බෑ. සතර අපා දුක් මොකුත් නෑ. සර්වඥතා ඥානයෙන් දැකපු end එකේදී එයා ඉවර වෙනවා. බෝධි චිත්තයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. බුදුවරයාට මොකක් හරි හේතුවක් මත feel වෙන්න ඕනා. එහෙම feel වෙන්නේ කොහොමද කියලා නියත විදිහට කියන්න බෑ. ඒ feel වීම තුල අනිත් කෙනා ලඟ බුදුවරයා දනින් වැටෙනවා වගේ දෙයක් බුදුවරයා ඇතුලේ සිද්ධ වෙනවා. ඒ තුල තමයි බෝධි චිත්තය හට ගන්නේ. ”අනේ මේ මනුස්සයා මේ වගේ දෙයක් කලානේ” කියලා මොනවා හරි අර කෙනාගේ අවංක පාරිශුද්ධ දෙයක් ගැන බුදුවරයා අසරණ වෙනවා වගේ දෙයක් එතන වෙනවා. එතකොට ඒ සංසිද්ධිය තුළ අර අවංක පාරිශුද්ධ හේතුව ගොඩනැගුණු කෙනා තුල බෝධි චිත්තය හට ගන්නවා. එහෙම වෙන්න මොනවද කරන්න ඕනා කියලා ඇහුවොත් එහෙම එකක් නෑ. ඒකයි කියන්නේ බෝධි චිත්තයක් ලැබීම දුර්ලභයි කියලා.
ප්‍රශ්නය: එතකොට ඒ energy flow එක අන්තිමට zero වෙන තැන මධ්‍ය මණ්ඩලය කියලා ගන්න පුලුවන්ද?
ස්වාමින් වහන්සේ: ගොඩක් වෙලාවට නිවන් දකින මාර්ගයේදී හැමෝගෙම energy එකක් වැඩෙන්නේ නෑ. ඍද්ධිපාද වැඩෙන බුදුවරුන්ගේ විතරයි energy එකක් වැඩෙන්නේ. අනිත් අය energy වලින් ගැලවෙන එකයි කරන්නේ.
ඒ කියන්නේ විශ්වයේ පවතින energy එකක් විදියට තිබෙනවා. හැබැයි ඒක තමන් කියලා හිතාගෙන හිටපු කෙනා නැති වෙනවා. හරියට ගෙදර හදලා ඔක්කොම කරලා, ගෙදර දාලා යනවා.. ගෙදර එහෙමම තියනවා වගේ. නමුත් ගෙදර හිටපු කෙනා නෑ. ඒත් Energy එකක් විශේෂයෙන් වඩපු අයට පිරිනිවන්පාන්න මධ්‍ය මණ්ඩලය කියන කාරණාව අවශ්‍ය වෙනවා. ඒක අවබෝධයන් වැඩීමත් එක්ක සිදුවන කාරණාවක්. විදර්ශනාව, යථා භූත ඥානය වඩාගෙන යද්දී චිත්තයට සාපේක්ෂව energy වැඩෙන්න පුළුවන්. එහෙම energy වැඩුනොත් මධ්‍ය මණ්ඩලය කියන mechanism එක හරහා තමයි ඒ energy විනාශ වෙන්නේ. විදර්ශනාව හෝ ඥාන දර්ශනයන් වැඩෙන හැමෝටම එහෙම වෙන්නෙත් නෑ. ඍද්ධිපාද වැඩුනොත් විතරයි එහෙම වෙන්නේ.
ප්‍රශ්නය: කර්ම පථයේ ආපු කෙනා ඉවර වෙලා යද්දී Karmic Pattern එක Energy එකක් විදියට තිබෙනවාද?
ස්වාමින් වහන්සේ : ඔව්. Karmic pattern එක energy විදියට තිබෙනවා. විශ්වයේ අනන්ත අප්‍රමාණ ශක්තීන් තියනවා. අපි ඉපදෙන්න කලිනුත් ඒක විශ්වයේ තිබුණා. අපි ඒකට focus වුනු එක තමා වුනේ. අපි ඉපදෙන්න කලින් පොළව තිබුනා. හැබැයි අපි අපේ කියලා හිතපු එක තමයි වැරැද්ද වුනේ. අන්න ඒ වගේ එකක් තමයි.
ප්‍රශ්නය: මුලින්ම entity එක හට ගනිද්දී ඒකත් එක්ක pattern එකත් ඇති වුනා. එතකොට ඒ pattern එක විශ්වයේ අලුතෙන් හට ගත්ත එකක්ද?
ස්වාමින් වහන්සේ: නෑ. Entity එක තමයි තිබුණේ. තිබුණ විදිහට තමයි ගන්නේ. ඒක සමග පරිසරයේ කාරණා එකතූ වීමෙන් තමයි Pattern එක හටගන්නේ. Pattern එක මතට අපි එකතු වුනා. කෙනා නිරුද්ධ වුණාම pattern එක විශ්වයේ ස්වාභාවයත් එක්ක පවතිනවා. ඒක නැති කරන්න බෑ. ඒ නැති කරන්න බැරි එක ” මම” නොවෙයි. නමුත් බුදුවරු පසේබුදුවරු ඒක use කරනවා බුද්ධිය ඉහළට ගන්න. එතකොට බුදුවරයාට අවසානයේ ඒක විනාශ කරන්න සිද්ධ වෙනවා. Karmic Pattern, Unique Entity පවා use වෙනවා. මූලයට යනවා. මූලයන් කඩා ගෙන ඇතුලට යනවා. එතකොට එහෙම යන එක හරහා විෂයය පථය පරිහරණය කරන නිසා බුදුවරයාට ඒවා energy විදියට ගොඩනැගිලා තිබෙනවා. අවසානයේ බුදු වරයාට ඒවා විනාශ කරන්න සිද්ධ වෙනවා. පිරිනිවීම, මධ්‍ය මණ්ඩලය ආදී යාන්ත්‍රණයන් සහ ධර්මතාවයන් හරහා තමයි ඒක සිදුවන්නේ.
02 ) කර්මය ප්‍රතිඵලයක් ලෙස වැඩ කරන ආකාරය (Karmic Result)
Karmic Pattern එක තුල flow එකක් ගමන් කරනවානේ. එතකොට මේ Karmic Pattern එක හා flow එක තුල සංස්කාර, මමත්වය, උපාදාන, විඥාන මූලික කරගෙන වෙනම විෂයය මූලයක් ඔස්සේ හටගැනීමක් සිදුවෙනවා. එහෙම හට ගත්තම Karmic Pattern එකයි, ඒක තුල flow එකයි ස්වභාවය විදියට තමයි ගන්නේ. ඒක තමයි “සත්ව” කියන ස්වභාවය වශයෙන් හඳුන්වන්නේ. එහෙමත් නැත්නම් සත්වයාගේ ස්වභාවය.
අපේ ලේ ගමන් කරන එක, අපේ හෘද ස්පන්දනය වැඩ කරන එක, වකුගඩු වලින් කෙරෙන ක්‍රියාකාරිත්වය, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය, ඒවා සත්වයෙක් විදියට අපේ ස්වාභාවයන්. ඒවාගේම සත්වයෙක් විදිහට උපාදානය, මමත්වය, කෙලෙස් වැනිදේත් ස්වාභාවයන්. සත්වයා මූලිකව හට ගත්ත මේ Karmic Pattern එක සහ ඒ තුල ගමන් කරන flow එක සත්වයාට තේරෙන්නේ නැහැ එයා නිසාම හටගත් එකක් කියලා. ඒ තුළ එකක් අනික මත හටගන්න පටිච්චසමුප්පන්න ස්වභාවය සත්වයාට තේරෙන්නේ නෑ. මේ ගමන් කරන ක්‍රියාවලිය තුල ඒ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධ වුනාම ඒ system එකේ එක එක දේවල් අපට දැනෙනවා.
අපි දැන් හිතමු මේ වෙලාවේ හතර දෙනෙක් මුනගැහිලා කතා කරමින් ඉන්නවා කියලා. ඒ හතර දෙනාගේ කර්ම ස්වාභාවය ගොඩනැගිලා තිබෙන විදිය මේ මොහොතේ යම් සමානත්වයක් තිබෙනවා. ඒකයි ඒ විදියට හම්බ වුනේ. ඒ හමුවීම තුල යමක් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන දේ කුසල වෙන්න පුලුවන්, එහෙම නැත්නම් අකුසල වෙන්න පුලුවන්.
සත්වයා මේ ගමන තුල මුනගැසෙන්නේ මේ ක්‍රියාදාමයට අනුරූපවයි. මේක සත්වයාගේ ස්වාභාවයක්. හැම සත්වයෙක්ගේම මේක තිබෙනවා. මේ නිසා තමයි විපාකයට අවස්ථාව හැදෙන්නේ. විපාකය බවට පත්වෙන්නේ සත්වයා ඒ අවස්ථාව භාරගත්තම. සත්වයා මේ අවස්ථාවන් විවිධ විදියට භාර ගනිමින් භූක්ති විඳිමින් යනවා. ඒවා භූක්ති විදින ආකාරය අනුව විපාකය වෙනස් වෙනවා. හැබැයි යම් කිසි තැනකදි මෙයාට මේක ස්වාභාවය විදිහට හඳුනා ගන්න හැකි වුනොත් ප්‍රශ්නය ඉවරයි. සියලු දේ දැනෙනවා, හරියට බෝට්ටුවක් වතුරේ යනකොට ඉස්සෙනවා, පහත් වෙනවා වගේ. ඒක ස්වාභාවයක් විදිහට දැකගතහොත් ප්‍රශ්නයක් නෑ. ඇත්තටම විපාක කියලා දෙයක් නෑ. මමත්වයට සාපේක්ෂව තමයි විපාක තියෙන්නේ. මමත්වයට කැමති දෙයක් ලැබෙන විට හොඳ විපාකයක් කියලා ගන්නවා, මමත්වයට කැමති දෙයක් නොලැබෙන විට හෝ අකමැති දෙයක් ලැබෙන විට නරක විපාකයක් කියලා ගන්නවා. විපාකය හැදෙන්නේ එහෙමයි.
උදාහරණයක් විදිහට වතුර පාරක් ගලා ගන යන විදිය බලන්න. වතුර පාර මැද්දේ ගලක් තිබෙනවා. වතුර පාර මොකද කරන්නේ? ගල කඩන්න යන්නේ නැහැනේ. ගල තියෙද්දී ගලේ වැදිලා විසිවෙලා වෙනම යනවානේ. අපි ඒකට කියනවා වතුරේ ස්වාභාවය කියලා. ඒ වාගේම තමයි අපෙත් ස්වාභාවය. අපි හිතමු ඔබට කවුරුහරි ගැහුවා කියලා. එතකොට ඒක ඒ තුල ස්වාභාවය. හැබැයි ඒ ස්වභාවයට ගහනවාද, මරණවාද කියලා එහෙම දෙයක් නෑ. හැබැයි අන්න මට ගැහුවා, මට බැන්නා, මට නින්දා කලා කියලා එයා වෙනම විදියකට ගොනු කර ගන්නවා. එතනයි ඒ වෙනස තියෙන්නේ. විපාකය කියන සංකල්පය හැදෙන්නේ ඒ අනුවයි.
එක කර්ම බීජයක් හට ගත්තට පස්සේ ඒක හරහා තව තව දේවල් වගාවෙනවා. තව බීජ හටගන්නවා. ඒවාට නව පරිසරයන් ගොඩනැගෙනවා. මේ බීජ ස්වභාවයන් සැලකුවාම සත්වයෙකුට විපාක අවස්ථා උදාකර දියහැකි කර්ම බීජ ගණනාවක් තිබෙනවා. පරිසරයන් ගණනාවක් තිබෙනවා. ඔබ බස් රථයක යන විට, ඔබ පාර දිගේ පයින් ඇවිදගෙන යන විට, ඔබ ගෙදර වත්තේ යම් කාර්යයක් සිදුකරන විට ආදී වශයෙන් විවිධ අවස්ථා වලදී කර්මය ඊට අදාළව නිර්මාණය වෙනවා. විපාකයක් සඳහා අවස්ථාව නිර්මාණය වෙන්න තිබෙනවා නම් අදාල පරිසරය සැකසුණු වහාම ඒ අවස්ථාව නිර්මාණය වෙනවා. නමුත් ඔබ එවැනි පරිසරයකට නොගියොත් ඒ අවස්ථාව එතකන් නිර්මාණය වෙන්නේ නෑ. දහම තුළ ඉන්න කෙනෙකුට විපාක නිර්මාණය වන විදිය වෙනස් වන්නේ ඒ වගේ හේතු නිසා. ඒකට හොඳම උදාහරණයක් තමයි අංගුලිමාල පිළිබඳ කතාව. අංගුලිමාල කලින් මිනීමරුවෙක් වුණත් රහත් වෙලා පැවිදි වෙලා හිටපු නිසා ඒ විපාක අවස්ථාවන් බොහොමයක් වැළකුණා. සමහර විපාක අවස්ථා නිර්මාණය වුණත් රහත් වෙලා සිටිය නිසා ඒවා විපාකයන් විදිහට භාර ගැනීමත් වැළකුණා. රහත් උනාට පස්සේ බෝධිය දීමෙන් වෙන්නෙත් මේ වගේ දෙයක්. කුසල විපාක සඳහා හැකි තරම් අවස්ථා නිර්මාණය වීම ඒ හරහා සිදුවෙනවා.
ප්‍රශ්නය: එතකොට ස්වභාවය විදියට දැක්කොත් එහෙම කර්මයයි විපාකයයි කියන දෙකෙන්ම මිදෙනවාද?
ස්වාමින් වහන්සේ: බුදුකෙනෙක්ටත්, රහතන් වහන්සේටත් ඔය විදිහටම තිබෙනවා. හැබැයි උන්වහන්සේලා ඒවා විපාකයකන් විදියට ගන්නේ නෑ.
03 ) කර්මය නිර්මාණය කරන ආකාරය (Karma Creation)
Unique Entity එක හා පරිසරය සම්බන්ධ වීමෙන් Karmic Pattern එක හැදෙන එකත්, flow එක හටගන්නා ආකාරයත්, ඊට පස්සේ කර්මය ක්‍රියාත්මක වීම ඒ මත ගොඩනැගෙන සිදුවීම් සහ ධර්මතා මූලික කරගෙන සිදු වෙනවා කියන දේ අපි කතා කලා.
කර්මය Create කරනවා කියන්නේ මේ වගේ දෙයක්. කර්මය Create කරනවා කියන කාරණයේදි, ඍද්ධිපාද වඩන බුදු කෙනෙක්ගේ Energy සත්වයාට සාපේක්ෂව වැඩෙනවා. බුදු කෙනෙකුට පුලුවන් ඒක තුල ගමන් කරන්න. ගමන් කරන්න පුලුවන්කම නිසා බුදුවරයාට හැකියාව තිබෙනවා න්‍යායන් එකතු කරලා යම් කර්ම Create කරන්න. සරලව ගත්තොත් බුදුවරයාට පුලුවන් Entangle හදන්න. සර්වඥතා ඥානයෙන් ඒ දේවල් Plan කරලා කරන්න පුලුවන්. මේක හදන ධර්මතාවය වෙන්නේ කාලය. එතකොට කාලය කියන දේ Mix කරලා, ධර්මතාවයන් Mix කරලා ප්‍රතික්‍රියාව සිදුවෙන කාලය හදන්න පුලුවන්.
කර්මය Create කරනවා කියන එක අමුතු දෙයක්. උදාහරණයක් ලෙස ගල් 2 ක් තිබෙනවා, ගල් 2 තට්ටු කරපුවමනේ ගින්දර මතු වෙන්නේ. ගල් 2 ක් තිබුණා, ඇතුලේ ගින්දර හටගන්න යම් විභවයක් තිබුණා. හැබැයි ගල් තිබුණට, ගින්දර හටගන්න විභවය තිබුණට පත්තු කරන වැඩේ වෙන්නේ නැහැනේ. කර්මය create කරනවා කියන්නේ මේ පත්තු කරවන වැඩේ වගේ දෙයක්. තිබෙන කරුණු කාරණා හේතුඵල ගලපලා තමයි ඒක සිද්ධ වෙන්නේ.
කර්මය ක්‍රියාත්මක කරන එක විවිධාකාරයෙන් කරන්න පුලුවන්. එහෙම කරනවා, සාසනයේ උන්නතිය උදෙසා. ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත බෝධිසත්වරු හදන කොට ඒ කට්ටිය මේක කොච්චර දුරට අරගෙන යනවාද, කොච්චර දුරට පවතිනවාද කියන එක හදනවා. ඒකට entengle එක හදනවා. ඒක ඉතා ප්‍රභලයි.
අපි හැමෝගෙම කර්මය Create වෙනවා. කුසල කර්ම කියන්නේ තමන්ට කර්මය Create කරගන්න දීලා තියන අවස්ථාව. න්‍යායට අනුව කලොත් කුසලය සිදුවෙනවා. න්‍යායට පටහැනිව ක්‍රියා කලොත් අකුසලය ක්‍රියාත්මක වෙනවා. ඔය හැමෝම ඒ දේ කරනවා. හැබැයි ඒ mechanism එක ඔබට පේන්නේ නෑ. mechanism එක දැකලා හදල දීපු එක කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
එතකොට බුදුවරයාට ඒ energy තුල ගමන් කරන්න පුලුවන් නිසා, කර්මය කියන න්‍යාය හොදට පේනවා, ඒක හදන්නත් පුලුවන්. එහෙම ඒවා තියනවා. ඒක සාපේක්ෂ වැඩීම තුළ සිදුවන දෙයක්.
ප්‍රශ්නය: එතකොට Karma Creation කියන පැත්ත කතා කරන්නේ, සත්වයාව සසරින් ගැලවීම කියන සන්දර්භයට අදාලවද?
ස්වාමින් වහන්සේ : නෑ. එහෙම එකක් නෑ. ඇත්තමට සත්වයා සසරින් ගලවනවා කියලා එකක් නැහැ. සත්වයාගේ යහපත උදෙසා කිව්වොත් හරියටම හරි. එතකොට ”නිවන් දකිනවා “ කියන එකයි, “සසරින් ගලවනවා “ කියන එකයි ලාංකීය සමාජය තුලින් ආපු චචන. එහෙම එකක් ඇත්තටම නැහැ. මේ මොහොතේ මේක තේරුම් ගත්තොත් මේ මොහොතේ සසරින් එතෙර වෙන්න පුලුවන්. තමන්ගේ සංස්කාර පද්ධතියෙන් එතෙර වෙන්න පුළුවන්.
04 ) කර්මය මගින් අන්තර් සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය (Karmic Interconnections)
කර්මය ගැන අපි හතර දෙනා කතා කරනවා නම්, මේ ගැන කතා කරන්න අපි හතර දෙනා කර්මානුරුපව ගැට ගැසුනේ කොහොමද කියන එක වගෙ එකක් තමයි මෙතනදි අදහස් කරන්නේ. පුද්ගලානුබද්ධව සම්බන්ධ වෙලා කර්මය මගින් අන්තර් සම්බන්ධතා ගොඩ නැගෙන ආකාරය මෙහිදී මූලික වනවා. එතනදි Karmic Pattern එක හා කර්මය කියන දේ තුළ සත්වයා Connect වන ආකාරය කතා කරන්න ඕනා. බුද්ධ කියන්නෙ සියලු කර්ම වලින් මිදුණු ස්වාභාවයක් කියලා කියන්න පුලුවන්. බුද්ධ ඥන ස්වාභාවය කියන්නේ කර්මයෙන් ස්වාධීන අවස්ථාවක්. එතන සිට තමයි කර්මය දකින්නේ. නැත්නම් කර්මයේ හැසිරීම දකින්න බෑ. මම කර්මයක ඉදලා කර්මයක් ගැන කතා කරනකොට, මම ඒකට සාපේක්ෂව තමයි කතා කරන්නේ. ඒක පුද්ගලානුබද්ධයි. එතකොට මේ හැමතැනින්ම ගැලවිලා දකිද්දී තමයි කර්මය කියන දේ දැනෙන්නේ.
මුලින්ම Unique Entity එක පරිසරයත් එක්ක එකතු වීම තුල Karmic Pattern එක හටගන්නවා. ඒ Pattern එක ප්‍රබල වෙනවාත් එක්කම ඒකත් එක්ක Karmic flow එකකුත් හට ගන්නවා. දැන් අපි මේ කිව්වේ එක Entity එකක් මූලික කරගෙන ඇතිවන pattern එකක් සහ flow එක ගැන. මේක එක ලෝකයක්. මේ වාගේ ඒවා තව ගණනාවක් තියනවා. මේක තමයි සත්ව ලෝකය. සත්වයාගේ Matrix එක මේක තමයි. එතකොට මේක මත ගොඩනැගෙමින් යනකොට සිදුවන කාරණයක් තමයි, මේ Pattern එක වගේ වෙනකොට, එක වගේ ඒවා ගොඩක් වෙලාවට එකතු වෙමින් ගොඩනැගෙනවා. සමාන ඒවා ආකර්ෂණය වෙමින් ගොඩනැගෙන අතර විරුද්ධ ඒවා විකර්ෂණය වෙමින් ගොඩනැගෙනවා. මේකේ න්‍යාය තමයි මෙහෙම එකක් හට ගත්තට පස්සේ සමාන ඒවා සහ ප්‍රතිවිරුද්ධ ඒවා මගින් සිදුවන්නා වූ ප්‍රතික්‍රියා මගින් මේකෙ තව දුරටත් බලාත්මක වීම. මේකෙ තියන බලය වැඩි විමක් තමයි සිදුවන්නේ. ඒක තමයි මේකේ න්‍යාය.
මේ එක දෙයක් ගත්තම ඒකට සාපේක්ෂව සමාන ආකාරවලින් හා ප්‍රතිවිරුද්ධ ආකාරයන්ගෙන් වන ගොඩනැගීම් කොපමණ තියෙනවද කියලා ගණනය කරන්න බෑ. හැබැයි අපේ මානසිකත්වය දුර්වල නම් අවබෝධය, ප්‍රඥාව අඩු මට්ටමක තියනවා නම් අපි මේවා ප්‍රශ්න කර ගන්නවා. ඒවා විසදන්න දඟලනවා. ඒවා විසදන්න දැගලීම තුල අපි අඥානයෙක් බවට පත් වෙනවා. මේක ධර්මතාවය කියලා දන්නේ නැහැ. මේ ලෝක ධර්මතාවය කියන දේ විසඳන්න යන්න හොඳ නෑ.
උදාහරණයක් විදියට ගඟක් ගලා යන කොට ගලක් තියනවා නම්, වතුර ගලේ වැදිලා වෙනතැනකින් හැරිලා යනවානේ. හැබැයි ගලා යන ජලය ගිහිල්ලා ගල වෙනස් කරන්න දඟලනවා නම් ඒකත් එක්ක entengle වෙලානේ. පෑන ලියවෙන වෙන විදිහට තමයි ලියන්නේ, පුටුව තිබෙන විදියට තමයි වාඩිවෙන්නේ. ඇඳ තිබෙන විදිහට තමයි නිදාගන්නේ. අපි හැමවෙලේම තියන එකට අනුව තමයි පවතින්නේ.හැබැයි සමහර කාරණා තියනවා, අපිට ඕනා වෙනවා අපේ එකට සාපේක්ෂව ඒ දේවල් වෙනස් කරන්න. ඒ වෙනස් කරන කොට මේ Rhythm එකට සාපේක්ෂව ඔබේ ලෝකය විදියට ගොඩනැගිලා තිබෙන පද්ධතියේ ඒකට අදාළව ප්‍රතික්‍රියාවන් හට ගන්නවා. මේක ධර්මතාවයක්.
බුද්ධ ස්වභාවය (Buddha Nature) කියන්නේ මොකක්ද? මේ ලොකේ පවතින ආකාරයට, තිබෙන ආකාරයට ඒ තිබෙන ස්වභාවයන්ට තිබෙන්න හරිනවා. මේක ගිනිගන්නවා නම් ගිනිගන්න දෙනවා. මිනිස්සු ගහනවා නම් ගහන්න දෙනවා. වර්ණනා කරනවා නම් වර්ණනා කරන්න දෙනවා. කිසිම දෙයකට entengle වෙන්නේ නෑ. ඒ තමයි බුද්ධ ස්වාභාවය. ප්‍රඥාව කියන්නේ මෙතනදි ඒ හට ගන්නා ප්‍රතික්‍රියාවන් නිරෝධය කරන එක. බුද්ධ ස්වාභාවයේ ඉන්න කෙනෙකුට මොන දේ වුනත් අදාල නෑ. අදාළ කරගන්න හේතුවක් නිර්මාණය වුණොත් පමණයි විසඳන දිශාවට යන්නේ. නැත්නම් ගඟ ගලන දිශාවට ඔරුවේ නැගලා යනවා.
බුද්ධ ඥන කියන්නේ මේ සමස්ථයම දකිමින් යම්කිසි ආකාරයකට ඒවා හැසිරවීමට කටයුතු කිරීමයි.
සත්වයාට මේ ක්‍රියාවලිය තුළ බලපෑම් සිදුවන ආකාරයන් ගේ කිසිම නියත විදියක් නෑ. ඒ නිසා ධර්මතාවයන් තමයි කතා කරන්න පුලුවන් වෙන්නේ.
ඔබට මේ සියල්ල නිර්මාණය වන්නේ මානව ජීවියාට සාපේක්ෂවයි. මානව ජීවියා කියන පදනම මත තමයි ඔබට සියල්ල ගොඩනැගෙන්නේ. මානව ජීවියා කියන රාමුව අයින් වුනාම මේ කිසිම දෙයක් නෑ.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13