maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බුදුන් විනාශ කළ හැකිද

2024-08-31

Maithribodhi

දවසක් බමුණෝ වගයක් ඇවිල්ලා ගෞතම බුදු හාමුදුරුවන්ට තර්ජනය කරනවා,   

“ඔබ බමුණු දහමට විරුද්ධව කරන දේශනා නවත්වන්න. නැත්නම් අපි රාජ්‍ය  බලය පාවිච්චි කරලා ඔබව විනාශ කරලා දානවා” කියලා.  

එතකොට බුදුන් අහනවා කොච්චර කාලෙකට මාව විනාශ කරනවද කියලා.

“ඔබේ මේ ජීවිතය අපිට විනාශ කරලා දාන්න පුළුවන්, ආයිත් ජීවත් වෙන්න බැරිවෙන්නම” කියලා බමුණු උත්තර දෙනවා.  

“මගේ බලය ඔබට විනාශ කරන්න බෑ. මාව විනාශ කරන්න උත්සාහ කරන තාක් මගේ බලය වැඩිවෙනවා. ඔබ බෙරයත් එක්ක තරහා ගිහිල්ලා බෙරයට ගැහුවොත් මොකද වෙන්නේ?  බෙර  හඬ වැඩිවෙනවා. ඔබ කැමති දෙයක් කරන්න. 

ඔබ නිර්මාණය කරන බලයෙන් ඔබම විනාශ වෙලා යාවි.” කියලා බුදුන්  උත්තර දෙනවා. 

 

බමුණෝ ටික ගියාට පස්සේ, ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ඔබවහන්සේ ඔවුන්ව බය කළා නේද කියලා.

 

ගෞතම බුදු හාමුදුරුවෝ උත්තර දෙනවා,  

“ආනන්ද මම බොරුවක් නෙවෙයි පැවසුවේ,  ඔවුන් මා විනාශ කරන්න හිතන සිතිවිල්ලෙන් කල්ප ගානක් පුරාවට විනාශ වෙනවා.  ඉතින් මා කියන්නේ බොරුවක්ද?” 

“මා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටික භාවයෙන් මුදවන්න උත්සාහ කරන අතර ඔවුන් මාව විනාශ කරන්න උත්සාහ කරනවා. ඒ තුළ ඔවුන්ව නේද විනාශ වෙන්නේ?” කියලා.

 

බුදු කෙනෙක් ඉන්නවා කියන්නේ ආනන්තරිය කුසලයත් ආනන්තරිය අකුසලයත් සිදු වෙන්න අවස්ථාවන් දෙකම එක තැන තියෙනවා.  හරි විදිහට ගනුදෙනු කිරීම ආනන්තරිය කුසලයත්, වැරදි විදියට ගනුදෙනු කිරීම ආනන්තරිය අකුසලයත් වෙනවා.

තුණුරුවන් ජීවමාන වෙලා තියෙද්දී, ඒකත් එක්ක ගැටෙනවා කියන්නේ, ඔවුන් විනාශ වෙනවා කියන එකයි,  තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවෙනවා කියන්නේ ඔවුන් එතෙර වෙනවා කියන එකයි. 

එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද?  විමර්ශන බුද්ධියෙන් පුළුවන් තරම් ප්‍රශ්න අහලා ඔබේ සැක දුරු කරගන්න.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....